Tuesday 26 January 2016

කවුද විරයා???

රස්තියාදුකාරයා කොහොමත් ටිකක් වැඩියෙන් ලොක දේශපාලනයට හිතයි,එත් එච්චරම රස්තියාදුකාරයා දේශපාලනය ගැන කතා කරලා නැ,

                        කොහොම වුනත් මේ ලගදි දවසක රස්තියාදුකාරයාගේ අතිජාත අපාය සහය මිත්‍රයෙක් අමුතු ප්‍රශ්නයක් ඇහුවා ඉතින් රස්තියාදුකාරයාට හිතුනා මේ ගැන වචනයක් දෙකක් කතා කරන්න ඕනැ කියලා,මුලින්ම මේකා අහපු ප්‍රශ්නේ දාන්නම්,

"සිරිසේන වීරයෙක්ද බන්"ඔන්න ඔය ප්‍රශ්නේට ඌ උත්තර අහලා තිබුනා,රස්තියාදුකාරයාට අනුව නම් උත්තරෙ ඔව්,මුළු රටම බනින සිරිසේන රස්තියාදුකාරයාට විතරක් විරයෙක් වෙන්නේ කොහොමද??

       මෙහෙමයි මහින්ද මහත්තයා කියන්නේ මේ රටේ විශාලම ජන ආකර්ශනය ලබා ගත් ජන නායකයා කිව්වොත් එකේ තර්ක දෙකක් නැ,තිස් අවුරුදු යුද්ධය නිමා කිරිමත් සමග පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මිනිසුන් මහින්ද සමග එක් වුනා,එ වගෙම පාර්ලිමේන්තුව නියොජනය කල බහුතරය උපක්‍රමශිලිව තමාට නතු කර ගන්නත් මහින්ද සමත් වුනා,

යුද්ධයට පස්සේ එන මහමැතිවරණයේදි වගේම ජනාධිපතිවර්නයේදිත් විපක්ෂය දණින් වට්ටන්න මහින්දට පුළුවන් වෙන්නේ මෙන්න මේ ජන ආකර්ශනය නිසා,කාඩ් කුට්ටමේ ඉන්න තුරුම්පු ඔක්කොම තිබුනේ මහින්ද ගාව,ඇත්තේන්ම දෙදහස් පහලොව ජනාධිපතිවර්නය කියන්නේ මහින්දගේ ගේම් එකක් ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන මහින්ද පරදින ජනාධිපතිවර්නයකට යයි කියලා හිතන්න අමාරුයි,

     මහින්දට මේ ජනාධිපතිවර්නය මහා ලොකු කජ්ජක් වුනේ නැ මොකද විපක්ෂෙට ජනතා පදනමක් තිබුනෙත් නැ අඩුම ගානේ විපක්ෂෙ හෙළුඑ වහ ගන්න කතා කරන්න එකෙක් විපක්ෂෙන් හොයාගන්න බැරි වුනා,විරයෝ ඔක්කොම හිටියේ මහින්දගේ අල්ලේ,එත් රස්තියාදුකාරයා දන්න විදිහට වැඩි ආත්මවිශ්වාසයත් එච්චම ශරීරයට ගුණ නැ,මොකද මේ ලොකේ ගොඩක් විශිෂ්ඨ නායකයෝ ඉල්ලන් කැවේ මෙන්න මේ අධිවිශ්වාසේ නිසා,

          මොනවා වුනත් ජනාධිපතිවර්නේ ඔන්න මෙන්න කියලත් විපක්ෂෙට හරි අපේක්ෂකයෙක් හිටියෙත් නැ,
මහින්ද වගේම හැමොම හිතුවේ රනිල් මහින්දත් එක්ක ගේමට එයි කියලා,එත් එහෙම වුනා නම් රනිල්ට ඇපත් නැති වෙනවා,මොකද මහින්ද වගේ ජනතාව සමග හිටපු නායකයෙක් එක්ක බලනකොට රනිල් කියන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයෙක් එ වෙනකොට රනිල්-සජිත් භේදිමත් එක්ක රනිල් ප්‍රාදේශිය සභාවට ඉල්ලුවත් ගෙදර යන මට්ටමක ප්‍රතික්ෂේපිත ජනවරමක් රනිල්ට තිබුනේ,මහින්ද වගේම පිරිසත් හිතුවේ මු නම් මොකෙක්ද කියයි,

       එත් මහින්දට හොරා ඔහුගේම මන්දිරය තුලින් මේ වෙනකොට ගිනි පුපුරු මතු වෙමින් තිබුනේ,කවුරු මොනවා කිව්වත් චන්ද්‍රිකා කියන්නේ යකඩ ගැහැනියක් එ ගැන කතා දෙකක් බලයට ආපු UNPයට හොම්බෙන් යන්න ගහන්න තරම් නිර්භත වුන චන්ද්‍රිකාව මහින්ද බලයට ආපු මුල් කාලේම මේ තරගයෙන් ඉවත් කලා,මේ නිසා චන්ද්‍රිකා ගැන බියකුත් මහින්දට තිබුනේ නැ,

             රස්තියාදුකාරයා දන්න විදිහට ගොඩක් විශේෂ දේවල් සිද්ද වෙන්නේ ඇතුලතින්මයි,ලංකාවේ අවසන් රජතුමා වෙච්ච ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමාටත් මුල් කාලයේ ඉතාමත් ඉහල ජනප්‍රසදයක් තිබුනා,නමුත් ලිඛිත ඉතිහාසයටත් කොලේ වහලා රාසිං රජතුමාව ද්‍රොහියෙක් කරන්න ඇහැලේපොල,මෙන්න මේ වගේ හැම විප්ලවයක් පිටුපසම මේ  වගේ විප්ලවකාරයො හොයාගන්න පුළුවන්,

               කොහොම නමුත් අන්තිමට පොදු අපේක්ෂකයා වශයෙන් කරලියට එන්නේ,මහින්දගේ දකුණු අත වෙච්චි සිරිසේන,එ විතරක් නම් කමක් නැ මෙත් එක්ක සන්ධානේ බහුතරයක් මේ පොදු අපේක්ෂක පිළේ අසුන් ගන්නවා,තමාත් සමග එක ආප්පේ බෙදාගෙන කාපු මනුස්සයා මෙහෙම කරයි කියලා මහින්ද හිනෙකින්වත් හිතුවේ නැතුවේ ඇති,තමන්ගේ හොදම යාළුවාගේ ද්‍රොහි විම ගැන තිබුන කනස්සල්ල තමා ගොඩාක් දුරට මහින්දගේ වේදිකාවෙන් ඇහුනේ,

           මේ අස්සේම බන්කොලොත් UNP එකෙන් අළුත් තරු බිහි වෙන්න ගත්තා,රන්ජන්,හරින්,බුද්දික වගේ කට කාරයොත් එක්ක UNP එක අළු ගසලා දාල නැගිට්ටා,තමන්ගේ පරාජය ස්ථිර බව දැන ගත්ත මහින්ද ප්‍රතිඵල වලටත් කලින මන්දිරයෙන් ගියා,

