Monday 12 February 2018

ඔව් ඔව් එක තමා මේක,වෙනස යකෝ වෙනස .........



                            සමහරවිට සිරිසේන මහත්තයා ඡන්ද ප්‍රතිඵල දැන ගන්නේ අද පත්තරෙන් විය හැක,එම නිසා දැන්ම මෙව්වා ගැන උත්තර දෝඩන එකක් නැ මයේ හිතේ,මක්ක වුනත් කාරි නැ,රස්තියාදුකාරයා මැතිවරණයෙන් දිනපු පොහොට්ටුවට සුභ පතන ගමන් කාලෙකට පස්සේ අකුරක් කොටන්නයි ඕං සුදානම,ඇයි හත්ඉලව්වේ   දොඩන්නේ නැතුව ඉන්න පුළුවන් සංතැසියක් ඇ මේ වේලා තියෙන්නේ,දිනපු ඇයෝ ඇවිත් ආණ්ඩු පෙරලන්න යනවයි කියලත් රුප පෙට්ටියෙන් කියනවා ඇහුනා,මේච්චර අලකලංචියක් වෙනකම් අර මනුස්සයාට පත්තරේ බෙදපු නැති එකා අහු වුනානම් මට අම්මපා ගහනවා ඕකට මඩු වලිගයක් කැඩෙනකම්,සිරිසේන මහත්තයා එහෙම මෙව්වා දන්නවානම්..............එක අතකට දැනගත්තා කියලත් මොනවා කියලා කොරන්නද,ඔය ප්‍රතිඵල හම්බු වේලා තියෙන්නේ කොරපුවගේ තමා,එක නිසා කියන්න තියෙන්නේ තවත් මුකුත් කොරන්න යනවා එහෙම නෙමේයි ඕං,එත් අපරාදේ කියන්න බෑ රනිල් මහත්තයා නම් මෙව්වාට නොනිදා උත්තර  හොයනවා ඇති ඇයි යකඩෝ මනුස්සයෙකුට නම් වැරදුනා කියමුකෝ,ඇග පුරාම මොළේ තියෙන මොළයකට වැරදුනා කිව්වාම ලේසියැ,

                       ඇත්තටම මේ පාර මොකෝ වුනේ මහින්දගේ කාලේ නම් හොර ඡන්ද දාලා කියලා හරි ශේප් වෙන්න තිබුන දැන් මක්ක කියලා කියන්නද,මං නම් කියන්නේ මෙව්වා රටේ මිනිස්සුන්ගේ වැරදි,ඇත්තටම මේ ටික කාලේට රට දියුණු වුනේ සුළු පටු විදිහකටද මුන්ට මෙව්වා පෙන්නේ නැති හැටියක්,අහ් සමාවෙන්න ඕනා අපේ රට ඇත්තටම සිග්‍ර සංවර්ධනයක් ලැබුවා ඒත් අපේ නිරහංකාර සරල ජනාධිපතිතුමයි,අපේ බුද්ධිමත් අගමැතිතුමයි මේ සංවර්ධනය රහසක් වශයෙන් තියාගන්න කල්පනා කොලා,එක නිසා උඹලට පෙන්නේ නැති වුනාට රට සංවර්ධනය වේලා යකෝ,එක තමා උඹලා හෙව්ව වෙනස,එහෙවු ආණ්ඩුවකට උඹලා මෙහෙම කොලේ,හිතක් පපුවක් නැති පර හැත්ත,

                  මොකා කොහොම දෙඩුවත් රස්තියාදුකාරයා නම් කියන්නේ මේක අතිශය සාමාන්‍ය ප්‍රතිඵලයක්,ඇත්තටම මේක මාවලස් රිසාල්ට් එකක් නොවන්නේ මේ ඡන්ද ටිකම මහින්ද මහත්තයා 2015දිත් ලබා ගත්තු නිසා,පැහැදිලිවම මේ ඡන්ද වැටුනේ පොහොට්ටුව කියන ලකුණට නෙමෙයි,යුද්දෙන් රට නිදහස් කරපු නායකයාට,ඒත් මේ රිසාල්ට් එක ෆුල් මාවලස් කොර ගත්තු ඇයෝන්ට මේක අළුත් දෙයක් වෙන්නේ මේ ඡන්ද පොහොට්ටුවට වැටුන එක,කොටින්ම මේ ඡන්ද ටික ගන්න නම් මහින්ද මහත්තයට ලකුණක් වැඩක් නැ,එත් මේ ජන පදනම මහින්ද මහත්තයට වැටුනේ කොහොමද කියන එක අවදානය යොමු විය යුතු කරුණක්,මේතන ෆුල් මාවලස් එක තියෙන්නේ හරියාකාර පක්ෂයක් නොමැතිව කිසිම පසුපෙළ කිසිම ජනපදනමක් නොමැතිව මේවැනි ඡන්ද ප්‍රමාණයක් එක් පුද්ගලයෙකු වටා රොක් විමයි,පැහැදිලිවම මේ ජන පදනම දැමුවේ කැපුවත් නිල් කියා ගත්නා සිංහල බෞද්ධ ශ්‍රී ලංකා කරයින්‍ ය,

