Thursday 7 January 2016

කොල්ලො මොනවා කිව්වත් කෙල්ලෝ කොහොමත් Forward

එන්රික්ට කෙල්ලෙක් බ්‍රා එකකින් ගහල්ලු බන්,
නැ....ඉතින් ඌට තුවාලයිලුද??
මිට දවස් ගාණකට උඩදි රස්තියාදුකාරයාගේ අතිජාත ෆ්‍රෙන්ඩෙක් ඔය එන්රික්ගේ කේස් එක ගැන කියනකොට රස්තියාදුකාරයා අැත්තටම හිතුවේ එන්රික් කාරයා ලංකාවේ අහිංසක කෙල්ලෙක්ට වර්චස් කේස් එකක් දාන්න ගිහිල්ලා ඒ අහිංසක කෙල්ල එන්රික් කාරයාගේ අච්චි අම්මා මතක් වෙන්න දිලා කියලා,මොකද අපරාදේ කියන්න බැ ලංකාවේ ඉන්න කොල්ලොත් සමාන්‍යයෙන් කොල්ලේක් වෙනුවෙන් කටක් හෙල්ලුවේ නැති වුන‍ත් කෙල්ලො වෙනුවෙන් සීයකට දෙසියකට වුනත් විනාඩියෙන් නෙලයි(ශුවර් නැ වගෙනම් කොල්ලො ටිකක් ඉන්න තැනකට ගිහින් ලස්සන නංගි කෙනෙකුගෙ අඩුම ගානේ පාරක් අහලා බලපන්,අවධානයට:මෙහිදි සිදුවන කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක වගකිම රස්තියාදුකාරයා සතු නොවේ)එත් පස්සේ මු කතාව ටිකක් කියනකොට තමයි රස්තියාදුකාරයාටත් seen එක හරියටම meter වුනේ,ඒ අස්සේ රටේ ලොකුම පුටුවේ ඉන්න අැත්තන්ටත් මේ case එක ආරංචි වෙලා මඩු වලිගයක් අරගෙන එ කෙල්ලව හෙව්වා කියලාත් රස්තියාදුකාරයා ආරංචි වුනා,මොනවා වුනත් රස්තියාදුකාරයා මේ පිලිබඳව කරුණු සමාලෝචනයක් කරන්න නෙමෙයි සුදානම,

             අැත්තටම මේ කතාත් එක්ක රස්තියාදුකාරයාට අමුතු දෙයක් හිතුනා එ තමයි ලංකාවේ කෙල්ලො කොච්චර forward වෙලාද කියලා,ටිකක් හිතලා බලපන් මේක පුරුෂ මුලික සමාජයක් වුනාට මේ සමාජේ හැමදාම උඩින් හිටියේ කාන්තාවෝ නේද?මේක අද ඊයක පටන් ගත්ත කතාවක් නෙමෙයි,ඔය අද එන්රික් ආවා වගේ තමා මුලින්ම ඉන්දියාවේන් පිටුවහල් කරපු විජයත් මෙහෙ එන්න අැත්තේ,එතකොට ඔය බ්‍රා එක විසික් කරයි කියන කෙල්ලට අැති වුන හැගිමම කුවේණිට අැති නොව්නා කියලා කාටවත් කියන්න පුලුවන්ද?බැ මොකද කුවේණි ඒ හැගිම නිසා තමන්ගේ මුළු ජාතියටම ද්‍රොහි වෙනවා,එතකොට මේ හැගිමම එදා සත් මහල් ප්‍රාසදේ හිර කරලා හිටපු චිත්‍රා කුමරියටත් දිඝගාමිණි වෙනුවේන් අැති වෙන්න අැති,මේ කිසිම වෙලාවක පිරිමියා කාන්තාව තරම් score කරලා නැ,

         බණ්ඩාරනායක මහත්තයාගෙන් පස්සේ සිරිමාවෝ මැතිනියට රටක් බාර ගන්න පුළුවන් වුනාට ප්‍රේමදාස මහත්තයාගෙන් පස්සේ රට බාර ගන්න එකෙක් හොයගන්න බැරි වෙනවා,කොටින්ම ගාමිණි දිසානායක වෙනුවට ඡන්දේ ඉල්ලන්න තරම් "ගට්"එකක් තියෙන එකෙක් නැ,එතනදිත් ඉස්සරහට එන්නේ කාන්තාවක්,