         කොහොම වුනත් සිරිසේන UNPයේ කර පිටින් ගිහින් රජ වුනා විතරක් නෙමේයි මන්ත්‍රිවරු දෙතුන්දෙනෙක් අල්ලගෙන තමන්ගේ පක්ෂ බලයත් අල්ල ගත්තා,එ විතරක් නෙමේයි මුළු රටම මහින්ද කියද්දි නැ මං මහින්ද දිනුවත් අගමැති කම දෙන්නේ නැ කියන්න තරම් නිර්භිත වුනා,එ විතරක් නෙමෙයි හැමොම අට පාස් ග්‍රාමසේවක කියද්දි ඔබාමත් එක්ක සම අසුන් ගන්න සමත් වුනා,තව මහින්ද සමග නැගිටපු පක්ෂෙ පරදිද්දි රනිල්ට කොකා පෙන්නලා UNP එකට නියොජ්‍ය ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් ටික පෙන්නලා තමන්ගේ පක්ෂෙට ඇමතිකම් ටික ගන්න තරම් සිරිසේන කපටි වෙනවා,මේ ලොකේ පළමු වරට පැරදුනු පක්ෂයක් රට පාලනය කරන්නේ ලංකාවේ වෙන්න ඇති,

       මේ හැම දෙයක්ම එක්ක බලනකොට රස්තියාදුකාරයාට සිරිසේන මහත්තයා විරයේක් වෙනවා,ඒ වගේම බලයට පත් වෙච්ච මුල් අවුරුදු දෙක ලොකේ හැම ජනාධිපතිටම තමන්ගේ පාලන බලය ස්ථාවර කර ගන්න එක ලොකු අභියොගයක් වුනා,එක ඔබාමට වගේම සිරිසේනටත් එකයි,       මොනවා වුනත් තවදුරටත් පඹයෙක්ට අදිනවාද නැත්තන් විරයෙක් වෙනවාද කියලා සිරිසේන මහත්තයාගේ තිරණයක්,හැබයි තාම ජනතාව අවදියෙන්!!

        අඩව්ව බy රස්තියාදුකාරයා

Sunday 24 January 2016

හින වල් වැදි ඇත

රස්තියාදුකාරයාගේ අතිජාත පාප ම්ත්‍රයේක් මේ ලගදි දවසක මුහුණුපොත හරහා ටිකක් අමුතු ප්‍රශ්නයක් ඇහුවා,එක ඇත්තටම මෙලො රහක් නැති ප්‍රශ්නයක් නිසා රස්තියාදුකාරයාත් මුලදි ප්‍රශ්නේ මග ඇරියා,පස්සේ මේ යකාගේ බලවත් ඉල්ලිම පරිදි ඌට උත්තරයක් දෙන්න හිතුවා,එතකොට තමා රස්තියාදුකාරයාටත් හිතුනේ මුලින් මේ ප්‍රශ්නේ මග ඇරියේ ඇයි කියලා ඇත්තටම රස්තියාදුකාරයාට මේ ප්‍රශ්නේට දෙන්න උත්තරයක් තිබුනේ නැ,ඉතිං මේ රස්තියාදුකාරයාට හිතුනා මේ ප්‍රශ්නේ ජනගත කරන්නට ඔනා කියලා,

මාතෘකාව එච්චර අමාරු නැ"හින",රස්තියාදුකාරයා දන්න විදිහට නම් හැමොටම හින තියෙනවා එක උඹලාට මට කියලා වෙනසක් නැ හින නැති ජිවිතයක් ජිවියෙක් මේ ලොකේ හොයන්න අමාරුයි,එත් ප්‍රශ්නේ තියෙන්නේ මේ හින වලංගු වෙන්නේ හින වලට විතරමද කියන එක මත,

මේ සමාජේ ඇතුලේ මිනිස්සු බිහිවෙන්නේ එච්චරම ප්‍රායොගික ක්‍රමයකට නෙමෙයි,මෙක බොහො දුරට දකුණු අසියානු ආර්ථිකේත් එක්ක ගොඩ නැගුනු හිනමානයක්,මේ ලගදි ඕමාගේ ලිපියකට රස්තියාදුකාරයා ගොඩ වුන එතකොට අහු වුන දෙයක් තමා මේ ලොකේ ගොඩාක් රටවල් සමාජ බෙදිමකින් තොරව සැම වෘත්තීකයෙක්ටම එක සමාන සමාජ පිළිගැනීමක් ලබා දිලා තියෙනවා,එත් අපි හෙන රැඩිකල් නිසා අපි නම් ඔය පොඩි පොඩි රස්සවල් කරන එවුන් එච්චර ගණන් ගන්නේ නැතිලු ඕං,,

මාතෘකාව හීන නිසා අර්ථිකට විශ්ලේෂණයකට රස්තියාදුකාරයා සුදානම් නැ,නමුත් අපේ හින ගොඩ නැගෙන්නේ සමාජ ආර්ථික සාධක මත,අපි දක්ෂ මොකටද අපේ හිනේ මොකද්ද කියන එක මේ සමාජය බිංදුවකට ගණන් ගන්නේ නැ,මේ සමාජේ ගොඩ නැගෙන්නේ ආර්ථිකය මත නැතුව හින මත නෙමේයි,කුලි වැඩ කරන එකාගේ පුතා කුලි වැඩම කල යුතුයි,ජනාධිපතිගේ පුතා ජනාධිපතිම විය යුතුයි,මේ ස්ථරය මොකෙක් හරි බින්දොත් මුලින්ම ඌට විරුද්ධව ඇගිල්ල දික් කරන්නේත් අර ඌ නියෝජනය කරපු නිර්ධන පංතියේ එවුන්,

මිට අවුරුදු ගාණකට කලින් පාරෙ ලැවරියා විකුණපු දුප්පත් කොල්ලෙක් ලංකාවේ ජනාධිපති වුනා,මේ ජනාධිපතිට මුලින්ම ඇගිල්ල දික් කලේ ඌ නියොජනය කරපු නිර්ධන පංතියේ එවුන්,එ වගේම හෙන රැඩිකල් පක්ෂ ගොඩක් මේ ජනාධිපතිට කිසිම සහයොගයක් දුන්නේ නැ කරපු එකම දේ තමා උගේම පංතියේ මිනිස්සු දම්මලා ඌව විනාශ කරපු එක,අවසානයේ මේ ජනාධිපති අවසන් ගමන් යනකොට හද්දාපිටිසර ගම් වල මිනිස්සු සතුට පල කලේ රතිඤ්ඤා ගහලා,එ වගේම ලගදි ජනාධිපති වුන සිරිසේන මහත්තයටත් මුලින්ම ඇගිල්ල දික් කලේ නිර්ධන පංතියේ එවුන්,අට පාස් ග්‍රාමසේවක,ඕකට ඉංග්‍රීසි බැ බං කියලා මුලින්ම කැ ගැහුවේ කොළඹ හතේ එවුන් නෙමේයි හද්දා පිටිසර ගම් වල එවුන්,

මෙන්න මේ සමාජ ප්‍රතිබිම්බය නිසා තමයි අපේ ගොඩක් එවුන්ට තමන්ගේ හින අමතක වෙන්නේ,maths කරපු එවුන් බැංකු වල රස්සා පෝලිමේ වල රකින්නේ මේ මේන්න මේ සමාජ ස්ථරය නිසා,කරුමෙකටවත් Art කලොත් ඌට සොරිම තමා,පුළුවන් නම් කරපල්ලා maths හරි commerce හරි එක තමා ගොඩ යන්න හරි පාර,

