Tuesday 22 March 2016

ලංකා පුංචි තිර උරුමය වනසන ඉශි අම්මලාගේ ටෙලි කරුමය,

     එට්කා ශ්‍රී ලංකාවට එනවාලු මළ කෙලියයි ඔන්න ඔහේ තියෙන බොඩ් කැල්ලක් උස්සගෙන වරෙන් යන්න,අප්පච්චිත් කියනවා එට්කා ආවොත් අපේ රටට මහා විනාශයක්ලු වෙන්නේ,ඉන්දියාවේ මිනිස්සු ලංකාවට ආවොත් අපේ කොල්ලන්ට කෙල්ලන්ට රස්සාවල් නැති වෙයි අපේ එවුන් කොහේ කියලා යන්නද,එක නෙමෙයි ඉශිතාට මොනවා වෙයිද බං,රමන්ට කොහොමත් වටින්නේ නැ ඉශිතාට මෙහෙම කරන්න,පව් අප්පා ඒ අහිංසකි මගේ පපුවත් එක්ක මෙව්වා වෙනවා බං ඉශි අම්මා ගැන හිතද්දි,

        මේවා කොහෙත්ම විහිළු නෙමේය අද ලංකාව දුවන්නේ මෙසේය අපි කන මිරිස් කරලේ පටන් අදින ඇදුම පාවිච්චි කරන ෆොන් එක මේ හැම තැනම අරක් ගෙන ඉන්නේ ඉශි අම්මාලාය,නමුත් එට්කා එපාය එට්කා ආවොත් අපට කෙළවෙයිලුනේ,සිපා එට්කා එපා කියන එවුන් ඔය බොඩ් ලැලි උසන්න කලියෙන් ඉශි අම්මිලත් එ එක්ක සෙල්ෆි ගසන්නට පොර කැ එවුන්ය,

           මුල්ම වංගියේ මේ ලෙසින් ලාංකිය පුංචි තිරයට ආවේ ඕශින්ලාය,නයිට් රයිඩර්ලාය මිනිසුන් ජාතික රුපවාහිනිය වටේට එක් වි ඔශින් වෙනුවෙන් කදුළු හෙලුවේය ,මේසේ ආරම්භ වු විදේශිය හඩ කැවිමේ ටෙලි සංස්කෘතිය තිව්‍ර කලේ සිරසෙන්ය එලෙස ශාන්තිලා ප්‍රගතිලා ලංකාවට පය තැබුහ,ශාන්ති ඔශින්ට වඩා පට්ටය කොල්ලන්ට ගහන්නේ දුවන්නය,මේසේ සැම ගෙදරකින්ම ඉඩක් ශාන්තිලාට වෙන් විය,ශාන්ති,ප්‍රගති පවුලේ සාමාජිකයන් විය,මිට පසුව ලං වුයේ තුල්සිගේ කාලයයි,තුල්සි එක දිගට වසර අටක් පුංචි තිරය උලාගෙන කැවේය,


     ඒ කාලයේ පාසල් වල ඩේ කාඩ් උන්මාදයක් ආ යුගයයි,කොල්ලො සුපර් මැන් ස්පයිඩර් මැන් ලාගේ කාඩ් පොත් වල අලවා ගනිද්දි කෙල්ලො හොරෙන් හොරෙන් තුල්සිලාගේ මිහිර්ලාගේ කාඩ් පොත් අස්සේ කොට්ට අස්සේ දමාගෙන පෙම් කලේය,එ කාලයේ පාසල් අතරේ වඩාත්ම ජනප්‍රිය වුයේ ප්‍රවිනා-අනුරාධය,උන්ගේ ඩේ කාඩ් ගන්නට කොල්ලො කෙල්ලො පොර අල්ලන්නට විය,කොල්ලො කාමරයේ තිබු ස්පයිඩ මැන්ගේ රුපය උඩින් ප්‍රවිනාගේ රුපය අලවා ගත්තේය,

     තත්වය මෙසේ වෙද්දි සිරසෙන් තවත් අළුත් වැඩකට මුල පිරිය එ අනුව වසුදා පුංචි තිරයට පය තැබිය,මෙය සම්පුරණයෙන්ම හින්දි ටෙලි ආභාෂය අනුව නිපැයිනි,මේ ආරම්භ වන්නේ සිංහල මෙගා ව වංශයයි,

         මුලදි මේ සිංහල මේගාවට පට්ට විවේචන ආවේය,බොහො රංගන ශිල්පින් ශිල්පිනියන්,අධ්‍යක්ෂක වරුන් මෙයට විශාල විරොධතාවයක් දැක්විය,නමුත් සිරස මේවා තඹ දොයිතුවකට මායිම් නොකලේය,ඔවුන් ඊට ප්‍රතිචාර ලෙස තවත් මෙගා ටෙලි නාට්‍යය වලට කාලය වෙන් කෙරුවේය,මෙය ඉවසුම් නොවු ලාංකිය අධ්‍යක්ෂක වරුන් තමන්ගේ නාට්‍යවලට shape එකේ කොටස් විසි පහක් තිහක් add කලේය,ගැටළුව පටන් ගන්නේ මෙතනින්ය,

        මෙලෙස නාට්‍ය වලට shape එකේ කොටස් විසි පහ තිහ add වි කොටස් හත්සියය අටසියය දක්වා දික් වන්නට විය,එවිට ජිවිතේට තමන් මෙගා වල act නොකරනවායැයි දෙසාපු එවුන් හුදෙක් තම බඩ වියත රැක ගැනිමට පමණක්ම මේගා වලට සේන්දු විය,

