Saturday 27 February 2016

උප්පැන්න ඕනැ කර තිබේ,

දැන් මොනවා කිව්වත් වැඩක් නැත,යොෂිත කොලුවා හිරේට දක්කා හමාරය,ඒ නිසා ආයිත් පාරක් එ නොදරුවාට මඩ ගැසිමට රස්තියාදුකාරයාට කිසිදු වුවමනාවක් නැත,රස්තියාදුකාරයා බනින්නේ කාල්ටන් නම් වු පරදේසක්කාර සුද්දටය,මේ සියල්ල උගේ කෙරුම් විය යුතුය,එත් එවාට වන්දි ගෙවන්නේ අහිංසක රාජපක්ෂ පැටව්ය,මෙවා රට කරන ඇයොන්ගේ වැරදිය,දුර දිග නොසිතා අහිංසක කොල්ලෙක් කුඩුවට දැක්කිම කොතරම් අසාධාරණද?අනෙක රට බේරා ගැනුමට යුධ පෙරමුණට ගිය අභිත විරුවෙක් මෙසේ සිර කිරිම කොතරම් යුක්ති සහගතද?

         මාතෘකාව යොෂිතවත් උගේ අර අටමගලයවත් නොව අර කාල්ටන් නම් වු නමය,රාජපක්ෂ වරුන්ගේ බොහෝ ආයතන වල Logo එක වුයේ කාල්ටන්ය,එසේනම් කාල්ටන් කියන්නේ හෙන වැදගත් පොරක් විය යුතුය,එත් කාල්ටන් කියා සුද්දෙක් ලංකාවේ ආණ්ඩුකාරයෙක්වත් වු බවක් රස්තියාදුකාරයාට මතක නැත,එහෙනම් කවුද යකො මේ කාල්ටන්?සොයා බැලිය යුතු කාරණයකි,මන්ද කවුරුන් හෝ රාජපක්ෂ මහත්තයා ගැන හටගත් අපරිමිත වු ඊර්ෂ්‍යාවකින් කාල්ටන් කියා සුද්දෙක් එක්ක සෙට් වී මේවා කිරිමට බැරි නැත,නැත්තම් අර නොදරුවො මෙහෙම කරයි කියා කොහොමටවත් සිතිමට බැරිය,

           එත් නාමල් බේබිගේ තාරුණ්‍යයට හෙටක්,ශිරන්ති නොනාගේ සිරිලිය,කාල්ටන් පෙර පාසල ආදි සියලු දේ පොතේ හැටියට නම් ලියාපදිංචි වී ඇත්තේ තංගල්ලේ කාල්ටන් නිවස නමටය,ආරංව් හැටියට එ නිවස රාජපක්ෂ මහත්තයාගෙය,නමුත් CSN නාලිකාව රාජපක්ෂ බුදලයක් විමට කේසෙවත් හැකියාවක් නැත,යොෂිත වෘත්තීයෙන් විරෝධාර සෙබලෙකි,ඔහුට කොහෙන්ද ලක්ෂ 2340 සාමාන්‍යයෙන් සෙබල වැටුපකින් පවුලක් ජිවත් වෙන්නෙත් බොහොම අමාරුවෙනි එසෙනම් ලක්ෂ 2340,දන්නා හැටියට ඔය සමහරු වග රාජපක්ෂවරු හොරට පොල් ඇහිදින්නේ නැත,ඔවුන් තමන්ගේ ලොකු තාත්තාගේ වත්තෙන් පොල් ගෙඩියක් දෙකක් ඇහිද ගනි,එසෙනම් සමහර විට යොෂිත පොල් ඇහිදලාවත්.........,නැ එහෙම නැතුව ඇති,කොකටත් කියලා රස්තියාදුකාරයාටත් හිතෙනවා ඔන්න හොරෙන් හරි පොල් ගෙඩියක් දෙකක් ඇහිදින්න,

කොහොම නමුත් ඔය තංගල්ලේ කාල්ටන් ගෙදර මිට කලින් අයිති වෙලා තිබිලා තියෙන්නේ වික්‍රමසූරිය කියලා මහත්තයෙකුටලු,ඔය කාල්ට්න් කියන්නේ මහත්තයාගේ පුතාගේ නමයි කියන්නේ,පස්සේ රාජපක්ෂ මහත්තයාට මොකක්හරි හේතුවකට ඔය කියන ගෙදර නවතින්න කාමරයක් දිලා තියෙනවා,පස්සේ කොහොමහරි ගෙදර නිකම්ම රාජපක්ෂ ව්මහත්තයාට අයිති වෙලා තියෙනවා,අයිති වුන විදිහ ගැන ප්‍රශ්නයක් ඇත්නම් ඉතිහාසේ චන්ද්‍රිකා නෝනාව පක්ෂෙන් එළියට දාපු හැටි මතක කර ගනු මැනවි,

          රාජපක්ෂ මහත්තයා උපතින්ම සල්ලි කාරයෙකි,එහෙනම් මොකටද අනුන්ගේ ගෙවල්?මුළු රටම දන්නා පරිදි රාජපක්ෂ මහත්තයා වාස්තු විද්‍යාව එහෙම මාර ලැදිය,සමහරවිට කාල්ටන් නිවස රාජපක්ෂ මහත්තයාට වාසනාව ගෙනාවාද දන්නේ නැත,වාස්තු විද්‍යාව නිසා මාළිගාවක පිහිනුම් තටාකයකට වැලි පුරවපු අයෙකුට වාස්තු විද්‍යාව වෙනුවෙන් ගෙයක් අයිති කර ගැනිම මහා ලොකු දෙයක් කියා කෙසෙවත් පිළිගත නොහැකිය,කොහොම වුනත් කාලයක් කාල්ටන් රාජපක්ෂ වරුන්ට වාසනාව ගෙනාවේය,නමුත් දැන් කාල්ටන් නිසාම රාජපක්ෂවරුන් කන්නේ පට්ට කට්ටකි,