එතකොට හින හීන තියාගෙන මැරෙන්නද යකො,ඔන්න shape එකේ සිංදුවක් කියා ගන්න පුළුවන් නම් ඔය මොකක් හරි මගුලකට ගිහින් තරුවක් වෙන්න පුළුවන්,මොකක් චිත්‍ර ඇදලා වැඩක් නැ බං කියපන් සිංදු ඒක තමයි පාර,

වෙන රටවල් වලදි අපේ හැකියාවන්ට නිසි ඇගයිමක් ලැබේනවා,එත් මේ ලංකාව මේ අගයන්නේ දක්ෂතා නෙමේයි සල්ලි එව්වා තියේ නම් අරවත් තියේ,

         මේ සමාජේ ජිවත් වෙන මිනිස්සු ගොඩක් විදවනවා මේ ආර්ථික ස්ථරය නිසා සමාජය මුළුමනින්ම ආර්ථිකයේන් බැදිලා තියේන අපේ හින වලට මේහේ ඉඩ නැ,එක නිසා කියන්නේ එක්කො උඹලාගේ හින වෙනස් කර ගනින් නැත්තන් උඹලා වෙනස් වෙයන්,මොකද මේ රටේ හීන හරි ලාභයි සහොදරයා,මොකද අපේ හින වටේ තවත් හින ගොඩක් එතිලා තියේනවා එක නිසා සමාජ ස්ථරය බිදින්න හිතනවා නම් ටිකක් අමාරුයි එත් බැරි නැ,මතක තියාගනින් මේ ලොකේ ගොඩක් මිනිස්සු අතරේ විශේෂ මිනිස්සු බිහි වෙන්නේ සමාජ ඝට්ටන තුලින්,

"හිනයක් සොයමි"
හින වල් වැදි ඇත,
"එහෙනම් නැවති හොයපිය හින"

Saturday 23 January 2016

සිල්පර ජිවිත

මේ සිහින යාමේ
දැවටි හොයන සුසුමේ,
තනිවි අතරමං වී,
සිඹිනා උණුහුමයි මේ,

ඉගිබිගි පාන දෙතොල් ගි
පහසින්,
හදවත් නුරා ඇවිලේනා,
ජිවිතේ නොසිදි ආශා වැල් සිතේන්,
ඇගේ වත මහට බර වුනා,

පැතුම් ගණිනා තොටුපලේදි,
හමුවු රුවැති ලදුනේ,
කෙලෙස මා යදින්නේ ජිවිතේ,

එළියක් සමග හදවත පුරා,
යන,
බියකින් සුසුම් වෙව්ලනා,
ඉවසුම් නොමැති,
දාහය විසිරී යන විදුලිය
ලොවෙන් සැගවේනා,

රහසේ නැගේන ආශා,
සොබර ලැමෙහි සගවා,
ඔබේන් මා යදින්නේ..... ආදරේ,

පැයකින් පැයට ආදරේ උරා දුන්,
සලෙල් සිත ඇට වත්තම් වේනා,
නිහඩව වත පුරා රැදුනු කදුලැල්,
සිල්පර සමග හිනහෙනා,

              බy රස්තියාදුකාරයා

Thursday 21 January 2016

අල්තනායි අයිලය තාම දුරයි

අල්තනායිගේ හිතේ මුලින්ම ආදරේ සිත්තම් වෙන්නේ තමන්ට අකුරක හැඩය කියා දුන් තමන්ගේ ගුරුවරයා නමින්,
    නොරිකොගේ හිත හොයන්නේ දෙලොවක ජිවත් වෙන දෙවෙන්දරාව,
               රස්තියාදුකාරයාට මේ වගේ කතා එක්ක අද හිතුනා ටිකක් වෙනස් කතාවක් කියන්න,ඇත්තටම රස්තියාදුකාරයාට හිතුනා තව මොහොතක් ජිවත් වෙන්න,

      If I Stay......
අපි ජිවිතේ කොච්චර නම් ජිවත් වෙලා තියෙනවද ජිවිතේ කොච්චර විදලා තියෙනව අපි ජිවත් වෙනවා කියලා අපිට දැනෙනවාද,රස්තියාදුකාරයාට හිතේනවා තව මොහොතක් ජිවත් වෙන්න,ආදරේ කරන තුරුලකට වෙලා එක මොහොතක් හුස්ම ගන්න If I Stay,

         If I Stay කියන්නේ රස්තියාදුකාරයාගේ අතට අහම්බෙන් අහු වුන චිත්‍රපටයක්,මුලු චිත්‍රපටය පුරාම විහිදි යන්නේ අනතුරකින් කොමා තත්වයට පත් වෙච්ච තරුණියකගේ සැරිසරන ආත්මය ගැන කතාවක්,ඇයගේ සැරිසරන ආත්මය තමන් ආදරය කරන පිරිස් වෙනුවෙන් ජිවිතයක් අයදින ආකාරය ඉතාම සංවේදි,

          රස්තියාදුකාරයාට අන්තිමට හිතුනා If I Stay..ඇත්තටම රස්තියාදුකාරයාට නවතින්න ඔනා වුනා කෙනෙක්ගේ හදවතේ,අම්මගේ තුරුලේ,තාත්තාගේ දෙපා මුල,රස්තියාදුකාරයාට කියන්න හිතෙනවා ආදරය,If I Stay,,

         අපි හැමොටම ජිවිතෙ විවිධ අවස්ථා අහු වෙලා තියෙනවා අපිව ජිවත් කරවන්නේ මේවා,එත් ඇත්තටම සමහර වෙලාවල් වලට අපිට තව මොහොතක් ඉන්න තිබුනා නම් කියලා හිතෙන්නේ නැද්ද?

               එදා අල්තනායිට එ මොහොත දැනුනානම් කියන්න තිබුනා දුශෙයින්ට ජිවිතය සිත්තම් කරන්න තිබුනා ජිවිතය අතින් අල්ලන් සිනාසෙන පොප්ලර් ගස් දෙක මත,

            නොරිකොට එක මොහොතකට දැනුනාම් දෙවෙන්දරාගේ ආදරය,අයිත් අතින් අල්ලන් ජපානයේ මං මාවත් පුරවන්න තිබුනා ආදරෙන්,

         හිතෙන්නේ නැද්ද තව එක මොහොතක් ජිවත් වෙන්න,අයදින්න තවත් එක මොහොතක් ජිවිතෙන් If I Stay,

        යන්න දුන්න අය ගිය අය වෙනුවෙන් අයදින්න තව එක මොහොතක් ජිවිතේන්,අත් හැරපු ජිවිත වෙනුවෙන් අයදින්න ජිවිතයක් අයදින්න තව මොහොතක්,If I Stay.....