               තත්වය මේසේ නම් සිරිසේන මහත්තයාට තවත් පත්තර බල බලා ඉන්නට වෙලාවක් නැත,ඔහු නායකත්වය දෙන පක්ෂය මේ වන විට කුණාටුවකට හසුවි හමාරය,ශ්‍රී ලංකා කාරයින් මෛත්‍රි ජනාධිපතිතුමාට අපමණ අගයක් ලබා දි ඇත්තේ මෙසේනම්,ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තත්වය ඉතා දරුණුය,බොහෝ පිරිස් පවසන්නේ මේ ඡන්ද ප්‍රමාණයත් එක්ක තව ජනාධිපතිවරණයකදි නම් ගැටළුවක් නැතැයි කියාය,නමුත් රස්තියාදුකාරයාට පෙනෙන අන්දමට තත්වය මිට හාත්පසින්ම වෙනස්‍ ය,නිදහස් පක්ෂය සතු අද වන විට පවතින මේ ඡන්ද පදනම බොහෝ විට ජනාධිපතිවරණයකදි නම් සේදි යනු නිසැකය,හේතුව වන්නේ නිදහස් පක්ෂය සතු මේ ජනපදනම වැටුනේ සිරිසේන මහත්තයා නිසාවත් බුලත් කොළය නිසාවත් නොව,බොහෝ විට ගම් මට්ටමේ අපේක්ෂයන්ගේ ක්‍රියාකාරකම් නිසාය,නිදහස් පක්ෂය ලබාගත් මේ ඡන්ද අස්සේ පොහොට්ටු ඡන්ද බොහොමයක්ද රැදි පවති,එහෙම වුවහොත් ජනාධිපතිවරණයකදි නම් මහින්ද මහත්තයා සතු මේ ජන පදනම තව තවත් වැඩි වනු ඇත,අනික පවතින තත්වය අනුව යළිත් UNP , ශ්‍රී ලංකා සන්ධානයකට මේ පක්ෂ දෙකේම ජනතාව විරෝධය පළ කිරිමේ ප්‍රවණතාවය වැඩිය,අනික ජනතා විමුක්ති පෙරමුණ බොහෝ විට ඊලග ජනාධිපතිවරණයේදි තම අපේක්ෂයෙක් ඉදිරිපත් කරණු ඇත,මේ තත්වය මත මහින්දට ආයිත් ඉල්ලන්න බැ කියා සැනසිමට කිසිදු හේතුවක් UNP යටවත් නිදහස් පක්ෂයටවත් නොමැත,මන්ද පෙරමුණේ නායකයා මහින්ද නොවේ ඔහු එම පක්ෂයට සහය දැක්වුවා පමණි,එසේනම් ජනාධිපතිවරණයකදි වුවත් ජනතාවට බොහෝ විට අපේක්ෂකයා වැදගත් නොවනු ඇත නාමල් වුවත් බැසිල් වුවත් මහින්ද සහය දුන්නොත් මේ ප්‍රමාණයම නැතිවුනත් බහුතර මනාපය ලබාගැනිමට අපහසුතාවයක් නොවනු ඇත,අනික UNP යටවත් ශ්‍රී ලංකා එකටවත් දැනට පෙනෙන තෙක් මානයේ ජනාධිපති අපේක්ෂයෙක් නැත,එසේනම් පෙරමුණට තවත් ගැටළු නැත ජනාධිපතිවරණයකදි වුවත් මහමැතිවරණයකදි වුවත් ඔවුන් සමග මහින්ද සිටින තාක් කල් ඔවුන්ගේ ජයග්‍රහණය පැහැදිලිය,නමුත් පෙරමුණේ බැලු බැල්මටම අභ්‍යන්තර ප්‍රශ්නයක් පෙනෙන්නට ඇත,ගොඨාභය බැසිල් පාර්ශව අතර ඇති සිතල යුද්ධය තවත් වර්ධනය වුවහොත් මේ ප්‍රතිඵල සියල්ල උඩුයටිකුරු වනු ඇත,එසේනම් මහින්ද ප්‍රමුඛ පාර්ශවය දැන්මම එයට විසදුම් සෙවිය යුතුමය,රස්තියාදුකාරයාගේ මතය නම් පෙරමුණේ මේ ප්‍රතිඵල දෙගුණ තෙගුණ කිරිමට බැසිල්ට වඩා බලයක් ගොඨාභයට ඇත,ඔහු වටා දැනටමත් ජන රැල්ලක් ගොඩනැගෙමින් පවති එයට මහින්දගේ සහය හිමි වුවහොත් UNP යට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හොම්බෙන් යන්නට සිදුවනු නොඅනුමානය,