         කොහොම වුනත් දැන් ප්‍රශ්නයට තුඩු දි ඇති කාල්ටන් ටිවි චැනල් එකේ සියලුම ලිපි ලේඛන වලට අනුව එහි ප්‍රධානියා වශයෙන් දැක්වෙන්නේ යොෂිත රාජපක්ෂගේ නමය,ලක්ෂ 2340 යනු රාජපක්ෂ වරුන්ට සුළු ගාණක් ප්ප්වන්නට ඇත,එත් එය ලංකාවේ වෙලක් ඇර වෙලක් කන අසරණ මිනිස්සුන්ට නම් කිසිසේත්ම සුළු ගාණක් නොවේ,එම නිසා එ සල්ලි වලට උප්පැන්නයක් තිබිය යුතුමය,එසේ නැත්නම් එවා ආපු හැටි පැවසිය යුතුය,එසේත් නැත්තම් හොරා කාපු හැටි පැවසිය යුතුය,නැත්තම් හොර උප්පැන්නයක් හෝ හැදිය යුතුය,

          හැබයි රස්තියාදුකාරයාට හිතෙන්නේම ඔය වැඩේ මොකෙක්හරි ඊර්ෂ්‍යාවට කරපු අළුකුත්තේරු වැඩක් කියාමය,යොෂිත බබා කොහොමටවත් එහෙම කරන්නට විදිහක් නැත,කාල්ටන් කියා රග්බි මැච් ගැහුවාට එවායේ කප් ඉස්සුවාට යොෂිත බබාලා මෙහෙව් වැඩක් කරයි කියා කොහොමටවත් හිතන්නට බැරිය,අනික යොෂිත බබා රට බේරා ගත් මහා විරුවෙකි,අප්පච්චි එහි සේනාධිනායකයාය,එම නිසා හොරකම් කලත් කම් නැත,කරපු හොරකම් වලට අපරාධ වලට උප්පැන්න දිමට යාම දේශද්‍රෝහි ක්‍රියාවකි,එම නිසා ඔනැ නැති මගුල් නොකොට සදා අප්පොච්චා සරණ යාම මැනවි,එතකොට ජනතාවට නිවිහැනහිල්ලේ සෙත්තප්පොච්චි විමට හැකි වනු ඇත,මොනවා කලත් මොකද යුද්ධය ඉවර කලා නොවැ,

                  බy රස්තියාදුකාරයා,

Thursday 11 February 2016

මැතිව්ගේ පදක්කම් වගේද බං අන්න අප්පච්චි මුහුදේ නානවා එවානේ news,

අද ලංකාවේ news බිහි කරන්නේ දේශපාලකයන්ය ඔවුන් කැවත් බිව්වත් එය newsය,ඔවුන් පන්සල් යන්නේ මාධ්‍ය සාකච්චා පවත්වන්නටය,කොවිල් ගියොත් එකත් newsය,මොකෙක්හරි හොරෙක් fcid එකට කුදලාගෙන ගියොත් එක හෙන මාවලස් news එකකි,ඒ හොරුන් කූරු ගණන් කරනවා බලන්නට හොරු රැලක් ආවොත් එවාත් පට්ට newsය,අඩුම ගානේ මුහුදේ නාන්න ගියොත් එතන්ටත් cameraවක් උස්සාගෙන ගිහින් වොයිස් කට් ගන්න තරම් ලංකාවේ මාධ්‍යට රට ගැන මාර කැක්කුමක් ඇත,ඒ සියලු කැක්කුම් ජනතාව වෙනුවෙනි,

           
                 ඇතැම් මාධය ආයතන දේශපාලකයන්ට කඩේ යාම පටන් ගත්තේ අද ඊයක සිට නොවේය,සමහර මාධ්‍ය ආයතන බිහි වුවේ කඩේ යන්නටමය,කාලයකදි මාධ්‍ය ආයතන එකකට දෙකකට සිමා වි තිබු මේ කඩේ යාම අද සිග්‍ර ලෙස වැඩි වී ඇත,අද ලංකාවේ මාධ්‍ය ආයතන කඩේ යන්නේ පොලිම් ගැසි නිර්ලජ්ජිත ලෙසය,හොරුන්ව උලුප්පා පුම්බන මාධ්‍ය ආයතන වලට ක්‍රිඩකයෙක්ගේ රන් පදක්කමකින් ගත යුත්තක් නැත,ක්‍රිඩකයන් නම් මොක්කුද නියම පොරවල් හොරුය,

         පසුගිය කාලයේ හැමදේම සිදුවුයේ විචාරයකින් තොරවය,මාධ්‍ය වල පිට කොදු කඩා දැමුනේ ප්‍රසිද්ධියේය,යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් කැ ගැසු මාධ්‍ය කරුවන් අතුරුදහන් කරවිය,කඩේ නොයාමේ වරදට මරණය වැළදගත් මාධ්‍ය විරයොද අඩු නොමැතිව සිටියේය,ඇතැමුන් ජිවිත ආරක්ෂාව තකා විදේශ ගත විය,එසෙත් නොවුනු පිරිස් කඩේ යන්නට සිත හදා ගත්තේය වෙන කරන්නට දෙයක් නොමැතිම තැන කඩේ ගියේය,මෙයින් දේශපාලකයන්ට කඩේ යාමේ මාධ්‍ය සංස්කෘතිය බිහි විය,