        රස්තියාදුකාරයාට තව මොහොතක ජිවිතයක් අයදිනවා අල්තනායි හද රිදවපු පොප්ලර් ගස් දෙක වෙනුවේන්,
      රස්තියාදුකාරයා අයදිනව ජිවිතයක් නොරිකොගේ සුසුම් වෙනුවෙන්,

If I Stay,,,, අයදිනවා තව ජිවිතයක් උඹේ හුස්ම වෙනුවේන,අපේ ජිවිතේ වෙනුවේන,If I Stay

           බy රස්තියාදුකාරයා

අපි පොශ් යකෝ

අපි ඉතිං හෙන පොශ්ලු ඕං,
සක්කුවේ සතේ නැතත් කන්නේ pizzaලු ඉතිං,
කෙල්ලෙක්ව එක්කන් සයිවර් කඩේකට කොහොම යන්නද බං,
මං ඊයේ dinner ගත්තේ හිල්ටන් එකෙන් මෙයා,
මට නම් පොඩි කඩවල් වලින් කන්නම බැ ඩාලින්,
මේ අපි අද food city යනවා අනේ,
පුතා daddyට call කරලා කියන්න අද අපි MC යනවා කියලා,
වෙලාවට hot water තියෙන නිසා රැ නා ගත්තා අනේ,

රස්තියාදුකාරයාට මේ සමාජෙ අත පත ගානකොට අහු වෙච්ච දෙයක් තමයි අපි අනිත් රටවල් වලට සාපේක්ෂව හෙන පොශ් බ්‍රො,එත් කරුමේ කියන්නේ සුද්දන්ගේ සාමාන්‍ය ජිවිතේ අපිට හෙන මැජික් එකක් විම,

   ඔය ලොකුවට රැඩිකල් ටොක් දෙන බුවාලා ගොඩක් රැඩිකල් වෙලා තියෙන්නේ මෙන්න මේ මැජික් එක නිසා,නැත්තන් ඌනුත් ආසයි පොශ් වෙන්න එත් එ මාර සංකිරණ කේස් එකක්,ඊට වඩා පොඩි මාල කැල්ලක් එල්ලගෙන චුට්ටක් කොන්ඩේ වවා ගන්න එක ලේසිලුනේ එහෙම වුනාම අරුන් පොශ් මුන් පුස්,

            බඩගින්නට තේ කහට උගුරක් බොන්න පෙරුම් පුරන මිනිස්සු ඉන්න රටක,රුපියල් දාහක් දිලා අප්පයක් කන මිනිස්සු ඉන්න රටක් බං මේක,අපේ ගොඩක් එවුන්ට ඔනා නමට හරි පොශ් වෙන්න,හතර වටෙට ණය වෙලා හරි pizza කන්න,එහෙම වුනාම පොශ් වෙනවලු ඉතිං,අපිට apple ගන්න සල්ලි නැ බ්‍රො,එත් shape එකේ apple කොරියන් කට්ටක් ගන්න පුළුවන් ඕං,කොරියා වුනාට මොකෝ බං apple නේ,

   සුද්දන්ට එදා ලංකාව අල්ලන එක ලොකු case එකක් නොවෙන්න ඇත්තේ මෙන්න මේ හේතුව නිසා වෙන්න ඇති,මොකද අපේ රටට එන ඔනම කුණු කන්දක් ඉතාමත් ආදරයෙන් ගෞරවයේන් පිළිගන්න අපි මාර interest මොකද අපි මාර පොශ්නේ,

මුලින්ම විජය ආවා පොර මාර පොශ් වෙන්න ඇති මොකක්ද ඉන්දියාවේ ගැණු පරිස්සම් කර ගන්න බැ කියලලුනේ ඉන්දියාවේනුත් පිටුවහල් කලේ,කොහොමහරි විජය ලංකාවට ආවා,කුවේණි විජයව පිළිඅරන් රටේ රජ කමත් අරන් දුන්නා,ඊටත් පස්සේ සුද්දො ලංකාවට ආවා,ඌන්ගේ අතේ තිබුන අරක්කු බොතලයට කැදර වෙලා,ලංකාවේ එවුන්ම ඌන්ට රට ලියලා දුන්නා,

සුද්දන්ගේ සංස්කෘතිය අපිට කොච්චර බලපෑම් කරාද කියනවා නම් අපිට තාමත් ඕනා සුද්දො වෙන්න,අන්න එ හේතුව උඩ තමයි අපිට සයිවර් කඩෙන් කන වඩේ එකට වඩා pizza හෙන පොශ් කැමක් වෙන්නේ,හැමොම pizza කද්දි selfi ගැහුවය මසල වඩේ එකක් කද්දි selfi ගහන්නේ නැ,එහෙම ගැහුවොත් අපිත් චාටර්ලු,

පොළෙ යන්න බැ බං පොළේ එලවලු රහ නැ බං,අපි යමු food city එකේ හැමදේම අළුත් පොළේ වගේද?මං නම් ඇදුම් ගන්නේ Mc එකෙන් විතරයි,ඔය පෙමන්ට් එකේ තියෙන ඇදුම් හරි නැ,එ තාම ඔයාට credit card එකක් නැද්ද?සල්ලි අතේ තියාගෙන ඉන්න බැ ඔයත් card එකක් ගන්න,,මොකටද ජිවිතේ අමාරු කර ගන්නේ නේද?

       ඔන්න ඔකයි අද රටේ තත්වේ අපිට අපි අකමැත්තෙන් හරි මේ තත්වෙට හැඩ ගැහෙන්නම වෙනවා,එහෙම හැඩ ගැහුනේ නැත්තන් සමාජෙ එවුන් හිතන්නේ අපි හෙන ගොඩයො කියලා,හැන්දෙන් ගැරප්පුවෙන් කන්නම වෙනවා මොකො අතින් කැවොත් පල් වෙන්න වෙනවානේ,

           අපි මුල ඉදන්ම සුද්දාව අල්ල ගත්තේ වැරදි තැනින් අපිට උන්ගේ උත්සහය කැපවිම අහු වුනේම නැ,අපිට අහු වුනේ උන්ගේ කැමබිම ඇදුම් අරවා මේවා කුණු ගොඩවල් ටික,උන්ගේ කුණු ගොඩවල් ටික අපිට හෙම මැජික් එකක්,එ case එක නිසා රටට ලොකේට පෙන්න අපි පොශ් වෙන්න දගලනවා එක කර ගන්න බැරි එවුන් රැඩිකල් වෙනවා,

    කියන්න ගොඩක් දේවල් නැ අපි ඔක්කොම පොශ් වෙන්න ගිහින් ඇන්දිලා ඉන්නේ එකට උඹත් මාත් හැමොම අයිති,හැබයි හොදට මතක තියාගනින් උඹ pizza කන කඩේ එහා පැත්තේ මුඩුක්කුවේ කොල්ලො කෙල්ලෝන්ට මසල වඩයක් කන එකත් ලොකු හිනයක්,

බy රස්තියාදුකාරයා

Wednesday 13 January 2016

ෂ්.......ෂ්..... ඔවා කුනුහරප

රස්තියාදුකාරයාට අද හිතුන හෙන පරණ මාතෘකාවක් ගැන අළුතෙන් වංහුං ටිකක් හොයන්න ඔනා කියලා,topic එක ගැන කියනවා නම් මේක එකදාස් නමසිය බර ගණන් වල ඉදලා පට්ට ගහපු හෙන ලාතරස් case එකක්,එත් මේක තව අවුරුදු සියකින් කතා කලත් ලංකාවට පොඩි අළුත් ගතියක් වෙයි කියලාත් රස්තියාදුකාරයාට හිතේනවා,

