Monday 11 April 2016

අපි Sunny Leone දාලා film එකක් කරමුදැයි,(18+)වැඩිහිටියන්ට පමණයි

අපි Sunny leone ව දාල සිංහල film එකක් කොරමුද?
සුපිරිනේ....නියම අදහස
අපි එකට දාන නම මොකද්ද,
Sunny සමග පියාඹන්න කියලා දාමුද,
ෂා එක මරු,

           තනි තටුවෙන් පියාඹන්න කාලයේ සමාජයේ විශාල කතා බහට ලක් වුනු අදද ඉද හිට කතා මවන චිත්‍රපටියක්,ගොඩාක් උපාසක මහත්වරුන්ට මේ චිත්‍රපටියත් එක්ක ලොකූ ඇරියස් එකක් තිබුනා එක හේතුව මොකද්ද කියලා නම් රස්තියාදුකාරයටත් පැහැදිලි නැ,ඒත් උන් කිව්වෙම මේ මගුල මෙහේ පෙන්නුවොත් අර අපේ සංස්කෘතියට මොකද්ද වෙනවා කියලා,සමහරවිට අනොමාගේ ඇග දැක්කාම සිල් බිදෙනවාද දන්නේත් නැ නොවැ,එහෙව් චිත්‍රපටියක්නේ හදගම මහත්තයා ගැහුවේ,සුළග එනු පිණිස තහනම් කොලෙත් ඔය සිල් බිදෙන කේස් එකටම වෙන්නැ මයේ හිතේ,සම්මාන පිට සම්මාන ගත්තත් මොකටද සිල් බිදෙනවා නම්,එක නිසා ඕවා තහනම් කොරන එකමයි හොද,

           කොහොම වුනත් අපේ පොරවල් කවදත් ඔය තහනම් වලට බය පොරවල් නෙමෙයිනේ නිශ්පාදක හොම්බෙන් ගියත් මොකො ගහන මගුල මුණටම දමලා ගහනවා මෙලො රහක් නැති වුනත් මාළු පියැඹුවේ ආන්න එහෙමයි,කොහොම වුනත් මාළු වුනත් වැඩිය පියාඹන්න හොද නැති නිසාද මන්දා එකටත් වුනේ සුළග එනු පිණිසට වුනු සංතැසියමයි,හැබැයි පියාඹන මාළු බලලා අමන්දානන්දයට පත් වු රසිකයො තමන්ගේ නිළියව දේශපාලනයටත් ගෙන්නන්න කතා කරලා තිබුනා,එත් රටේ කරුමෙට නොමිනෙශන් හම්බ වුනේ නැනේ,

                 ලංකාව ඉතිං හෙන සංස්කෘතියක් තියෙන රටක්නේ ඕවාට එහෙම අවසර දෙන්න බෑලු,හැබැයි අල්ලපු රටේ නම්(ඔව් ඔව් 27යි බ්‍රො)මේවාට මහා ලොකු තහංචි නැ,සමහරවිට සනිගේ කකුල් වලට සිල් බිදෙන්නේ නැතුව වෙන්ටැ,අපේ උපාසක මහත්වරුත් සනි මැඩම් ලංකාවට එනකන් ඇගිලි ගැන ගැන හිටියා ලගදි එත් ආවේ අමිෂාලු,අවුලක් නැ අමිෂා කියන්නේත් හුරු බුහුටි කෙලි පැටික්කිලුනේ,එත් ඉතිං සනි වගෙ නැතිලු සනි ඉතිං කොහොමත් වැඩිය ඇදුම් වලට කැමතිත් නැතිලුනේ,

           කොහොම වුනත් ජිසම් 2 එකෙන් ජනප්‍රිය වුනු සනිට එතකොට පුනම් පාන්ඩේ වගේ රංගන ශිල්පිනියන්ට ජිවිතේට මුහුණ දෙන්න වෙන්නේ නැති ඉරණමක් ලංකාවේ ගොඩක් නිළියන්ට අත් වෙනවා,තිරය ඉදිරියේ සළුපිළි උනා දැමු පසු සනිලාට සුපිරි චරිත සහතික ලියන ගොඩාක් මහත්වරු අපේ නිළියන්ට බඩුවක් කියන්න දෙපාරක් හිතන්නේ නැ,සනි ගැලෙව්වොත් එක රගපැමට අපේ උන් ගැලෙව්වොත් ඒ වේසකමට,එතකොට සනි මැඩම් අපේ එකි පට්ට වේසි,