              එකල ප්‍රවෘත්ති බිහි වුයේ ඉහළ පුටු වල ඇත්තන් නිගමනය කල පරිදිය,ඔවුන්ට අවශ්‍ය ප්‍රවෘත්ති අවශ්‍ය ආකාරයේන් නිර්මාණය විය,ප්‍රවෘත්ති කියා කිව්වේ දේශපාලකයන්ගේ ගුණ ගැයිම් වලටය,මේවා සත්‍ය ලෙස පිළිගත් ජනතාව තුට්ටු දෙකෙ දේශපාලකයන් අදහන්නට දෙවරක් නොසිතුහ,නමුත් මේ කාලයේදිම සමාජ ජාල වල වර්ධනය සිග්‍රයෙන් වැඩි විය,ටෙලිවිෂනය බදාගෙන සිටි කොල්ලො කෙල්ලො facebook,twitter වෙත ඇදි ගියේය,මාධ්‍ය ආයතන වලින් සිදු නොවු දේ සමාජ ජාලයන්ගෙන් සිදු වුවේය,දේශපාලකයන්ට විරුද්ධව ප්‍රසිද්දියේම මතවාද ඝට්ටන මේවායේ සුලබ විය,කඩේ යන මාධ්‍ය ආයතන සංස්කෘතිය තුලින් සමාජ ජාල තුලට මාධ්‍ය මෙහෙවර සංචරණය විය,කඩේ යන මාධ්‍යට කෙලවි ඇති බව දේශපාලකයන් දැන ගත්තේද පසුගිය ජනාධිපතිවර්නයට පසුවය,එදා ජනාධිපතිවර්නයේ ප්‍රතිඵලයට බොහෝ දුරට බලපැවේ ජාති වාදි මනාප වලට වඩා ලෝක දේශපාලනය ගැන දැනුවත් වු පාවෙන ඡන්දය,

         තත්වය මෙසේ වෙද්දි පාලකයන් වෙනස් විය ආණ්ඩු මාරු විය මාධ්‍ය ආයතන වල ලොක්කන්ද මාරු විය නමුත් මාධ්‍ය සදාචාරය වෙනස් නොවිය,එදා මෙන්ම cameraව ඇදෙන්නේ අප්පච්චිලා පසුපසය බේබිලා පසුපසය,අප්පච්චි මුහුදේ නාන්නට යාම බ්‍රේකින් නිව්ස් එකක් වන්නේ තවමත් එදා පැවති දේශපාලකයන් පොරවල් කිරිමේ සදාචාරය පවතින නිසාය,

    ක්‍රිඩාව කියන්නේ සල්ලි උල්පතක් බව අප්පච්චිලා හොදින් දනි,ලංකාවේ මිනිස්සුන්ට cricket කිව්වොත් කැම බිමද අවශ්‍ය නැත,මළල ක්‍රිඩාවටද ආදරේ එසේමය අප්පච්චිලා වාසියට ගත්තේ මිනිස්සුන්ගේ මේ ආදරේය,අප්පච්චිලාගේ ක්‍රිඩා නාලිකා පසුපස තිබුනේ මුදල් මිස ක්‍රිඩාවට ඇති ආදරය නොවේය,නැතිනම් එවකට ලංකාවේ ක්‍රිඩා නාලිකාවක් තිබුනේය,ආදරණිය අප්පච්චි තම නාලිකාව වෙනුවේන් ජාතික ක්‍රිඩා නාලිකාව බංකොලොත් කලේය,එහි ප්‍රතිඵලය දැනෙන්නේ දැන්ය,අප්පච්චිගේ ක්‍රිඩා නාලිකාවේ බර ඇද්ද ජාතික නාලිකාවට අද දකුණු ආසියානු ක්‍රිඩා උළෙල පෙන්විමට තරම් හැකියාවක් නැත,අඩුම ගානේ T20 මැච් එකක් පෙන්විමට නොහැකි තරමට ජාතික නාලිකාව අඩපණ වෙලාය,වෙනදා රන් පදක්කමක් ලබා ගැනිම බ්‍රේකින් නිව්ස් එකක් වෙන අනිකුත් මාධ්‍ය බේබිලා fcid යන පාර දිගේ මයික් අල්ලගේන වැටිලාය,අප්පච්චි මුහුදේ නාන්න ගියොත් එතනද මයික් එකක් උස්සාගෙන වොයිස් කට් ගනි,නිව්ස් වන්නේ එවාය,බොහො දෙනෙක් දකුණු ආසියානු ක්‍රිඩා උළෙල ගැන දැන ගත්තේ සමාජ ජාල තුලින්ය,ලංකාවේ මාධ්‍ය ඒ තරමටම විචාරවත්ය,ඒ නිසා ඔය රන් පදක්කම් ගැන කතා කර වැඩක් නැත,කතා කරමුද එකාබද්ධ විපක්ෂය ගැන,නිව්ස් කියන්නේ එවාටය,

      දේශපාලන තොරතුරු දැන ගැනිම රටක මිනිස්සුන්ගේ අයිතියකි නමුත් අප්පච්චි නාන්න යන තැනට camera උස්සාගෙන ගොස් පෙන්නන්න යන්නේ මොන ආකාරයේ ප්‍රවෘත්තියක්ද යන්න ගැටලුවක් ඇත,අද කිමිකොලා ගැන කතා කිරිමට අදි මදි කරනා මාධ්‍යට ගම්මන්පිලලාගේ විහිළු කතා නිව්ස්ය,