         වැඩි වැල්වටාරම් නැතුව කෙලින්ම මාතෘකාවට බහින්නම් සකල ලොක වාසි හිතවතුනි අද අපේ මාතෘකාව වෙන්නේ අර google එකෙන් අපිට හැමදාම කප් එක දෙන්නේ අන්න එක ලෙසටම තේරුනා නේද?ඔව් එ හරපේම තමා,"Sex"ඔන්න පොඩ්ඩක් ලැජ්ජා හිතුනා නේද?කමක් නැ ආපු ලැජ්ජාව පොඩ්ඩක් පැත්තකින් තියලා තව ටිකක් කියවලා බලමුකෝ,

රස්තියාදුකාරයා අට වසරේ වගේ ඉන්නකොට තමා ඔය හරපේ ගැන ටිකක් පුළුල්ව හිතන්න අහු වුනේ,වෙන මුකුත් නිසා නම් නෙමේයි,අපිට අට වසරෙන් හම්බවුන සෞඛ්‍ය අච්චු පොතේ ඔය මගුල ගැන හෙන පතරංග හැල්ලක් දාලා තිබුනා,ඉතින් පන්තියේ අනිත් එව්වො ටිකත් අල්ලගෙන රස්තියාදුකාරයාත් ඔය පිටු අතර තිබුන වචනයක් දෙකක් උස්සගෙන අහල පහල එව්න්ට විහිළු කරපු එක තමා ඕකෙන් වුන එකම වැඩේ,එතකොට පන්තියේ හිටපු සුවච කිකරු ශිෂ්‍යාවො ටික නම් නිකමටවත් සෞඛ්‍ය පොත අතට ගත්තේ නැ,සමහර එව්න් නම් පොත ටිකක් පෙරළලා චි... කියලා පොත දාඩොන් ගලා වහනවා,ලෙසි දෙයක්ද යකො මේ කුනුහරප පොත් වලට දානවද මං අහන්නේ,

      කොහොමෙන් කොහොම හරි ඔන්න අට වෙනි පාඩම ඉවර වෙලා නම වෙනි පාඩමටත් ආවා,කොල්ලො වගෙම කෙල්ලොත් හරි කුතුහලයෙන් හිටියේ මේ ගැන,සෞඛ්‍ය උගන්නපු තරුණ මිස් කට කොනකට හිනාවක් දා ගෙන"ළමායි අද අපිට තියෙන්නේ දහ වෙනි පාඩම ක්‍රිඩා"මොකක් කෝ යකෝ එතකොට ප්‍රජනන පාඩම,
කියලා මිස්ගෙන් අහන්න තරම් ශක්තියක් පන්තියේ අනිත් ළමයින්ට වගේම රස්තියාදුකාරයාටත් තිබුනේ නැ,ඒ case එකෙන් පස්සේ රස්තියාදුකාරයාට හැම වෙලාවෙම හිතුනේ ප්‍රජනනය කියන්නේ හෙන බරපතල කුනුහරපයක් කියලාමයි,මේක එදා තිබුන හැම පාසලකටම පොදු සාමාන්‍ය සිද්දියක් වුනා,එත් එ කාලෙන් වසර ගණනාවකට පස්සේ තාක්ෂණය මෙච්චර දියුණු යුගයකදිත් මේ පාඩම පෙළ පොතෙන් මග අැරෙනවා කියන්නේ සුළුවට හිතන්න පුළුවන් දෙයක් නෙමේයි,

         මේන්න මේ සමාජ ක්‍රමයේ වැරද්ද නිසා අදටත් අපේ සමහර එව්න්ට sex කියන්නේ අමුතු දෙයක්,මේ කුනුහරපේ උඩ ලොකයක් ගොඩ නැගෙනවා කියන එක ගොඩාක් මිනිස්සුන්ට අමතකයි,රස්තියාදුකාරයා කියන්නේ ලංකාව වගේ සංස්කෘතියට බර දුන්න රටකට sex කියන්නේ හෙන කුනුහරපයක් වෙන්න පුළුවන් එකේ විවාදයක් නැ,එත් තාක්ෂණය අතින් මෙච්චර දියුණු ලොකේකදි කොහෙත්ම sex කියන දේ අපේ එව්න්ට එච්චර අගන්තුකයි කියලා හිතන්න අමාරුයි,

        පාසලෙන් හරි වෙන කොහෙන් හරි මේ දේ හොයා ගන්න බැරි වෙනකොට google ගිහින් හොයනවා ඉතින් මේ මොකද්ද කියලා,google එකේ එව්න්ටත් ඔනේ නැති මගුලක් නැනේ මේ පාරත් කුසලානේ ලංකාවට කියලා උස්සලා දෙනවා,එ මදිවට දැන් නගරෙත් කියනවා ඕං,රස්තියාදුකාරයා කියන්නේ නම් අපිට යමක් ගැන කුතුහලයක් දැනුනාම එක ගැන හොයන එක අනිවාර්යයෙන් කරන්න ඔනා,එත් මෙතනදි හොයන හෙවිල්ලෙන් හරි මග පෙන්විමක් ලැබෙනවද කියන එකේ පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා,මොකද මේ වගේ sex ගැන කතා කරන ගොඩක් තැන් වල තියෙන්නේ අසම්මත කරුණු,මේ අසම්මතය සම්මතය කොට පිහිටා තේරුම් ගැනිම මත ලොකු සමාජ විපර්යාසයක් වෙන්න පුළුවන්,එ විපර්යාසය අදටත් අපේ පස්සෙනුත් කැරකෙනවා කියලා අද පාරට බැස්සාම තේරෙනවානේ,

            Sex කියන්නේ අදටත් ලංකාව ඇතුලේ කුනුහරපයක් මේ නිසා තමා එන්රික්ට කෙල්ලෙක් බ්‍රා එක විසි කිරිම මඩු වලිගෙන් ගහන්න තරම් ලොකු case එකක් වෙන්නේ,මේක කුනුහරපයක් නිසා තමා නදිශාගේ lip kiss එක මාර අව්ලක් වෙන්නේ,මේ වගේ සමාජෙකදි එහෙම ප්‍රසිද්ධ lip kiss එකකට යන්න තරම් නදිශාගේ forward විම නම් අැත්තටම රස්තියාදුකාරයාටත් පුදුමයි,සිංදුවේ තේරුමක් තිබුනා නම් රස්තියාදුකාරයා මිට වඩා දෙයක් නදිශා ගැන කියනවාය,කරුමෙකට සිංදුව හර සුන්ය,කොහොම වුනත් අපේ ගොඩක් එව්න්ට මේ විඩියෝ එකෙන් පස්සේ ගොඩක් රිදිලා තියෙන බව නම් තේරුනා රස්තියාදුකාරයාට අනුව නම් ඕකට කියන්නේ සංස්කෘතික කැක්කම නොවේ කියලය,ඕක පැහැදිලි ලිංගික ඊරිසියාවය,හදිසියේවත් නදිශා වෙනුවට ෂකිරා හිටියා නම් භාගදා ප්‍රශ්නයක් නැති වෙන්නට තිබුනි,ෂකිරා පර සුද්දියක් නිසා අැයට lip kiss අව්ලක් නැත,එවා බලන්නට අපටද අව්ලක් නැත,නදිශා අපේ එකියකි එකිට ඔවා වලංගු නැත ජාතක අපරාධයකි වහාම මඩු වලිගෙන් තැලිය යුතුය,

