Monday 11 April 2016

අපි Sunny Leone දාලා film එකක් කරමුදැයි,(18+)වැඩිහිටියන්ට පමණයි

අපි Sunny leone ව දාල සිංහල film එකක් කොරමුද?
සුපිරිනේ....නියම අදහස
අපි එකට දාන නම මොකද්ද,
Sunny සමග පියාඹන්න කියලා දාමුද,
ෂා එක මරු,

           තනි තටුවෙන් පියාඹන්න කාලයේ සමාජයේ විශාල කතා බහට ලක් වුනු අදද ඉද හිට කතා මවන චිත්‍රපටියක්,ගොඩාක් උපාසක මහත්වරුන්ට මේ චිත්‍රපටියත් එක්ක ලොකූ ඇරියස් එකක් තිබුනා එක හේතුව මොකද්ද කියලා නම් රස්තියාදුකාරයටත් පැහැදිලි නැ,ඒත් උන් කිව්වෙම මේ මගුල මෙහේ පෙන්නුවොත් අර අපේ සංස්කෘතියට මොකද්ද වෙනවා කියලා,සමහරවිට අනොමාගේ ඇග දැක්කාම සිල් බිදෙනවාද දන්නේත් නැ නොවැ,එහෙව් චිත්‍රපටියක්නේ හදගම මහත්තයා ගැහුවේ,සුළග එනු පිණිස තහනම් කොලෙත් ඔය සිල් බිදෙන කේස් එකටම වෙන්නැ මයේ හිතේ,සම්මාන පිට සම්මාන ගත්තත් මොකටද සිල් බිදෙනවා නම්,එක නිසා ඕවා තහනම් කොරන එකමයි හොද,

           කොහොම වුනත් අපේ පොරවල් කවදත් ඔය තහනම් වලට බය පොරවල් නෙමෙයිනේ නිශ්පාදක හොම්බෙන් ගියත් මොකො ගහන මගුල මුණටම දමලා ගහනවා මෙලො රහක් නැති වුනත් මාළු පියැඹුවේ ආන්න එහෙමයි,කොහොම වුනත් මාළු වුනත් වැඩිය පියාඹන්න හොද නැති නිසාද මන්දා එකටත් වුනේ සුළග එනු පිණිසට වුනු සංතැසියමයි,හැබැයි පියාඹන මාළු බලලා අමන්දානන්දයට පත් වු රසිකයො තමන්ගේ නිළියව දේශපාලනයටත් ගෙන්නන්න කතා කරලා තිබුනා,එත් රටේ කරුමෙට නොමිනෙශන් හම්බ වුනේ නැනේ,

                 ලංකාව ඉතිං හෙන සංස්කෘතියක් තියෙන රටක්නේ ඕවාට එහෙම අවසර දෙන්න බෑලු,හැබැයි අල්ලපු රටේ නම්(ඔව් ඔව් 27යි බ්‍රො)මේවාට මහා ලොකු තහංචි නැ,සමහරවිට සනිගේ කකුල් වලට සිල් බිදෙන්නේ නැතුව වෙන්ටැ,අපේ උපාසක මහත්වරුත් සනි මැඩම් ලංකාවට එනකන් ඇගිලි ගැන ගැන හිටියා ලගදි එත් ආවේ අමිෂාලු,අවුලක් නැ අමිෂා කියන්නේත් හුරු බුහුටි කෙලි පැටික්කිලුනේ,එත් ඉතිං සනි වගෙ නැතිලු සනි ඉතිං කොහොමත් වැඩිය ඇදුම් වලට කැමතිත් නැතිලුනේ,

           කොහොම වුනත් ජිසම් 2 එකෙන් ජනප්‍රිය වුනු සනිට එතකොට පුනම් පාන්ඩේ වගේ රංගන ශිල්පිනියන්ට ජිවිතේට මුහුණ දෙන්න වෙන්නේ නැති ඉරණමක් ලංකාවේ ගොඩක් නිළියන්ට අත් වෙනවා,තිරය ඉදිරියේ සළුපිළි උනා දැමු පසු සනිලාට සුපිරි චරිත සහතික ලියන ගොඩාක් මහත්වරු අපේ නිළියන්ට බඩුවක් කියන්න දෙපාරක් හිතන්නේ නැ,සනි ගැලෙව්වොත් එක රගපැමට අපේ උන් ගැලෙව්වොත් ඒ වේසකමට,එතකොට සනි මැඩම් අපේ එකි පට්ට වේසි,

              නදිශාගේ සිල් බිද ගත්තේ සිංදුව ගැන හෙන රැඩිකල් ටොක් දුන්න පොරවල් වලට ඔය ශකිරලාගේ,රිහානලාගේ songs ෆුල් මාවලස් වෙනවා,ඇත්තටම ඔය ගයේශාගේ නිරුවත පෙනුන බොහො දෙනෙකුට සුළග එනු පිණිසේ නිරුවත් වෙන මහේන්ද්‍ර පෙරේරාගේ නිරුවත පෙනුනේ නැති එක ලොකු පුදුමයක් සමහරවිට පිරිමි හෙළුවට සිල් බිදෙන්නේ නැතුව ඇති,එක නිසා ඔය අධ්‍යක්ෂක මහත්වරුන් එය සිහියේ තබාගෙන දිගටම පිරිමි නිරුවත් කොරන්න යනවා එහෙම නෙවෙයි ඕං,