            ලංකාවේ මෙය එතරම් දෙයක් නොවුනාට යම් හෙයකින් ඉන්දියාව වැනි රටක මේසේ වි නම් නාලිකා බොහොමයක් ගිනි බත් වනු නිසැකය මන්ද ඔවුන්ට ක්‍රිඩාව එතරම් වටි,අද දකුණු ආසියානු ක්‍රිඩා තරගයේ ජය කෙහෙලි නංවන කොල්ලන්ට කෙල්ලන්ට රජයෙන් කියා සත පහක දිමනාවක් ලැබි නැත,බොහොමයක් උන් පෙන්නන්නේ අල බතල වල හයියය,එදා සුගත් තිලකරත්නලා,සුසන්තිකා ලා ජනතාවට විරයන් වුනේ මාධ්‍ය නිසාය,සුගත්ලා ඉන්දියාවේ දුවනකොට මේ එවුන් හුරේ දැම්මේ tv දෙස බලාගෙනය,අද ශෙහන් ලාට කිමිකොලාට ඒ වාසනාව නැතිය,ඔවුන්ට විරයන් විමේ භාග්‍යය ලංකාවේ මාධ්‍ය හිමි කර දි නැත,

             මාධ්‍ය හැසිරිමේදි අපට වැරදුනු තැන් බොහොමයක් ඇත,එවා දැන් හෝ නිවරද කර ගත යුතුය,දේශපාලකයන්ට කඩේ යාම දැන්වත් නැවත්විය යුතුය,අප්පච්චිලාගේ රෙදිවල මඩ පැල්ලම් සුද්ධ කරනවාට වඩා පුළුල් දැක්මක් ඇති බව මාධ්‍ය කරුවන් වටහා ගත යුතුය,මන්ද මාධ්‍ය සිටිය යුත්තේ පොදු ජනතාව සමග මිසක් ඔවුන්ට එරෙහිව නොවේය,මාධ්‍ය ආයතනකරුවන් මෙන්ම මාධ්‍යවේදීන්ද තම වගකිම හරියට තෙරුම් නොගන්න තාක් කල් ජනතාවට හිතැති මාධ්‍ය සදාචාරයක් ගොඩ නොනැගෙනු ඇත,එයට හැකි ඉක්මණින් වගකිව යුත්තන්ගේ අවධානය යොමු කල යුත්තේය නැතිනම් මාධ්‍ය තවදුරටත් පොදු ජනතාවට විහිළුවක් පමණක්ම විය හැකිය,


                                 බy රස්තියාදුකාරයා

Saturday 6 February 2016

One Flag,One land,One heart,One nation,Ever more,

නිදහස වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නැති වුනත් අප නිදහස්ය,1948පසු තිස්අවුරුදු යුද්ධයකින් බැට කැ අප දැන් එයින්ද නිදහස්ය,එදා වෙනම රටක් ඉල්ලා යුද්ධ කල මිනිසුන් අද ඔවුන්ගේ භාෂාවෙන් නමෝ නමෝ මාතා කියන්නේ අභිමානයෙනි මේ අපේ රට බව ඔවුන්ටද දැනෙන්නට දිය යුතුය,එහි වරදක් පෙනෙන්නට නැත,

                ශ්‍රි ලංකාව නිදහස ලැබුවේ 1948දිය කවරාකාරයෙන් ලැබුවද අප ලැබුවේ නිදහසය,සෑම අවුරුද්දකම මේ ලැබු නිදහස උත්සවාකාරයෙන් සමරන රටක නිදහස ලැබු දිනය නොදන්නා එවුන් සිටිය හැකිද,දිනය කෙසේ වෙතත් නිදහස ලැබු අවුරුද්දවත් නොදන්න එවුන් මේ රටේ සිටි,"අපි ඉපදුනේ 90 ගණන් වල අපි කොහොමද ඉතිං ඕවා දන්නේ"මේ උන්ගේ තර්කයයි උන්ට ඉතිහාසය වගක් නැත ජාතික වීරයො අදාල නැත,මැච් එකක කොඩිය හෙල්ලිමට හැකි නම් එය ප්‍රමාණවත්ය,එහෙම කරාම ඌන් හෙන ලාංකිකයිලු ඉතිං,

                  දවසට තුන් හතර පාරක් ඇහෙන ජාතික ගියේ පද ටික හරියට ඔළුවට දා ගන්න බැරි සිංහලයන් සිටින රටක නොදන්න භාෂාවකින් ගැයෙන ජාතික ගීයකට සිරුවෙන් සිටිමට ද්‍රවිඩයන් හුරු කිරිමේ උචිත අනුචිත බව තව පාරක් සිතා බැලිය යුතුය,

             උතුර ලොකයට විවර වෙන්නේ අවුරුදු තිහකින් පසුවය,එතෙක් ඔවුන් රටකට අරගල කලා විනා ඔවුන්ට කියා රටක් තිබුනේ නැත,1948දි ලංකාව නිදහස ලැබු බවක් ඔවුන් නොදනි,සිගිරියේ කැටපත් පවුරේ පෙම්වතාගේ නම කැටයම් කිරිම තහනම් බව ඔවුන්ට නොතේරෙයි,ඔවුන්ගේ කණට හුරු වේඩි හඩ මිසක් ජාතික ගී නොවේ,තත්වය මෙසේ වෙද්දි ඔවුන්ට ඔවුන්ගේ භාෂාවෙන්න් ජාතික ගීය ගැයිමට අවස්ථාව ලබා දිමේහි වරදක් නොමැති බව රස්තියාදුකාරයාගේ අදහසයි,මන්ද ඒ ලැබු නිදහස ඒ ලැබු අභිමානය දකුණේ පැතුම්ලාට ප්‍රියංකාලාට මෙන්ම උතුරේ සෙල්වම්ලාට සත්‍යාලාට ද දැනේන්න දිය යුතුය,

          1948දි ලබා ගත් නිදහස අපිට වගේම ඔවුන්ටත් අයිතිය,එදා කැරලි ගසා නොලැබු නිදහස අවසානයේ බුද්ධිමය මත වාදයන්ට පෙරළෙද්දි ලංකාව වෙනුවෙන් හඩ නැගුවේ පොන්නම්බලම් රාමනාදන්,අරුණාචලම්ය,එදා ඔවුන් හඩ නැගුවේ ලාංකික බව වෙනුවෙන් මිසක් ජාතියක් වෙනුවෙන් නොවන බව පැහැදිලිය,එසේ රටම එක් වි ලබා ගත් නිදහස අයිති මුළු රටටම බව මතක තියා ගත යුතුය,