            ලංකාවේ අද වන විට ඔය කියන ආකාරයේ සංස්කෘතියක් අැති බවක් රස්තියාදුකාරයාට නොතේරෙයි එසේ තිබෙනම් කෙල්ලෙකුට නිදහසේ බසයක ගමන් කළ හැකිව තිබුනි,අද කෙල්ලෙකුට තියා ළදරුවෙකුටවත් සමාජය සුරක්ෂිත නැත,මෙය ලංකාවට පමණක් නොව ඉන්දියාවටද තත්වය මේසේය,අපිට sex යනු හෙන case එකකි,සුද්දාගෙන් හැම දේම ඉස්සුවට අපිට අපේ අමුඩය ගලවා ගැනිමට නොහැකි විය,sex අපිට case එකක් වන්නේ මේ නිසාය,

    මේයින් ගැලවිමට අැති එකම මාර්ගය ලෙස රස්තියාදුකාරයා කියන්නේ නම් දැන්වත් ලිංගිකත්වය අමුත්තක් නොකොට නිසි ඉගැන්වීමක් කල යුතුය එවිට ඊලග පරම්පරාවටවත් sex කුනුහරපයක් නොවෙනු අැත,නැති සභ්‍යත්වයක් මතු කොට ගෙන මඩු වලිගෙන් තැලිමට කෙල්ලො හොයන වෙලාවේ මේ පිළිබදව යම් කිසි අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කළොත්,යලිත් ලංකාවේ කෙල්ලන්ට තැලිමට මඩු වලිග අවශ්‍ය නොවනු අැත,

       අඩව්ව බy රස්තියාදුකාරයා

Thursday 7 January 2016

කොල්ලො මොනවා කිව්වත් කෙල්ලෝ කොහොමත් Forward

එන්රික්ට කෙල්ලෙක් බ්‍රා එකකින් ගහල්ලු බන්,
නැ....ඉතින් ඌට තුවාලයිලුද??
මිට දවස් ගාණකට උඩදි රස්තියාදුකාරයාගේ අතිජාත ෆ්‍රෙන්ඩෙක් ඔය එන්රික්ගේ කේස් එක ගැන කියනකොට රස්තියාදුකාරයා අැත්තටම හිතුවේ එන්රික් කාරයා ලංකාවේ අහිංසක කෙල්ලෙක්ට වර්චස් කේස් එකක් දාන්න ගිහිල්ලා ඒ අහිංසක කෙල්ල එන්රික් කාරයාගේ අච්චි අම්මා මතක් වෙන්න දිලා කියලා,මොකද අපරාදේ කියන්න බැ ලංකාවේ ඉන්න කොල්ලොත් සමාන්‍යයෙන් කොල්ලේක් වෙනුවෙන් කටක් හෙල්ලුවේ නැති වුන‍ත් කෙල්ලො වෙනුවෙන් සීයකට දෙසියකට වුනත් විනාඩියෙන් නෙලයි(ශුවර් නැ වගෙනම් කොල්ලො ටිකක් ඉන්න තැනකට ගිහින් ලස්සන නංගි කෙනෙකුගෙ අඩුම ගානේ පාරක් අහලා බලපන්,අවධානයට:මෙහිදි සිදුවන කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක වගකිම රස්තියාදුකාරයා සතු නොවේ)එත් පස්සේ මු කතාව ටිකක් කියනකොට තමයි රස්තියාදුකාරයාටත් seen එක හරියටම meter වුනේ,ඒ අස්සේ රටේ ලොකුම පුටුවේ ඉන්න අැත්තන්ටත් මේ case එක ආරංචි වෙලා මඩු වලිගයක් අරගෙන එ කෙල්ලව හෙව්වා කියලාත් රස්තියාදුකාරයා ආරංචි වුනා,මොනවා වුනත් රස්තියාදුකාරයා මේ පිලිබඳව කරුණු සමාලෝචනයක් කරන්න නෙමෙයි සුදානම,

             අැත්තටම මේ කතාත් එක්ක රස්තියාදුකාරයාට අමුතු දෙයක් හිතුනා එ තමයි ලංකාවේ කෙල්ලො කොච්චර forward වෙලාද කියලා,ටිකක් හිතලා බලපන් මේක පුරුෂ මුලික සමාජයක් වුනාට මේ සමාජේ හැමදාම උඩින් හිටියේ කාන්තාවෝ නේද?මේක අද ඊයක පටන් ගත්ත කතාවක් නෙමෙයි,ඔය අද එන්රික් ආවා වගේ තමා මුලින්ම ඉන්දියාවේන් පිටුවහල් කරපු විජයත් මෙහෙ එන්න අැත්තේ,එතකොට ඔය බ්‍රා එක විසික් කරයි කියන කෙල්ලට අැති වුන හැගිමම කුවේණිට අැති නොව්නා කියලා කාටවත් කියන්න පුලුවන්ද?බැ මොකද කුවේණි ඒ හැගිම නිසා තමන්ගේ මුළු ජාතියටම ද්‍රොහි වෙනවා,එතකොට මේ හැගිමම එදා සත් මහල් ප්‍රාසදේ හිර කරලා හිටපු චිත්‍රා කුමරියටත් දිඝගාමිණි වෙනුවේන් අැති වෙන්න අැති,මේ කිසිම වෙලාවක පිරිමියා කාන්තාව තරම් score කරලා නැ,

         බණ්ඩාරනායක මහත්තයාගෙන් පස්සේ සිරිමාවෝ මැතිනියට රටක් බාර ගන්න පුළුවන් වුනාට ප්‍රේමදාස මහත්තයාගෙන් පස්සේ රට බාර ගන්න එකෙක් හොයගන්න බැරි වෙනවා,කොටින්ම ගාමිණි දිසානායක වෙනුවට ඡන්දේ ඉල්ලන්න තරම් "ගට්"එකක් තියෙන එකෙක් නැ,එතනදිත් ඉස්සරහට එන්නේ කාන්තාවක්,

       අදට කියලාත් මේවගේ ලොකු වෙනසක් වෙලා නැ,මහින්ද මහත්තයාගේන් ප්‍රසිද්ධියේ ගේම ඉල්ලන්න තරම් හයියක් රනිල්ලාට අනුරලාට නැති වුනාට චන්ද්‍රිකාට තිබුනා,ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡා වලට අැවිත් නිදහස් මාධ්‍ය වේදින්ට බනින්න හයියක් රටේ ජනාධිපතිටවත් නැති වුනාට හිරුණිකාට තියෙනවා,මෙන්න මෙකයි රස්තියාදුකාරයා කියන්නේ පිරිමින්ට වඩා ගැණු කවදත් උඩින් හිටියා,ගැණුන්ට තියෙන මේන්න මේ "ගට්" එක නිසා තමා කෙල්ලෙක් බය නැතුව තමන්ගේ අැදිවත ගලවලා එන්රික්ට විසිකරන්න තරම් forward වෙන්නේ,මේ රටට කොච්චර ගායිකාවො නිළියයෝ අැවිත් අැද්ද,එත් කිසිම කොල්ලෙක්ට ස්ටෙජ් එක උඩට නැගලා නිළියෙක් kiss කරන්න තරම් "ගට්" එකක් තිබුනාද?(ඔන්න "ගට්" එක පෙන්නන්න කියලා සනි ලියොන් ආවම kiss කරන්න එහෙම යනවා නෙමෙයි ඕං...)