         අද මේගා සිංහල ටෙලි කලාවට කෙලවා හමා එදා මෙගා එපා කිවු එවුන්ම අද මෙගා බදාගෙන ගුණාත්මක සිංහල නාට්‍යය කලාවක් වෙනුවෙන් පෙනි සිටිම හාස්‍යජනකය,නමුත් තත්වය මෙසේය tv චැනල් දුවන්නේ අනුග්‍රාහක වෙළෙද දැන්විම් මගිනි අනුග්‍රාහකයින් සිටින්නේ මිනිසුන් බලන ටෙලි නාට්‍යය වලටය එසේ නම් මිනිසුන් කට උඩ තියාගෙන බලන්නේ මෙගාය,ඉශි අම්මලා වෙනුවෙන් අනුග්‍රාහකයින් වැසි වසිද්දි ඇතැම් සිංහල ටෙලි නාට්‍ය වලට බල්ලෙක්වත් සොයා ගැනිමට නොහැකිය,මේ අද බොහෝ tv චැනල් වල ඉශි අම්මලාට තරගයට දමන්නේද ජොදාලාවය,ඉශානිලාවය සමහර කාල වලදි මිට අඩු වැඩි වශයෙන් ගුජුම් පියොලාද දායක වෙයි,එවිට ප්‍රිතියෙන් මුසපත් වි යන අනුග්‍රාහක් භවතුන්ගේ ජාත්‍යාලය වැඩි වි නරඹන්නන්ට දොත පුරා තැගි දිමට ගනි,සුපිරිය තැගි දෙනවා නම් ඕන ජරාවක් මසුරන්ය,නමුත් මේ ඉශි අම්මලා ජොදාලා tv අරක් ගන්නේ අවුරුදු හත අටකටය මෙයින් වැලකි යන්නේ සිංහල ටෙලි නාට්‍ය කරුවන්ගේ හැකියාවය,විකාශය කර ගැනිමට කාලය නොමැතිව සිංහල ටෙලි නාට්‍ය චැනල් වල පල් වෙයි තමන්ගේ මුළු සේසතම වියදම් කරගෙන කරපු නාට්‍ය නිකන් හෝ පෙන්වා ගැනිමට හෙට්ටු වන අසරණ නිශ්පාදකයන් අදද නාලිකා තුල දකින්නට ඇත,එසේම විකාශය වන ටෙලි නාට්‍යය වලට එක අධ්‍යක්ෂක කෙනෙක් තිරපිටපත් රචකයෙක් නැත,කතාව පටන් ගනිදිදි අධ්‍යක්ෂකවත් නාට්‍යයේ අවසානය නොදනි,ටෙලි නාට්‍ය මගදි ප්‍රධාන නිළිය ගැබ්බර උවහොත් අවුලක් නැත වෙන එකක් දමා act කර ගත හැකිය,මෙවැනි සිම්පල් පැල්න් තුලින් සිංහල ටෙලි නාට්‍ය මොට කර ඇත,මේ හේතු නිසා අද කලාකාරයෝ කුලි වැඩපලවල්වලය,

        එට්කා රටට සමජයට හොද නැත එයින් රටටත් සමාජයත් සිදු වන්නේ විශාල ව්‍යසනයක්ය,කතාව ඇත්තය තර්කයක් නැත නමුත් එට්කා වලින් අද සිදුවිමට යන විපතට වඩා ලොකු විපතක් මේ ඉශි අම්මලා නිසා ලංකාවට වසර ගණනක් තිස්සේ සිදු වේ,තරුණ අම්මලා බොහෝ විට මේ ගොන් හැලි නරඹන්නේ තම කුඩා දරුවාව ඔක්කේ ගසාගෙනය මෙයින් වෙන්නේ අම්මාට වඩා දරුවා මේ මගුල් වලට ලොල් විමය,ඇතැම් නිවස් වල අම්මාට කතාව යන වෙලාව මතක් කරන්නේ නසරි යන දරුවාය,මේ ලගකදි රස්තියාදුකාරයාගේ හොදම යෙහෙළියගෙන් ඉතාම සතුටු ආරංචියක් ලැබිනි,බහ තොරන වයසේ සිටි ඇයගේ නොදරුවා මුලින්ම කියා ඇත්තේ ඉශිතා කියා බවය,ඇයට මේ ගැන පට්ට සතුටුය,රස්තියාදුකාරයාට සතුට වැඩිකමට සිනා වෙන්නද හඩන්නද කියා සිතා ගැනිමටවත් නොහැකිය,

     ඉශි අම්මා පොර වෙන කතාවේ බොහෝ විට ආදරය පටලවා ඇත්තේ ලිංගිකත්වයත් සමගය ලංකාව වගේ සංස්කෘතිකත්වය පදනම් කර ගත් රටක දරුවෙකුට දෙමාපියන් සමග එක්ව මේවා නැරඹිය හැකිදැයි ඇත්තේ ලොකු ප්‍රශ්නයකි,

      එදා සිපා වලට අද එට්කා වලට එරෙහිව එසවුනු අත් කවදාවත් ඉශි අම්මලාට එරෙහිව නොඑසවේවි නමුත් ඔය සිපා වලට වඩා ලොකු විනාශයක් අද වන විට රටට ඉශි අම්මලා කර හමාරය,දේශිය කලා කරුවන් වෙනුවෙන් නොහැකිනම් ඉශි අම්මලාගේ අත් අල්ලන් විනාශයට පය තබන අපේ අනාගතය වෙනුවෙන්වත් එක අතක් ඔසවන මෙන් එක හඩක් නගන මෙන් ඉල්ලන්නේ,ඇතැම් විට මෙය මෙසේ හඩ නැගිමට හම්බවෙන අවසන් කාලය විය හැකි බැවිනි,
         


                   බy රස්තියාදුකාරයා,