        එදා සුද්දා රට අල්ලද්දි අපේ දේශපාකයන්ට මනා පාඩමක් ඉගැන්විය එනම් ඔනැම ජන කොට්ඨාසයක් බෙදා පාලනය කිරිම පහසු බවය,එය ලංකාව නිවැරදිවම අනුගමනය කරයි,මෙය එක රටකි නමුත් පළාත් වශයෙන් දිස්ත්‍රික්ක වශයෙන් නගර වශයෙන් සාමාන්‍ය පරිදි බෙදි ඇත,නමුත් අපේ එවුන් ඊටත් එහාට ගොස් ගම් වශයෙන් ඊටත් පසුව පාසල් වශයෙන් එක පාසලෙත් නිවාස වශයෙන් ආදි විවිධ ක්‍රම මගින් බෙදාගෙන ඇත,එවිට පාලකයන්ගේ අවශ්‍යතා අනුව මෙවා අවුස්සා ආතල් ගත හැක,ඉතිං කරුමෙකටවත් මෙ බෙදිම් අහවර වුනොත් කෙළවෙන්නේ ඔවුන්ටය,එක නිසා මොකක් හරි කර මේවා රැකගැනිමට උත්සහ කළ මැනවි,

             ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගැයිම ව්‍යවස්ථානුකූලය,නිදහසින් කාරි නැත මෙයට ඉඩ නොදිය යුතුය,එසේ වුනොත් කෙලවෙන්නේ මනාප ටිකටය එක නිසා මුංව කෙසේ හො ඇවිලිම යෙහෙකි,මේ ජාතික ආලයෙන් හොයන පිළිතුරු විය යුතුය,කරුමෙක අහිංසක කොල්ලා හිරේ දමලාය,හිටපු ජනාධිපති කෙනෙක්ගෙ පුතෙක් වෙලත් අඩුම තරමේ TV චැනල් එකක් පටන් ගැනිමට නොහැකි නම් මේක මොන ආකරයේ නිදහසක්ද?කොහොමවුනත් ජනාධිපති සමාව දි කොල්ලාව නිදහස් කරා නම් අයේත් පන්සල් යන්නට හැකිය,අනුකම්පාවෙන් බලා අර Fcid කියන මගුලත් අහොසි කරා නම් නිදහස තවත් සුපිරිය හෙන අර්ථවත්ය එවිට නිදහසේ හොරකමක්වත් කර ගත හැකිය,මෙවාට කියන්නේ ජාතික කැක්කුමයලුය,

           ද්‍රවිඩ ජාතික ගීය ගැන දෙහි කපන පිරිස් පොන්නම්බලම් රාමනාදන්ලාට,අරුණාචලම්ලාට එතකින් ගියාම මුත්තයියා මුරලිදරන්ලාට,පර්වේස් මහරුෆ්ලාට,ඩන්කන් වයිට්ලාට ලාංකිකකම ගැන වහාම ඉගැන්විය යුතුය,මන්ද ඔවුන් ඔවුන්ගේ ජාතියට මහා ද්‍රොහි කමක් කර ඇත,මේ අපේ රට උඹලා සුළු ජාතින් එහෙනම් උඩ පනින්නේ මොකටද අපිට ඔය පදක්කම් සම්මාන වැඩක් නැ අපිට වටින්නේ අපේ ජාතිය,එය ගොඩනගන්නට නම් රුපියල් සීයක ආධාරයක් කිරීම අනිවාර්යය,

             ඉදිරියටත් මුං සිංහල මුං දෙමළ මුං මුස්ලිම් කියා මරාගෙන පලක් නැත,එක රටක් වශයෙන් අප හැමොම නිදහස්ය,එය එක් ජාතියකට අහිමි කිරිම ලැබු නිදහසද වෙන්දෙසි කිරිමකි,සැවොම ලාංකිකය අප වෙහෙසිය යුත්තේ බෙදි වෙන් විමට නොවේ,
"විවිධත්වය මතින් එකීයත්වය ලබා ගැනිමටය"එවිට අනාගතය මිට වඩා සුන්දර වනු නොවනුමානය,

Tuesday 2 February 2016

යහපාලනයෙන් හෙම්බත් වි ඇත

යහපාලනයට දැන් වසරත් ගෙවි ඇත,කොහොම නමුත් අද රට පාලනය කරන්නේ මහින්ද නොවන බව විටෙක සිරිසේනට අමතක වි ඇත ඔහු තාමත් වැඩ කරන්නේ ජනාධිපති පුටුව මහින්දට තබාය,එහෙයින් ලංකාවේ දැන් ජනාධිපති මහින්ද හෝ රනිල් නොව තමා බව සිරිසේන ජනාධිපතිතුමන් තමාටම පසක් කර ගත යුතු කාලය මේය බව රස්තියාදුකාරයාගේ අදහසයි අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා පලක් නැත,හදිසියේ හැටියට නම් ඌ දැනටමත් ඉස්තාලය පැන යාමට පිඹුරුපත් සකසා හමාරය,

            මිට වසරකට උඩදි සිරිසේන මහත්තයා ලබාගත් ජයග්‍රහණය කවුරු කෙසේ කිවත් සුළු පටු නැත එය ඓතිහාසික ජයග්‍රහණයක් වන්නේ පළවෙනි වතාවට ජනාධිපතිවරයෙක් ගෙදර යැවු නිසාම නොවේ,එම ජයග්‍රහණය ලබාගත්තේ මහින්ද රාජපක්ෂට එරෙහිව නිසාය,චන්ද්‍රිකා මහින්දට අගමැතිකම දෙන විට මහින්දට වඩා මිනිසුන් අතර සිරිසේන,මංගල නමක් හදාගෙන සිටියේය,නමුත් අවසානයේ අගමැති පුටුව කැරකුනේ මහින්දටය,අගමැති පුටුවෙන් ඉහලට ගිය මහින්ද ජනාධිපති වි අවසානයේ නතර වුයේ රජ පුටුවේය,