         රස්තියාදුකාරයා මේ කියන්න යන්නේ කෙල්ලොන්ට කොහොමත් අළුතෙන් උඩ යන්න කියලා දෙයක් නැ උන් ඉන්නේ කොහොමත් උඩ,හැබයි අපි එක පිළිගන්න කැමති නැ,මොකද හැම පිරිමියාම තමන් ඉන්නේ ගොඩක් උඩ කියලා කල්පිතයක ජිවත් වෙන්නේ,උඹලා හැමදාම හිතන්නේ එ පුරුෂ මුලික කියන සමාජ කල්පිතය උඩ හිටගෙන,එකයි ඔක වැඩිපුර තේරෙන්නේ නැත්තේ,ඔන්න ඔය කල්පිතයෙන් පොඩ්ඩක් බැහැලා බලපන්,මේ ලොකේ ඉන්න හැම පිරිමියෙක්ම පාලනය කරන්නේ කොහේ හරි තියෙන කාන්තා හස්තයකින්,

         අපිට එන්රික්ට බ්‍රා එක විසික් කරපු එක,හිරුණිකා ඩිෆෙන්ඩර් දාලා කොල්ලො උස්සපු එක මහා case එකක් වුනාට,ගැණුන්ට ඕක මහා ලොකු කජ්ජක් නෙමෙයි,ඔය කාන්තා සමිති සන්ධාන අරවා මේවා හදාගෙන ඉන්නේ උන් අපිට බයට නෙමෙයි,හදිසියේවත් අපි ඔය මොකකට හරි කොක්කක් දැම්මොත් අපිව බය කරන්න,

         දැන් කාටහරි හිතෙනවා නම් හෙට ඉදන් තමන්ගෙ පුරුෂ ශක්තිය පෙන්නන්න,රස්තියාදුකාරයාට දෙන්න තියෙන්නේ එකම එක අවවාදයයි,නිකන් බොරුවට ඔය මගුල් පෙන්නන්න ගිහින් තියෙන නම්බුවත් නැති නොකරගෙන ඉදපන්,

              අන්තිමට කියන්න තියෙන්නේ අද ලොකේ ගොඩක් වෙනස් බ්‍රො,එදා විජයට රට බාර අරගෙන කුවේණිව කැලේට එලවන්න පුළුවන් වුනාට අද වැරදිලාවත් කෙල්ලෙක්ට අතක් තියන්න හම්බ වෙන්නේ නැ,මොකද මේ ලොකේ හැදිලා තියෙන්නේ කෙල්ලොන්ට වාසියට,මේ වාසිය නිසා තමා උන් හැමදාම උඩ ඉන්නේ,ගැණුන්ව රවට්ටන්න ලේසි කියලා පිරිමි හිතුවාට එක මහා සිරියස් කේස් එකක් මොකද මේ එකෙන් කවදාවත් ගැණු රැවටෙන්නේ නැ උන් රැවටුනා කියලා හිතාගෙන අපි රැවටෙන එක විතරයි වෙන්නේ,

    එක නිසා රස්තියාදුකාරයාට මුළු මහත් පිරිමි ප්‍රජාවට දෙන්න තිබේන එකම උපදේශය නම්,කපන්න බැරි අත ඉබින එක හොදා!
මොකද ගැණුත් එක්ක ගේමෙන් බේර ගන්න බැරි ගොඩාක් ප්‍රශ්න සාමෙන් විසදා ගන්න පුළුවන්,මතක තියාගනින්,,

අඩව්ව by රස්තියාදුකාරයා

Wednesday 6 January 2016

Pass vs Fail A/L

අළුත් අවුරුද්දට කාපු කිරිබතේ රහ දිවෙන් යන්නත් ඉස්සෙල්ලා රටේ ලොකු ලොකු පුටු රත් කරන අැයෝ ඔවුන්ගේ ආදරණීය ජනතාවට අළුත් අළුත් ටොෆි දෙන්න පටන් ගත්තා,මොනවා කරන්නද බැද ගත්තා නම් දැන් බෙරේ ගහන්නත් වෙනවානේ,රස්තියාදුකාරයා මේ අළුත් අවුරුද්දේ හා හා පුරා කියලා ඔය ලොක්කන්ට දෙහි කපන්න යනවා එහෙම නෙමෙයි ඕං,

රස්තියාදුකාරයා මේ කතා කරන්නේ අපේ උසස් පෙළ රිසාල්ට් වලින් රත් වෙලා ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට, මේක මේ උසස් පෙළ උසස් ලෙස අැනගෙන ගෙදරට වෙලා හතර වටේ කෝස් හොයන නැත්තන් අළුතෙන් රිවිශන් ක්ලාස් හොයන එව්න්ටම ආදාල කතාවක් නෙමෙයි,A/L උඩින්ම ගොඩ ගිහින් අඩි දහයක් පහළොවක් උඩින් ගිහින් campus හොයන එවුන්ටත් අදාල වෙයි,කාට අදාලද නැද්ද කියලා කියවලාම බලමුකෝ,හැමොටම වැදගත් නැති වුනත් එකෙක්ට හරි වැඩක් වෙයිනේ,

ජිවිතේ කියන්නේ හරි අමුතු දෙයක් අද උඩ ඉන්න එකා හෙට බිම වැටිලා ඌට ගොනත් අැනලා,එක තමයි ජිවිතේ කියන්නේ සමහරවිට මේ හේතුව උඩ වෙන්න අැති අර උඹලා මේ දවස් වල බුකියේ තියාගෙන පට්ට ගහන විභාග Fail වෙච්ච බිල් ගෙට්ස් මයික්‍රෝසොෆ්ට් එකේ අයිති කාරයා වෙද්දි හැම විභාගෙම උඩින්ම ගොඩ ගිය උගේ යාළුවා මයික්‍රෝසොෆ්ට් එකේ නිකන් ඉන්ජිනේරුවක් වුනේ,මේ වගේ කතා බිල් ගෙට්ස් ජිවත් වෙන රටේ තියෙන තාක්ෂණෙත් එක්ක මහා ලොකු දේවල් නෙමෙයි,එත් මෙවා අපේ වගේ රටකට නම් මහා ඔරොත්තු දෙන කතා නෙමෙයි,හැබයි "ගට්"එක තියෙනවා නම් මේවා මහා ලොකු දෙවලුත් නෙමෙයිලු,