              නදිශාගේ සිල් බිද ගත්තේ සිංදුව ගැන හෙන රැඩිකල් ටොක් දුන්න පොරවල් වලට ඔය ශකිරලාගේ,රිහානලාගේ songs ෆුල් මාවලස් වෙනවා,ඇත්තටම ඔය ගයේශාගේ නිරුවත පෙනුන බොහො දෙනෙකුට සුළග එනු පිණිසේ නිරුවත් වෙන මහේන්ද්‍ර පෙරේරාගේ නිරුවත පෙනුනේ නැති එක ලොකු පුදුමයක් සමහරවිට පිරිමි හෙළුවට සිල් බිදෙන්නේ නැතුව ඇති,එක නිසා ඔය අධ්‍යක්ෂක මහත්වරුන් එය සිහියේ තබාගෙන දිගටම පිරිමි නිරුවත් කොරන්න යනවා එහෙම නෙවෙයි ඕං,

              අපේ මිනිස්සු බොහෝ වෙලාවට තමන්ගේ වටේ වෙන කිසිම සිදුවිමකදි ඔය කියන සංස්කෘතිය අල්ල ගන්නේ නැ,දැන් හොරු පාර්ලිමේන්තු යවනවා,හොරෙක්ව පාර්ලිමේන්තුවට යැව්වාම රටම කොල්ල කනවා කියලා නොදැනද උන්ව පාර්ලිමේන්තු යවන්නේ,නැ හොදටම දන්නවා හොරකම් කරනවා කියලා එතකොට ඔය කියන සංස්කෘතියේ අවුලක් වෙන්නේ නැද්ද?අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ ලිංගිකත්වය කියන කාරණයට පමණක් ඔය සංස්කෘතිය කියන කාරණේ අදාල කර ගන්න,සමික්ෂණ වලින් වැඩිම sex හොයපු රට විදිහට වාරතා පොත් අළුත් කරද්දි,එතකොට පාසල් යන වයසේ දුවරු ගැබ් ගනිද්දි කියටවත් මතක් නොවන සංස්කෘතියක් අපේ උන්ට සිංහල ෆිල්ම් එකක් බලද්දි ඔළුවට එනවා,කලාවට නිරුවත තහනම් නම් සිගිරියත් තහනම් කරන්න වෙනවා නැත්තන් අඩුම ගානේ වැඩිහිටියන්ට පමණයි කියලා නිතියක් ගෙන්න වෙනවා,මොකො සිගිරි අප්සරාවො දැකලා පොඩි එව්න් නැහැදුනොත් අපේ සංස්කෘතියට මොකක්ද වෙන්නේ,

                එ වගේම පාරේ යන කෙල්ලෙක් දිහා බලලා බඩුවක් කියන කී දෙනෙක් නම් ඇය වෙනුවෙන් ස්වයං වින්දනය කරනවා ඇත්ද?දණිස්සෙන් උඩට ඉස්සෙන ගවුම ගැන දේශනා දෙන කී දෙනෙක් ඇයත් සමග සිහිනෙන් යහන් ගත වන්නට පෙරුම් පුරනවා ඇද්ද,එත් එකි හෙන බඩුව නේද බං,හැබැයි අපේ අයියලා නිකමටවත් සනි නොනට බඩුවක් කියයිද,සමහරුන්ට හිනෙන් පෙන්නෙත් සනිවමලු,හිනෙන් නදිශාව එහෙම පෙන ඇයො නැතැයි,එපා එපා හිනෙන් සනිවම හොයපන් හදිස්සියෙවත් නදිශා හිනෙන් කට කාලා උඹලා බඩ වුනොත් මාර කතාවක් වෙන්නේ,