                  අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන යනු ශ්‍රී ලංකා කාරයන්ගේ තේරිමක් නොවේ,ඔහු ජනාධිපති වුයේ UNP ඡන්ද වලිනි,එසේම සිරිසේන මහත්තයා නොවේ ශ්‍රී ලංකා පාක්ෂිකයන්ගේ මතය තඹේකට මායිම් කොලේ,ඔහු ඔහුට ඕනැ පදේ ගැහුවේය නටන්නට  ඊටම හරියන කම්බාහොරු රැළක්ද ලිස්ට් එකෙන්  ඔඩොක්කුවට දා ගත්තේය,එයිනුදු නොනැවති ඔවුන්ට ඇමති පට්ටම් ගසා ඔවුන්ව තවත් චුන් කළේය,ඡන්දය පෙනෙන මානයේ ගිරිය පුප්පන් කැ ගැසුවාට පලක් නැත,ජයග්‍රහණයට නිසි වැඩපිළිවලක් අවශ්‍යය නමුත් සිරිසේන මහත්තයාගේන්  ජනතාව එවැනි දෙයක් දැක්කේ නැත,ඔහුට ඡන්දයක් කියා දෙයක් ඇති බවවත් මතක නැත,ඇත්තෙන්ම ඔහු විනාශ කර ගත්තේ තමන් ජනවාරියේ ලැබු ජයග්‍රහනය පමණක් නොව ලක්ශ 62ක ජනතාවගේ සිහිනය,එහි ප්‍රතිඵල ඉදිරියට තවත් දරුණු වනු ඇත,නමුත් ඔහුට කඩිනම් තිරණ ගතහොත් තවත් කාලය ඉතුරුව ඇත,ඇත්තෙන්ම ඔහුට නොදැනුනාට ශ්‍රී ලංකා පක්ෂ නායකයා ඔහුය ,අවශ්‍යතාවයක් ඇත්නම් පැරණි ශ්‍රී ලංකා කාරයෝ තමන් ලගට ගැනිම ඔහුට මහ කජ්ජක් නොවේ,මහින්දට පුද්ගලයෙක් වශයෙන් කිසිදු විධායක  බලයක් නොමැතිව මෙතරම් දෙයක් කරන්නට පුළුවන් නම් රටේ විධායක ජනාධිපති ශ්‍රී ලංකා කාරයන්ගේ නිල ලත් නායකයා වශයෙන් ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවිමට UNP යක් අවශ්‍ය නැත,නමුත් ඊට මුලින්ම දැනට ඔය ඔඩොක්කුවට දමාගෙන හුරතල් කරමින් ඉන්නා කම්බ හොරු ටික පක්ෂයෙන් එළවා දැමිය යුතුය,නමුත් ඊට කලින් ඔහු රටේ ජනාධිපතිවරයා බව ඔහු අවබෝධ කර ගත යුතුය,නමුත් ඔහුට මේම පාලන කාලය තුල එය අවබෝධ වේයැයි සිතිමට අපහසුය,