දැන් Campus උඩින්ම ගිහින් අර ගහේ උඩ ඉන්න එව්න්ටත් කියන්න තියෙන්නේ campus යන එක හෙන අමාරු වැඩක්,එක ගොඩ යනවා කියන්නේ උඹලා ලෙසි පොරවල් නෙමෙයි,හැබයි උඹලා දැන ගන්න ඕනා campus එක ජිවිතේට හයියක් කර ගන්න නැත්තන් අද ඉන්න ගොඩක් උපාධි කාරයෝ වගේ සහතික ටිකත් කරේ ගහගෙන රස්සාවල් හොයන දවස වැඩි අැතක නෙමෙයි,බිල් ගෙට්ස් වෙනවාද පොරගේ යාළුවා වගේ වෙනවාද කියන එක උඹලාගේ වැඩක්,

දැන් A/L Fail වෙච්ච කොල්ලන්ට කෙල්ලන්ට යමක් කියන්නම්,රස්තියාදුකාරයා දන්න හැටියට නම් දැන් A/L අනාගත්ත කොල්ලො ගොඩක් කරන්නේ computer ක්ලාස් හොයන එක,මතක තියා ගනින් computer කෝස් කරන හැමොම බිල් ගෙට්ස් වෙන්නෙවත් dancing කරන හැමොම මයිකල් ජැක්සන් වෙන්නෙවත් නැ,මේ ලොකේ ඉන්න හැම මනුස්සයෙක් අැතුලෙම මොකක් හරි දෙයක් තියෙනවා,පොඩ්ඩක් සමාජෙට බැහැලා බලපන් රස්තියාදුකාරයා කියන්නෙ බොරුද කියලා පොල් කඩන මිනිස්සු කි දෙනෙක්ට හොදට සිංදු කියන්න පුළුවන්ද කියලා,අව්ල තියෙන්නේ උන් උන්ව හොයාගන්න බැරි වුනා,එක නිසා මුලින්ම තමන්ව හොයාගන්න try කරපන්,

දැන් තමන්ව හොයා ගෙන ඉවරනම් ඊලඟට තමා අමාරුම කෙස් එක තියෙන්නේ,උඹලා හදිසියේවත් computer ක්ලාස් නොයා dancing ක්ලාස් එකකට ගියොත් එක වටේ ඉන්න මිනිස්සුන්ට මාර ප්‍රශ්නයක් වෙයි,එහෙම කියලා උඹ උඹව මේ වෙලාවේ අත් අැරියොත් අන්තිමට දුක් විදින්නේ අහල පහල රොයිටර් අැන්ටිලා නෙමෙයි උඹලාම තමා,

රස්තියාදුකාරයා සමාජේ එහෙන් මෙහෙන් පහුරු ගානකොට අහු වෙච්ච දෙයක් තමයි,මේ ලොකේ ගොඩ ගිය ගොඩක් මිනිස්සු විශ්වාස කලේ කොහෙවත් තියෙන A/L සහතිකේ නෙමේයි,තමන්ගේ ආත්ම විශ්වාසය උඹලාගේ වචනෙන් කිවුවොත් "ගට්"එක එක ගන්න Airtel සිම් දැම්මට බැ,මහන්සි වෙන්නත් වෙනවා,මොකද A/L සහතිකේ නෙමෙයි උප්පැන්න සහතිකේ පවා නැති මිනිස්සු ගොඩ ගිය ලොකයක් මේක,

ඉතින් ඔය campus  යන කොල්ලො කෙල්ලො උපාධිය ජිවිතේට speed break එකක් කර ගන්නේ නැතුව හයියක් කර ගන්න කියලා කියන ගමන් අනිත් එව්න්ට කියන්න තියෙන්නේ ගොඩ යනවාද බිම වැටෙනවාද කියලා තිරණේ කරන්නේ උඹලා campus ගිය කොල්ලොන්ට කෙල්ලොන්ට වගේ නෙමෙයි උන්ට අහු වෙන්නේ ලොකෙන් එකයි දෙකයි එත් උඹලාට දිනන්න මුළු ලොකයක්ම තියෙනවා,මතක තියාගනින්,

අවසාන වශයෙන් රස්තියාදුකාරයාගේ කටෙ නිතරම තියෙන කතාවක් කියන්නම් "ඕනම race එකක දිනන්නේ මුලින් යන එකා නෙමෙයි මුලිකන්ම එන එකා"   

ජයෙන් ජය,

අඩව්ව බy රස්තියාදුකාරයා

අඩව්ව by රස්තියාදුකාරයා

යුබෝවන්!!! මා ආදරණීය ලෝක වාසි හිතවතුනි,උදාවු නව වසරේ රස්තියාදුකාරයත් නමෝ විත්තියෙන් කියලා අළුත් වැඩක් පටන් ගන්තා, රස්තියාදුකාරයාට පොඩි කලේ ඉදලාම හැමදේකම මොකක්ම හරිඅැදයක් අහු වෙනවා ඉස්කොලේ හිටපු ගුරු මහත්වරු නොනාවරු නම් කිවුවේම,මු පිස්සෙක් කියලාමයි,එත් රස්තියාදුකාරයාට ඕවා වගක් නැ,ඌ ගියේම අැදේට, මේ අමුතු අමුතු පුරුදු නිසා රස්තියාදුකාරයාට ලෝකේ අමුතු අමුතු දේවල් අත පත ගාන්න හම්බ වුනා,එක නිසාද මන්දා රස්තියාදුකාරයාට ඔය නිතිරිති සිමාවල් වැදගත් වුනේ නැ,ඌ හෙවුවෙම අනිත් එවුන්ට ඕනානැති මගුල්, මේ නිසා සමාජේ සමහර එවුන්ට රස්තියාදුකාරයාව මාර අවුලක් වුනා,කාට මොනවා අවුල් වුනත් ඌගේ හැකර කට නවත්තන්න බැ,මේ රිවස් නැති කටත් එක්ක ලොකේ වෙනස් කරන්න හදන මේ රස්තියාදුකාරයා බ්ලොග් අඩවියත් එක්ක අළුත් “අඩව්වක්”අල්ලන්නයි මේ ට්රයි එක, සමහරවිට උඹලාත් උඹලාගේ ජිවිත වල අමුතු අමුතු “අඩව්”අල්ලලා අැති,එත් මේක ටිකක් වෙනස් “අඩව්වක්”වෙයි, මොකද මේ “අඩව්ව”රස්තියාදුකාරයා අල්ලන්නේ මුළු ලොකෙම එක්ක,සමහරවිට උඹලට රස්යාදුකාරයාව මාරඅවුල් වෙයි,එහෙම වුනොත් කට වහගෙන තටමන්නේ නැතුව අල්ලපන් රස්තියාදුකාරයාත් එක්ක“අඩව්වක්” එහෙනම් හෙට ඉදන් අපි අල්ලමු “අඩව්” උඹලා දන්නා සාමාන්ය දේවල් එක්ක නොදන්න අමුතු අමුතු දේවල් රස්තියදුකාරයාත් එක්ක අත පත ගාමු,උඹලා ලැහැස්තිනේ අඩව්වට,හෙට ඉදන් සෙට් වෙමු, අඩව්ව බy රස්තියාදුකාරයා,