         කොහොම වුනත් ඔය අපේ ඇයො වගේ නෙමෙයිලු සනිලා නියම නිළියොනේ රග පාන්නේත් ඇත්ත වගේමයි,තනි තටුවෙනි පියාඹන්න වගේද නශා එව්වා සුපිරි ෆිල්ම්නේ,එතකොට ඔය සනි ලියොන්ව දම්මලා පියාඹන මාළු 2 ගැහුවොත් මොකක් වෙයිද ඇත්තට,
මොකක් වෙයිද සිල් බිදෙයි ඉතිං,
කාගේද සනිගේද?
නැ,අපේ නොනා මහත්වරුන්ගේ,

       හැබැයි අපේ නිළියන්ටත් හදිස්සියෙවත් ඉන්දියාවට පිනලාවත් යන්න හිතුනොත්(27යිනේ බ්‍රො)පුදුම වෙන්න දෙයකුත් නැ,ඔය යස අපුරුවට ජැක්ලින් නොනා ලංකාවේත් කැම කඩයක් එහෙම දාගෙන ඉන්නේ මඩර් 2 එකේ රගපැවට ජැක්ලින් ලැජ්ජා බයට හැදිච්ච කෙල්ල නෙව,හැබැයි අපේ එකෙක් ඉන්දියාවට ගියොත්,එතකොට ඔය බඩු නිකන්ම මැඩම්ලා වෙනවා එක නිසා ඔය කවුරුත් ගලවන එකක් ඉන්දියාවට බොට්ටුවෙන් හරි ගිහින් ගැලෙව්වොත් හොදා,ලංකාව කියන්නේ හෙන සංස්කෘතියක් තියෙන රටක් නේ බ්‍රො මෙහේ ඕවා තහනම්ලු ඉතිං,මොනවා වුනත් සනි අක්කගේ රගපැම නම් මසුරන්ලු,ඇදුම් ගලවන එකෙත් කලාවක් තියෙන්න ඔනැයැයි කියන්නේ,ඔව් ඉතිං සනිලා ගලවන්න පටන් ගත්තේ අද ඊයෙක ඇ,හදිස්සියෙවත් ලංකාවේ සිනමා අයියලාට වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක් කරන්න හිතුනොත් හිතන්න දෙයක් නැ ගෙමු සනිව,හැබැයි කතා දෙකක් නැ සනි ලංකාවට ආවොත් ආයිත් ඉන්දියාව පැත්ත හැරිලා බත් කන්නේවත් නැ,මොකද ඉන්දියාව වගේද ලංකාවේ එක ෆිල්ම් එකක් කලොත් ඇමති පට්ටමකුත් ගතහැකි,මේ ඉතිං ලංකාවනේ බ්‍රො සංස්කෘතිය එහෙමයි,අපි එ වෙනසට ගරු කරන්න ඕනා,

           බy රස්තියාදුකාරයා,

23 comments:

  1. මහේන්ද්‍ර පෙරේරාගේ නිරුවතට ජංගි තෙත් වෙන්ඩ ඇති....උබ කොහොමද නෑ කියන්නෙ...එහෙම තෙත් උනත් නොදන්නෙ ලංකාවෙ සමාජයේ වැඩි ප්‍රමුඛත්වයක් තියෙන්නෙ පිරිමින්ට ඒක හින්ද තෙත්වුනු ජොක්කු විතරයි පේන්නෙ...

    ReplyDelete
    Replies
    1. එකත් හැබැව මචං එහෙමත් වෙන්න ඇති නොවැ,එත් මලයෝ අවුල වෙන්නේ මහේන්ද්‍රගේ හෙළුවට නැති සංස්කෘතියක් නදිශාගේ කකුලට ආරුඨ් වෙන එක,මං හිතන්නේ පිරිමි හෙළුවට සංස්කෘතියේ සිල් බිදෙන්නේ නැ,සිරාවටම සනිව දැක්කාම සිල් බිදෙන්නේ නැතැයි මලයෝ????‍රහසෙන් කියපන්,

      Delete
    2. රහසින්(සනී අක්කි ශෝයි නේ)....