                  නමුත් අවදානම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා ඇත්තේ UNP ය වෙතය,මහමැතිවරණයෙන් පසු ඔවුන් යළිත් වැටි තිබෙන්නේ හිටපු ආගාදයටමය,එහි වගකිමෙන් අගමැති වික්‍රමසිංහට ගැලවි යාමට නොහැකිය,මේ ඡන්දයේ වගකිම පැහැදිලිවම රනිල් රවි ප්‍රමුඛ සහචරයන් පිරිස ලබා ගත යුතුය,නමුත් බලයේ සිටින ආණ්ඩුවක් වශයෙන් UNP ය පට්ට අසාර්ථකය,එය පැහැදිවම ජනතා තින්දුවෙන් පෙනි යයි,නමුත් රනිල් හිනෙකින්වත් UNP යට මෙහෙම වෙයි කියා නොසිතන්නට ඇත,ඔහු සිතුවේ ශ්‍රී.ල.නි.ප දෙකට බෙදි මරා ගනිද්දි UNP ය ගොඩ දමන්නටය,කෙසේවත් බුලත් කොලය නොමැතිව මහින්දට මෙතරම් ජන රැල්ලක් ඇතැයි ඔහු හිනෙකින්වත් නොසිතන්නට ඇත,නමුත් දැන් නොසිතු දේ සිදුවී ඇත යළිත් UNP කාරයෝ ඔහු සමග උරණව ඇත,තත්වය ඉදිරියේදි ද මේසේ වුවහොත්  ඔවුන් වික්‍රමසිංහට විරුද්ධව කැරලි ගසන්නටද දෙවරක් නොසිතනු ඇත,මොනවා වුවත් රනිල් නායකත්වය අත් නොහරිනු ඇත,ඇත්තෙන්ම ඔහු UNP කාරයන්ට කර ඇත්තේ ලේසි පහසු ද්‍රෝහිකමක් නොව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්ව  UNP කාරන්ගේ ඡන්ද වලින් දිනෙව්වා පමණක් නොව මහමැතිවරණයෙන් ලද ජයග්‍රහණයද එහෙන් පිටින්ම බාල්දු කලේය,ඊට ජනතාව ඔහුට අද පිළිතුරු ලබා දි ඇත,සමහරවිට ඉදිරියේදිද ලබාදෙනු ඇත,


             තත්වය මේසේය ඉදිරි මාස කිහිපය ඇතුළත සියලු දේශපාලන පක්ෂ ගන්නා තිරණ මත රටේ අනාගතය පවතිනු ඇත,JVP යද ඉදිරි මැතිවරණ වලදි තිරණාත්මක සාධකයක් වනු නොඅනුමානය ඔවුන් තවමත් ජනතාවගේ හදවත් තුළින් මැකි ගොස් නැත,එසේ නම් ඔවුන්ද ඔවුන්ගේ ඉදිරි තිරණ පිළිබද සැලකිලිමත් විය යුතුය,ඔවුන්ට පැහැදිලිවම ස්ථිර ජන පදනමක් තිබේ ඔවුන්ට එය වර්ධනය කර ගැනිමට නිසි වැඩපිළිවලක් වුවමනාය,ඒ පිළිබද අනුර සහෝදරයා ප්‍රමුඛ JVP නායකයින් අනිවාර්යයෙන්ම උනන්දු විය යුතුය
   
               කෙසේ නමුත් ජනතාව අද බඩු මිල අඩු කිරිම වැනි කරුණු මත තමන්ගේ    මනාපය ලබා දිමට තරම් මොඩ නැත, එසේ හෙයින් දේශපාලකයන්ට ජනතාව ගොනාට ඇන්දවිම දැන් තරමක් අපහසුය,සියලු දේශපාලන තිරණ ගැන ජනතාව අවදියෙනි,එම නිසා දේශපාලන පක්ෂ වල ශේප් නියාය දැන් පලක් නොමැත,එම නිසා ජනතාවට හිතැති තිරණ පමණක් ගැනිමට දේශපාලකයන්ට සිදුවනු ඇත,ඇත්තෙන්ම මේ ඡන්ද ප්‍රතිඵලය පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් වීමේ සුභ පෙර ලකුණක් වනු නිසැකය,

                       
                                  බy රස්තියාදුකාරයා,
       

4 comments:

  1. සිරිසෙනයි රනිලුයි දෙන්නම් වග කියන්නේ ඕනේ පරාජයට.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුති අජිත් තුමා මේ පැත්තට ආවාට,
      අනිවාර්යයෙන්ම අජිත් තුමා මේ පරාජයේ වගකිම ඔවුන්ට ගන්නම වෙනවා,කොහොම වුනත් ඔවුන්ගේ ඉදිරි ක්‍රියා මාර්ග හොදින් හිතල බලලා ගන්න වෙයි,

      Delete