            අද සිරිසේන පක්ෂ නායකකම ගත් ආකාරය ගැන ප්‍රශ්න කරන මහින්ද වාදින්ට එදා මහින්ද චන්ද්‍රිකාව දේශපාලනයෙන් එලවු හැටි අමතක හැටි පුදුමය,නමුත් මහින්ද තාම යහතින් දේශපාලනය කරයි,ඔහුගේ වේදිකා කවුරුත් ගිනි තියන්නේ නැත,කතා කරන විට කරන්ට් කපන්නේ ද නැත,යොෂිත වෙනුවෙන් කදුලු හෙලන මහින්දට,ප්‍රදිප් එකනැලිගොඩ දරුවන්ගේ කදුලු විහිළුවක් විය,අද නිතිය සාධාරණත්වය ගැන කතා කරන මහින්ද ෆොන්සේකාව හිරේ දැම්මේ කුමන චොදනාව යටතේද යන්න සොයා බැලිම වටි,මහින්ද එතකින් නැවතුනා නොවේ අවසනයේ අගවිනිසුරුවරියවද ඉවත් කලේය,මහින්දගේ කාලයේ පැවතුනේ වෙනස් නිතිය එකල මුලින්ම හිරේ දමා පසුව චොදනාව සාකච්චා කර තිරණය කරයි මේවා අපුරු ප්‍රමේයන්ය,

              රස්තියාදුකාරයා මේ කතාකරන්නේ මහින්ද යුගය ගැන නොවේ එවා දැන් පරණ කතාය,ඇතැම්විට මහින්දගේ මල් පොහොට්ටුව පළාත්සභාවට වැඩ කලොත් යලිත් ඉතිහාසය අළුත් විමට ඉඩ ඇත,එ ගැන දැන්ම පැවසිමට කල් වැඩිය,නමුත් යහපාලනය ගැන කතා කල යුතුව ඇත ඉස්සෙල්ලා කියුවත් වගේ සිරිසේන මහත්තයාට තාම ජනාධිපති පුටුව අමතක වි ඇත,ජනාධිපති කැල්ල නමෙන් හැලෙන්නට කලින් තමන් ජනාධිපති බව සිරිසේන මහත්තයාට මතක් වුවේ නම් යෙහෙකි,

                 ඇත්ත කතාව නම් මහින්ද මහත්තයා පැරදුනේ විහින්ය,බිසිල්ලා,විමල්ලා ලං කර ගන්නා විට මහින්දට සිරිසේනලා,රෙජිනොල්ඩ් ලා අමතක විය,ජොන්ස්ටන්ලා,ඩිලාන්ලාගේ වචන පිළිගත් මහින්දට තමාව ජනාධිපති කෙරු jvp කාරයන් හතුරෝ විය,මහින්ද පැරදුනේ නැත මහින්දව පැරද්දුවාය,මේවා නොවන්නට අදටත් ජනාධිපති මහින්දය එකේ තර්කයක් නැත,පක්ෂ පුටුවෙනුත් විසි වෙන්නට ඔන්න මෙන්න හිටි රනිල්ට කවදාවත් සිරිසේන නොහිටින්නට මහින්ද පරාද කරන්න බැරිය,එක රනිලුත් දන්නවාය මන්ද තමාට ජනාධිපති වෙන්න හැකියාවක් ඇත්තම් රනිල් කිසි විටක සිරිසේනට අපේක්ෂකකම දෙන්නෙ නැත,කොහොම නමුත් දැන් ජනාධිපති සිරිසේන මහත්තයාය,රට පාලනය වෙන්නේ යහපාලනයෙන්ය,

         යහපාලනය ස්ථාපිත වි අවුරුද්දක් ගෙවි හමාරය මේ අවුරුද්ද ඇතුලත මහින්ද කෙරු වැරදි බොහොමයක් සිරිසේන අතින්ද සිදුවි ඇත,විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය පත් කිරිමේදි සිරිසේන විතරක් නොව රනිල්ද නා ගෙන ඇත,යහපාලනය වෙනුවෙන් කැ ගැසු හරෙන්ලාට,රන්ජන්ලාට,බුද්දිකලාට යහපාලනය කෙරු දෙයක් නැත,යහපාලනයෙන් නියමේට වැඩ ගත්තේ එස්.බි ලාය ඩිලාන් ලාය,එදා හරෙන්ලා,රන්ජන්ලා කැ ගහද්දි එස්.බි ලා සැරසුනේ සිරිසේනට අමුඩ ගසන්නය,එ බව එස්.බි ට අමතක විම එච්චරම පුදුමයක් නොවේ නමුත් එය සිරිසේන මහත්තයාට අමතක නම් එය පුදුමයක් නොව අරුමයකි,

         අද වන විටද මහින්දගේ කාලයේ තිබු සමහර විහිළු රට රකින ඇත්තන්ගෙන් අහන්නට ලැබේ,එදා තමාම ගස් බැද ගත් අතර අද තට්ටු ගණන් වලින් මිනිස්සු ෆන් එකට පනි,මේවා කියන්නේ ජනතාව රැවටිමට නම් එයද එක්තරා විහිළුවක් බව මතක තියා ගැනිම හොදය,