      Delete
    3. ශෝයි ශෝයි අපි කියමු රැපක් සනිට,

      Delete
    4. මහේන්ද්‍රගේ හෙලුවට විරුද්දත්වයක් නැත්තේ ලංකාවේ සමාජීය හඬ පිරිමියාගේ වීම හේතුවෙනි....පිරිමියාගේ නිරිවත පිරිමියාට නිරුවතක් නොවන හෙයින්..එය ආඩාපාලි නැත...එහෙත් ගැහැනියගේ නිරුවත සරල බහුතර පිරිමින්ට හෙලුවකි...නිරුවතකි...ගැහැනියට කල හැකි සමාජ බලපෑම ඔබට පෙනෙනවාද?පිරිමියෙකුගේ නිරුවතට පවා කල නොහැක්ක ගැහැනියකගේ නිරුවත් කලවයකට කලහැකි වග....ඉතින් කවර කතාද...පිරිමියාගේ නිරුවතට ගැහැනුඟේ ජංගි පල්ල තෙත්වනු නොවනු මානය නැතිනම් ඔවුන් සමලිංගික හෝ මහා ධ්‍යාන උපදවා ගත්ත වුන් විය යුතුය...ඉතින් ඔවුන් සංයමයෙන් රස විදිති....නිරුවටහ් යනු කලාවකි....නග්න දෙහය වස්තු බීජයකි...

      Delete
    5. I Love you සනි,
      මගේ නම රස්තියාදුකාරයා,
      මේ රැප දෙන්නේ ඔයාටමයි කෙල්ලේ,
      සනි මගේ,මං සනිගේ
      සනි මගේ,මං සනිගේ,
      ඕයේ,
      හොර කල්ලිය හොර කල්ලිය,

      Delete
    6. අනේ ජංගියෝ...රෑට රෑට හීනෙන් පේනවා කියනකොටම මං හිතුවා මෙහෙම එකක්‍ම වෙන්න ඇති කියලා...සනී අක්කට හිත ගොහින් නෙව නෙහ්..? තිත්ත ඇත්ත පෙන්වන මාර්ගයෙන් මෙයාට සනී අක්කගෙ වර්ණනාව කොරන්න හිත් වුණු හැඩයි...හා හා...හරි හරි....මට 18 ට පොඩ්ඩයි අඩෝ අඩු...දෙනවා මන්න පාරක් අරව මෙව්ව කියවගෙන ආවොත්....ආසාවෙන් කියෙව්වා...සෝයි....

      Delete
    7. ්යයෙන්ම මචං ඒ කතාවට මාත් 100% එකගයි,පිරිමි නිරුවත කියන්නේත් කලාවක්,නමුත් කාන්තා නිරුවත තරම් මාර්කට් එකක් නැ,අපේ මිනිස්සු පුරුදු වේලා තියෙන්නේ මෙකටනේ මචං,අපේ මිනිස්සු තමන්ගේ කුණු වහාගන්න සංස්කෘතිය යොදා ගැනිම කණගාටුයි

      Delete
    8. මේ පොඩි එවුනුත් ඇවිල්ලා ලොකු කතා කියවන්න 18+ කියලා තියෙනවා නේද උඩින් බොසෝ,හික්ස් සනි අක්කා ශෝයිලු ඉතිං හැබැයි රස්තියාදුකාරයා පුනම් පාන්ඩේට මනාපයි සනිට වඩා,බොස්ට මුකුත් කියලා රස්සාව නැති කර ගන්න බැලු ඉතිං,
      බොහොම ස්තුති බොස් මේ පැත්ත විපරම් කරාට,18+දැම්මාම කියවන්නේ පොඩි උන්මයි,

      Delete
  2. ෂර්ලොක් හෝම්ස් මෙහෙ හිටියනං කියයි, “කල්චර් මයි ඩියර් වොට්සන්, කල්චර්“ කියල.
    හැම්ලට් හැදුවනං මෙහෙ, “ටු ගෙට් නේකඩ්, ඕ නොට් ටු ගෙට් නේකඩ්. දැට් ඊස් ද ක්වෙස්ෂන්“