              අපේ මිනිස්සු බොහෝ වෙලාවට තමන්ගේ වටේ වෙන කිසිම සිදුවිමකදි ඔය කියන සංස්කෘතිය අල්ල ගන්නේ නැ,දැන් හොරු පාර්ලිමේන්තු යවනවා,හොරෙක්ව පාර්ලිමේන්තුවට යැව්වාම රටම කොල්ල කනවා කියලා නොදැනද උන්ව පාර්ලිමේන්තු යවන්නේ,නැ හොදටම දන්නවා හොරකම් කරනවා කියලා එතකොට ඔය කියන සංස්කෘතියේ අවුලක් වෙන්නේ නැද්ද?අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ ලිංගිකත්වය කියන කාරණයට පමණක් ඔය සංස්කෘතිය කියන කාරණේ අදාල කර ගන්න,සමික්ෂණ වලින් වැඩිම sex හොයපු රට විදිහට වාරතා පොත් අළුත් කරද්දි,එතකොට පාසල් යන වයසේ දුවරු ගැබ් ගනිද්දි කියටවත් මතක් නොවන සංස්කෘතියක් අපේ උන්ට සිංහල ෆිල්ම් එකක් බලද්දි ඔළුවට එනවා,කලාවට නිරුවත තහනම් නම් සිගිරියත් තහනම් කරන්න වෙනවා නැත්තන් අඩුම ගානේ වැඩිහිටියන්ට පමණයි කියලා නිතියක් ගෙන්න වෙනවා,මොකො සිගිරි අප්සරාවො දැකලා පොඩි එව්න් නැහැදුනොත් අපේ සංස්කෘතියට මොකක්ද වෙන්නේ,

                එ වගේම පාරේ යන කෙල්ලෙක් දිහා බලලා බඩුවක් කියන කී දෙනෙක් නම් ඇය වෙනුවෙන් ස්වයං වින්දනය කරනවා ඇත්ද?දණිස්සෙන් උඩට ඉස්සෙන ගවුම ගැන දේශනා දෙන කී දෙනෙක් ඇයත් සමග සිහිනෙන් යහන් ගත වන්නට පෙරුම් පුරනවා ඇද්ද,එත් එකි හෙන බඩුව නේද බං,හැබැයි අපේ අයියලා නිකමටවත් සනි නොනට බඩුවක් කියයිද,සමහරුන්ට හිනෙන් පෙන්නෙත් සනිවමලු,හිනෙන් නදිශාව එහෙම පෙන ඇයො නැතැයි,එපා එපා හිනෙන් සනිවම හොයපන් හදිස්සියෙවත් නදිශා හිනෙන් කට කාලා උඹලා බඩ වුනොත් මාර කතාවක් වෙන්නේ,

         කොහොම වුනත් ඔය අපේ ඇයො වගේ නෙමෙයිලු සනිලා නියම නිළියොනේ රග පාන්නේත් ඇත්ත වගේමයි,තනි තටුවෙනි පියාඹන්න වගේද නශා එව්වා සුපිරි ෆිල්ම්නේ,එතකොට ඔය සනි ලියොන්ව දම්මලා පියාඹන මාළු 2 ගැහුවොත් මොකක් වෙයිද ඇත්තට,
මොකක් වෙයිද සිල් බිදෙයි ඉතිං,
කාගේද සනිගේද?
නැ,අපේ නොනා මහත්වරුන්ගේ,

       හැබැයි අපේ නිළියන්ටත් හදිස්සියෙවත් ඉන්දියාවට පිනලාවත් යන්න හිතුනොත්(27යිනේ බ්‍රො)පුදුම වෙන්න දෙයකුත් නැ,ඔය යස අපුරුවට ජැක්ලින් නොනා ලංකාවේත් කැම කඩයක් එහෙම දාගෙන ඉන්නේ මඩර් 2 එකේ රගපැවට ජැක්ලින් ලැජ්ජා බයට හැදිච්ච කෙල්ල නෙව,හැබැයි අපේ එකෙක් ඉන්දියාවට ගියොත්,එතකොට ඔය බඩු නිකන්ම මැඩම්ලා වෙනවා එක නිසා ඔය කවුරුත් ගලවන එකක් ඉන්දියාවට බොට්ටුවෙන් හරි ගිහින් ගැලෙව්වොත් හොදා,ලංකාව කියන්නේ හෙන සංස්කෘතියක් තියෙන රටක් නේ බ්‍රො මෙහේ ඕවා තහනම්ලු ඉතිං,මොනවා වුනත් සනි අක්කගේ රගපැම නම් මසුරන්ලු,ඇදුම් ගලවන එකෙත් කලාවක් තියෙන්න ඔනැයැයි කියන්නේ,ඔව් ඉතිං සනිලා ගලවන්න පටන් ගත්තේ අද ඊයෙක ඇ,හදිස්සියෙවත් ලංකාවේ සිනමා අයියලාට වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක් කරන්න හිතුනොත් හිතන්න දෙයක් නැ ගෙමු සනිව,හැබැයි කතා දෙකක් නැ සනි ලංකාවට ආවොත් ආයිත් ඉන්දියාව පැත්ත හැරිලා බත් කන්නේවත් නැ,මොකද ඉන්දියාව වගේද ලංකාවේ එක ෆිල්ම් එකක් කලොත් ඇමති පට්ටමකුත් ගතහැකි,මේ ඉතිං ලංකාවනේ බ්‍රො සංස්කෘතිය එහෙමයි,අපි එ වෙනසට ගරු කරන්න ඕනා,

           බy රස්තියාදුකාරයා,