         මහින්දගේ කාලේ ඇමතිවරු පිස්සු නැටුවේය,අවසානයේ ඔවුන්ගේ පවට වන්දි ගෙව්වේ මහින්දය සිරිසේනද අද ලං කරගෙන සිටින්නේ මේ ඇමතිවරුය ඔවුන්ට මහින්ද ද සිරිසේන ද කියා ගාණක් නැත,ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ පව් කර ගැසිමට මොකෙක් හරිය,

             මහින්ද අදටත් කරන්නේ වැරදිය විශ්වාස කරන්නේ වැරදි මිනිස්සුය විමල්ලා,ගම්මන්පිලලා මහින්ද ගාව ඉන්නේ මහින්ද සතුව ඉතුරුව ඇති ජන පදනම නිසාය,මොවුන් ලග තියාගෙන ඉල්ලන්න යන මල් පොහොට්ටුවත් රස්තියාදුකාරයාට විශ්වාස නැත්තේ ඔය case නිසාය,

            ජනාධිපති වු දා සිට සිරිසේන මහත්තයා කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ බලය අල්ලපු එකය අදටත් සිරිසේන මහත්තයා හෙට්ටු වෙන්නේ මේ පක්ෂ නායක කමත් එක්කය,මේ නිසා සිරිසේන මහත්තයාගේ ජන පදනම බිංදුවට බැස ගොස් ඇත,සමහරක් විට ඉදිරි පළාත්සභා මැතිවරණයේදි මේ බව ඔහුටම දැනගත හැකි වනු ඇත යහපාලනයට කැ ගැසු පිරිස් අද එයින් හෙම්බත් වි ගොසින්ය,

      ජනාධිපතිවර්නය කාලේ සිරිසේන මහත්තයාගේ විරයා වු මොදි මැතිතුමාගේ තත්වයද අද වන විට මිට සමානය,මොදිද මැතිවරණයදි තරුණ දේශපාලකයන් සමග කුළුපග වුවත් පසුව වෙනස් විය,එහෙයින් අද මොදි අත් විදින්නේද ලංකාවේ සිරිසේන අතවිදින තත්වමය,

         කොහොම වුවත් රස්තියාදුකාරයාට කියන්නට ඇත්තේ සිරිසේන මහත්තයා මහින්ද රාජපක්ෂ වෙන්නට ගියහොත් තත්වය මිට දරුණු වනු ඇත,එහෙයින් කලයුතු වන්නේ රාජපක්ෂ ඔටුන්න හිසෙන් ගලවා දමා රටේ සාමාන්‍ය මිනිසුන් අතරට යාමය,එවිට ඔය රැක ගන්නට දගලන පක්ෂෙන්ද රාජපක්ෂ උණ ඉවත් වනු ඇත,එසේ නොවුනහොත් යහපාලනයෙන් හෙම්බත් වි ඇති යහපාලන පාක්ෂිකයන්ම දැමු ඔටුනු ගලවා ගෙදර යාමට පාර කියා දෙන දවස වැඩි ඇතක නොවන බව මතක තියා ගත යුතුය,

          බy රස්තියාදුකාරයා

Monday 1 February 2016

Hate story"Love killed,her Soul,Her Body,seeks,ReVenge"

"Hate story" වික්‍රම් බාට් කියන තරුණ අධ්‍යක්ෂකයා සිනමා රූපි කරපු වෙනස් film එකක්,රස්තියාදුකාරයාගේ රස්තියාදුකාර තියරිය අනුව නම් මේ කියන වෙනස මාර යථාර්ථවත්,මොකද අපේ රටේ තියරිය අනුව යථාර්ථය තියෙන්නේ ෂාරුහ්ක්,කාජල් අතින් අල්ලන් දුවන මල් ගස් වටේ,මේ ගස් වටේ දුවන තියරියත් එක්ක බැලුවොත් වික්‍රමට යථාර්ථය miss වෙලා තියෙනවා කියලා ඕනම කෙනෙක්ට හිතෙයි,එත් රස්තියාදුකාරයාට අනුව නම් වික්‍රම්ට අහු වෙලා තියෙන්නේ හරිම තැන,එත් මේක මාර වෙනස්ලු ඉතිං,පුදුම වෙන්න කිසිම දෙයක් නැ,ෂාරුක්ලගේ කාජල්ලාගේ මල් ගස් යථාර්ථය මත ජිවත් වෙන එවුන්ට ලෝක යථාර්ථය මාර වෙනස්,

           කොහොම වුනත් මේ film එළියට දාන්න අධ්‍යක්ෂ වික්‍රම්ට වගේම නිශ්පාදක වරුන්ටත් ලොකු කට්ටක් කන්න සිද්ද වෙලා තියෙනවා,අඩුම තරමේ චිත්‍රපටය ප්‍රචාරණය කරන්න ඉන්දියාවේ මාධ්‍ය ආයතන කැමති වෙලත් නැ,රස්තියාදුකාරයාට දන්න හැටියට මිනිස්සු ගොඩක්ම බය ඇත්තට,තමන්ගේ ජිවිතේ වෙන එකෙක් ජිවත් වෙනවාට මිනිස්සු බයයි මොකද තමන්ගේ වංහුං කොහෙන්හරි එළියට පනි කියලා,මෙන්න මේ හේතුව නිසා වෙන්න ඕන වික්‍රම්ලට මේ film එක එළියට දාන්න පට්ට කට්ටක් කන්න වුනේ,කොහොම වුනත් අන්තිමට film එක එළියට ආවා,මහා ලොකු සාර්ථකත්වයක් නැති වුනත් ටික කාලේකින් මුළු ඉන්දියාවම කතා කරන film එකක් වුනා,ඇත්තටම තමන්ගේ කතාව ගැන film එකක් ආවම රෙද්දක් පෙරොගෙන හරි බලන්නත් එපැනේ,කොහොම වුනත් අන්තිමට film එක hit කියලා තමා ඉන්දියාව පැත්තේන් ඇහුනේ,