    ReplyDelete
    Replies
    1. වෙල් සෙඩ් ඩ්රැකි තුමා,ඇත්තටම නිකමටවත් හැම්ලට් ලංකාවේ ගැහුවොත්,මාර කේස් එකක් වෙනවා නොවැ,කල්චර් ඩ්රැකි තුමා කල්චර්......බොහොම ස්තුති ඩ්රැකි තුමා මේ පැත්තට ආවාට,
      ජයෙන් ජය,

      Delete
    2. “තුමා“ කෑල්ල හළල, රස්තියාදුකාර ටෝක් එකෙන් වරේරේරේරේංං!

      Delete
  3. පිරිමි වේවා ගැහැණු වේවා නිරුවතට පෞද්ගලිකව විරුද්ධයි . ඔන්න දැන් සදාචාරය ගැන කතා කරන කෙනෙක් ඇවිල්ලා කියලා හිතයි. හැබැයි ඔය මානසික නිරුවත රූපමය විදිහට පෙන්වන්න ශාරිරික නිරුවත යොදාගන්නවා වගේ සම්භාව්‍ය කියමන් නිදහසට කාරණා විදිහට කීම විහිළුවක් විදිහටයි දකින්නේ . නිර්මාණ කරුවෙකුට මානසික නිරුවත පෙන්වන්න ශාරිරික නිරුවත අත්‍යාවශ්‍ය නෑ.ඒ වෙනුවෙන් බොහෝ නිර්මාණශීලි ක්‍රම තියෙනවා .ඒ ගැන රස්තියාදුකාරයා හොඳටම දන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. මානසික නිරුවත පෙන්නන්ඩ ශාරීක නිරුවත අවශ්‍ය වන අවස්ථාවන් තියනව...උදාහරණයක්....කොල්ලෙකුඉ කෙල්ලෙකුඉ ආදරය කරනව ඔහොම ඉද්දි ශාරීරික බැදීමක් හට ගන්නව...රාගීය බැදීමක්...ඉතින් ඔවුන් එකතු වෙනව...ඒක පෙන්න්න් නැතුව ඉන්ඩත් පුලුවන්.පෙන්නන්ඩත් පුලුවන්...ඒත් සාර්ථක පෙන්නන එක...ඒ එකතුවීම තුල..දෙදෙනාගේ හැගීම් සග ගනුදෙනු...ආදර ප්‍රකාශ...නිරුවත් කරල ප්‍රේක්ශකයට දෙන්ඩ පුලුවන්..ඒ එකතුවීම තුල අධ්‍යක්ෂකට ප්‍රකාශ කලහැකි ප්‍රකාශනයන් අපමනයි...ඉතින් නොපෙන්වීම කොතරම් අසාදාරනක් කලා කෘතියට සිදුකරනවාද??

      Delete
    2. මෙතු තුමි ඉතාමත් ආදරෙන් මේ පැත්තට පිළිගන්නවා,මෙතු තුමි ඉස්මතු කරන කාරණාවට මාත් අඩු වැඩි වශයෙන් එකග වෙනවා,රස්තියාදුකාරයාට අනුව නම් නිරුවත් කිරිම විවිධාකාරයි,මානසික නිරුවත,ශාරිරික නිරුවත,දේශපාලනික නිරුවත මේ ආකාරයෙන් තවත් බොහො නිරුවත් කිරිම් තියෙනවා,නමුත් ගැටළුව ඇති වෙන්නේ මේ නිරුවත් කිරිම් තිරය මතට ගෙන එමේ ක්‍රමවේදය මත,එයට බොහො විට තිරපිටපත් රචකයාගේ හා අධ්‍යක්ෂකතුමාගේ පරිකල්පන ශක්තිය ඉවහල් වෙනවා,ලොක සිනමාවේ ඇතැම් චිත්‍රපටි වල බොහෝ උපක්‍රමශිලිව මේ ආකාරයේ දර්ශන රුප ගත කරලා තියෙනවා,මේයත් නිකන් කවියක් වගේ ඇතැම් කවියන් ප්‍රකාශ කල යුත්ත කෙලින්ම ප්‍රකාශ කරන විට ඇතැමුන් එය ව්‍යංගයෙන් පවසනවා,
      රසික කියන කාරණයත් නිවැරදි එහෙම දර්ශන ඇතුලත් කිරිම මගින් අධ්‍යක්ෂකතුමෙකුට බොහො කරුණු ඉස්මතු කිරිමේ හැකියාව තිබෙනවා,එ වගෙම මෙතුගේ ප්‍රකාශනයත් නිවැරදි ප්‍රභල චින්තනයක් හිමි අධ්‍යක්ෂක කෙනෙකුට කාන්තා ශරිරයක් නැතුවම වුවත් එවැනි දර්ශනයක් පෙන්විමට හැකි,
      රස්තියාදුකාරයාගේ මතය අනුව නම් මේ කාරණා දෙකම සාපේක්ෂයි,සිනමා කෘතියට ගැලපෙන පරිදි යොදාගැනිමේ හැකියාව පවතිනවා,නමුත් මේ හැම දේම නිර්මාණය වන්නේ ප්‍රේක්ෂකයාට,නිර්මාණයේ විනිශ්චය කරුවන් වෙන්නේ ප්‍රේක්ෂකයා,චිත්‍රපටියේ අන්තර්ගතය ප්‍රේක්ෂකයා කොතරම් ග්‍රහනය කර ගන්නවාද කියන කාරණය මත චිත්‍රපටියේ සාර්ථකත්වය මනින්න පුළුවන්,

      Delete
  4. හපෝයි මලේ... ඕං බලාපන් ගෑනු අපේ නිරුවතට උනත් තියන ඉල්ලුම...අපේ පාර්ශවය ජංගිය පිටින් හිටියත් මාර ඩිමාන්ඩ්...නිකංම හිටියත් උඹලව ගනන් ගන්නවද?
    නිරුවත කලාවක් විදියට යොදාගැනීම අවුලක් නෑ...අපේ සිංහල හා ගොඩක් දෙමල ඩිත්‍රපටි වල ඒක ඉස්මතු කරල වෙන කතා ටිකක් අඩුපාඩුවට එල්ලන එකයි වැරැද්ද

    ReplyDelete
    Replies
    1. ඩබ්.කේ තුමි ඉතාම ආදරයෙන් මේ පැත්තට පිළිගන්නවා,
      හැක් හැක්,අපි නැත්තම් ඉතිං ඩිමාන්ඩ් කරනවා බොරු,ඇත්තටම අක්කන්ඩි කාන්තා නමකට පවා පිරිමි නිරුවත් විමකට නැති තරමේ ඉතාමත් ඉහළ ඩිමාන්ඩ් එකක් තියෙනවා නොවැ,
      සිංහල සහ බොහෝ දකුණු ඉන්දියානු චිත්‍රපටි වල මුලින්ම නිර්මාණය වෙන්නේ වැඩිහිටියන්ට පමණයි දර්ශන ටික ඊට පස්සේ තමා ඒ වටා ඉතුරු කතාව ගොඩ නැගෙන්නේ මොනවා කරන්නද හිට් වෙන්නේ එහෙම කරාමලුනේ,