         Hate story සම්පුර්ණයෙන්ම ගෙතිලා තියෙන්නේ තරුණියක් වටා,ආදරයේ නාමයෙන් මේ කෙල්ලගේ මුළු ජිවිතේම විනාශ කරන සෙල්ලක්කාර කෝටිපති කොල්ලෙගෙන් පළිගැනිම තමා film එක පුරාම විසිරි යන්නේ,කොහොම වුනත් තමන්ට මේ ලොකේ කිසිම දෙයක් නැති බව දැනුනාම මේ යුවතිය දිනන්න තොර ගන්නේ තමන්ගේ ශරිරය,ඇය ඒ වෙනුවේන් සුපිරි පෝසතුන් කුල්මත් කරන ප්‍රසිද්ධ වෛශ්‍යාවකගේ සහය ලබා ගන්නවා,අවසානයේ ඇය තමන්ගේ ශරිරය මතින් ප්‍රසිද්ධ සාර්ථක ව්‍යාපාරිකාවක් වෙනවා,මේ කෙල්ල තමන්ගේ ජිවිතේ විනාශ කරපු සෙල්ලක්කාරයගේ ව්‍යාපාර නැත්තට නැති කරලා පාරට ඇදලා දානවා විතරක් නෙමේයි,තමන්ගේ ශරිරෙත් එක්ක සෙල්ලම් කරපු බොහෝ දෙනෙක්ව බන්කොලොත් කරනවා,එ අතර ඇමතිවරු පවා ඉන්නවා කොටින්ම අන්තිමට කැබිනට් මණ්ඩල තිරණ වලට පවා මේ කෙල්ල මැදිහත් වෙනවා,සැලකිය යුතු කාරණය නම් මේ කිසිම තැනකදි ඇය ගණිකාවක් වෙන්නේ නැ,ඇය හැමවිටම ගණුදෙනු කරන්නේ තමන් සමග යහන්ගත වෙන කෝටිපතියාගේ හැගිම් සමග මිසක් සල්ලි සමග නෙමේයි,මෙන්න මේ හේතුව නිසා මේ කෙල්ල ගණිකාවකගෙන් වෙනස් වෙනවා,

           තියරිය ටිකක් අමාරුයි වගේ නේද??මෙහෙමයි කවුරුහරි කෙල්ලෙක් මොකකහරි company එකක ලොකු රස්සාවකට interview එකකට ගියා කියමුකෝ මේ වෙලාවේ එතන ප්‍රධානියේක් ඇයගෙන් job එක දීමේ පොරොන්දුව මත ලිංගික අල්ලසක් ඉල්ලනවා කියමුකෝ,එතකොට ඇය එයට කැමති වුනොත් සමහර විට ටික කාලෙකින් ඇයට company එකේ අයිතිකාරයා වෙන්නත් පුළුවන්කම තියේනවා,මෙතනදි වෙන්නේ අර පරණ job එකම තමයි නමුත් ගණුදෙනු කරන්නේ මුදල් සමග නෙමෙයි හැහිම් සමග,මෙතනදි කිසිම අවස්ථාවක ඇය වෛශ්‍යාවක් වෙන්නේ නැ,ඇය ලොකේට සාර්ථක ව්‍යාපාරිකාවක් කවුරුත් ඇයට බඩුව කියන්නේ නැ,නමුත් සිද්ද වෙන්නේ පරණ කතාවම තමයි ටිකක් මුහුණුවර වෙනස්,

              මේ film එක රස්තියාදුකාරයාට වෙනස් වෙන්නෙ මෙන්න මේ යථාර්ථය නිසා,මොකක් වුනත් අපි අතපත ගාන සමාජයේ ඇත්ත මෙකයි,ඕනම අවස්ථාවකදි කෙල්ලෙක් වෙනුවේන් කොල්ලෙක් ඉදිරිපත් වෙන්නේ එක්කො එ කෙල්ලගේ හිත දිනාගන්න නැත්තන් ඇග දිනාගන්න,මේ කතාවේ එ ගැනත් සදහන් කරලා තියෙනවා,කෙල්ලගේ ජිවිතේ හැම අසීරු අවස්ථාවකදිම ලගින් ඉන්න මිතුරා ඇයට හිතින් ආදරය කරනවා,රස්තියාදුකාරයාට අනුව නම් මේක සිරා යථාර්ථය,කවුරු වුනත් මේ කෙල්ලගේ ලගින් ඉන්නේ එක්කො ඇයගේ ශරිරය වෙනුවෙන් නැත්තන් ඇගේ ආදරය වෙනුවෙන්,

          කොහොම වුනත් රස්තියාදුකාරයා දන්න හැටියට මේ සමාජේ ගොඩක් ජිවිත වල වැහිලා තියේන ඇත්ත මේක,රස්තියාදුකාරයාට කියන්න තියෙන්නේ අවසාන වශයෙන් මේ සමාජය විශමයි,ගොඩක් පිරිමි කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ ඇත්තටම ඉදිරිපත් විය යුතු නිසාම නෙමෙයි එ ඉදිරිපත් විමට සාපේක්ෂව මොකක්හරි බලාපොරොත්තුවෙන්,

         මේ ලොකේ දියුණු වුනේ තාක්ෂණය විතරයි කොච්චර විද්වත් වුනත් අපි තාමත් හැගිම් වලින් ගල් යුගයේ,මෙක නිසා තමා අපි තවමත් හැගිම් වලින් ආදි ගල් යුග මනුෂ්‍ය සොබාවයන් අත්දකින්නේ,මොනවා වුනත් මේකත් එක වෙලාවකට බොහොම සාමාන්‍යය කාරණයක් අද ලෝකෙට සාපේක්ෂව



           බy රස්තියාදුකාරයා