      Delete
  5. අයිකන් එකක් වෙනවා කියන්නෙත් කරුමයක්. ගැලවිල්ලක් නැති පාපයක්.ඒ වුනාට කාන්තා නිරුවතට සමාජයේ ලොකු තැනක් තියනවා.ඒ තාමත් මේ සමාජයේ තීරණ ගැනීමේ අයිතිය හැන්ඩ්ල් කරන්නේ පිරිමි නිසා වෙන්න ඇති.සනී ලියෝන් වගේම වැන්ඩර්ස්ට්‍රාන් තිරයට එක්කන් ආපු නිලියෝ සේරටම ඉශ්ඨ කරන්න සිද්දවුනේ මේක. ඉතින් සනී ලියෝන් නෙමෙයි, දෙනවක හාමිනේ උනත් කමක් නෑ අරමුණ ඉශ්ටවෙන විදිහට යොදාගන්න පුළුවන්නම්.ඒක තමයි ඇත්ත.අනික් රටවල කොහොම උනත් ලංකාවේ නිරුවත යොදාගන්නේ කලාවට නෙමෙයි.පර්ස් එකට.හැබැයි ඒ අතර ගයේශා සුපිරියි.ඒ ඇය ලංකාවේ අනිත් නිලියෝ රොබෝ ටික්කා වගේ නිරුවත් දර්ශන රගපාන වෙලාවේ තාත්වික විදිහට ඒ දර්ශන රගපාපු නිසා.

    ReplyDelete
    Replies
    1. කටුසු තුමා ඉතාමත් ආදරයෙන් මේ පැත්තට පිළිගන්නවා,
      එක ඇත්ත කටුසු තුමා තිරයක් ඉදිරියේ නිරුවත් වෙනවා කියන්නේත් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි විශේෂයෙන්ම ශ්‍රි ලාංකික රංගන ශිල්පිනියකට එය විශාල ගැටළුවක් මොකද සමාජ අපවාද වැනි බොහො කාරණා වලට ඇයට මුහුණ දෙන්න වෙනවා,බොහොවිට චිත්‍රපටිය තිරගත විම තහනම් වෙන්නත් පුළුවන් ඉතිං එ වගේ අභියොගයකට මුහුණ දෙන්න තරම් ගයේශා නදිශා පොරක් වෙනවා,කාන්තාව කියන්නේ අපිට තාමත් හෙන මැජික් එකක් මේ මැජික් එකට සාපේක්ෂව තමයි මේ ඉල්ලුම ඇති වෙන්නේ,ඇත්තටම කටුසු තුමෝ ලංකාවේ හිට් චිත්‍රපටියක් කරන්න නම් එක්කො කොමඩි නැත්තන් වැඩිහිටියන්ට පමණයි වෙන්න ඕනා,ඒ ලංකාවේ චිත්‍රපටි සංස්කෘතිය නොවැ,අපි හරි වෙනස් අපි එ වෙනස්ට ගරු කරන්න ඕනැ නොවැ,

      Delete
  6. ඔක්කොම යන දවසට දාල යන්න ඕනි නේද

    ReplyDelete
  7. මචන් සනී ලියොන් කියද්දීම අඇයි නිල චිත්‍ර පටි මතක් වෙන්නේ ගොඩක් අයට. ආයේ නිල් කිව්වොත් සනී ලොයෝන් නේ. මචන් අයි බන් හෙළුව ඔය තරන්ම මාකට් වෙන්නේ, හරියට හෙළුව මාකට් වෙන්නේ හෙලුවට හෙලුවක් නෑ වගේනේ, වෙන එකෙක්ගේ හෙළුව බලන්නේ ඒ හෙළුව තමන්ගේ හෙලුවක් එක්ක සසඳන්නේ මොකක්ම හරි අවුලක් තියෙනවා බන් හෙළුවේ. මචන් හෙළුව සිනමාවට ඕනමද යන්න ආන්දෝලත්මකයි, එකට සීමාවල් නිර්ණය කරන්න බැහැ. හැබැයි දැන් වෙලා තියෙන්නේ මුළු සිංහල සිනමාවම හෙළුවෙන් වගේ වැඩක්. එකෙත් තියෙන්නේ ගුරු කුලි බමුණු මතයි විතරයි. ඉඳල හිටලා එකෙක් දෙන්නෙක් උඩුගම් පීනනවා.

    ReplyDelete
  8. නිරුවත කියන්නෙ අද මාකටින් ට්‍රික් එකක් වෙලා. මොකක් හරි විකුණගන්න ඕනේ වුණාම ඒකට නිරුවත ආදේශ කරනවා වගේ වැඩක් තමයි වෙන්නෙ..

    ReplyDelete
  9. http://gaweshshaka.blogspot.com/

    ReplyDelete