       අදට කියලාත් මේවගේ ලොකු වෙනසක් වෙලා නැ,මහින්ද මහත්තයාගේන් ප්‍රසිද්ධියේ ගේම ඉල්ලන්න තරම් හයියක් රනිල්ලාට අනුරලාට නැති වුනාට චන්ද්‍රිකාට තිබුනා,ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡා වලට අැවිත් නිදහස් මාධ්‍ය වේදින්ට බනින්න හයියක් රටේ ජනාධිපතිටවත් නැති වුනාට හිරුණිකාට තියෙනවා,මෙන්න මෙකයි රස්තියාදුකාරයා කියන්නේ පිරිමින්ට වඩා ගැණු කවදත් උඩින් හිටියා,ගැණුන්ට තියෙන මේන්න මේ "ගට්" එක නිසා තමා කෙල්ලෙක් බය නැතුව තමන්ගේ අැදිවත ගලවලා එන්රික්ට විසිකරන්න තරම් forward වෙන්නේ,මේ රටට කොච්චර ගායිකාවො නිළියයෝ අැවිත් අැද්ද,එත් කිසිම කොල්ලෙක්ට ස්ටෙජ් එක උඩට නැගලා නිළියෙක් kiss කරන්න තරම් "ගට්" එකක් තිබුනාද?(ඔන්න "ගට්" එක පෙන්නන්න කියලා සනි ලියොන් ආවම kiss කරන්න එහෙම යනවා නෙමෙයි ඕං...)

         රස්තියාදුකාරයා මේ කියන්න යන්නේ කෙල්ලොන්ට කොහොමත් අළුතෙන් උඩ යන්න කියලා දෙයක් නැ උන් ඉන්නේ කොහොමත් උඩ,හැබයි අපි එක පිළිගන්න කැමති නැ,මොකද හැම පිරිමියාම තමන් ඉන්නේ ගොඩක් උඩ කියලා කල්පිතයක ජිවත් වෙන්නේ,උඹලා හැමදාම හිතන්නේ එ පුරුෂ මුලික කියන සමාජ කල්පිතය උඩ හිටගෙන,එකයි ඔක වැඩිපුර තේරෙන්නේ නැත්තේ,ඔන්න ඔය කල්පිතයෙන් පොඩ්ඩක් බැහැලා බලපන්,මේ ලොකේ ඉන්න හැම පිරිමියෙක්ම පාලනය කරන්නේ කොහේ හරි තියෙන කාන්තා හස්තයකින්,

         අපිට එන්රික්ට බ්‍රා එක විසික් කරපු එක,හිරුණිකා ඩිෆෙන්ඩර් දාලා කොල්ලො උස්සපු එක මහා case එකක් වුනාට,ගැණුන්ට ඕක මහා ලොකු කජ්ජක් නෙමෙයි,ඔය කාන්තා සමිති සන්ධාන අරවා මේවා හදාගෙන ඉන්නේ උන් අපිට බයට නෙමෙයි,හදිසියේවත් අපි ඔය මොකකට හරි කොක්කක් දැම්මොත් අපිව බය කරන්න,

         දැන් කාටහරි හිතෙනවා නම් හෙට ඉදන් තමන්ගෙ පුරුෂ ශක්තිය පෙන්නන්න,රස්තියාදුකාරයාට දෙන්න තියෙන්නේ එකම එක අවවාදයයි,නිකන් බොරුවට ඔය මගුල් පෙන්නන්න ගිහින් තියෙන නම්බුවත් නැති නොකරගෙන ඉදපන්,

              අන්තිමට කියන්න තියෙන්නේ අද ලොකේ ගොඩක් වෙනස් බ්‍රො,එදා විජයට රට බාර අරගෙන කුවේණිව කැලේට එලවන්න පුළුවන් වුනාට අද වැරදිලාවත් කෙල්ලෙක්ට අතක් තියන්න හම්බ වෙන්නේ නැ,මොකද මේ ලොකේ හැදිලා තියෙන්නේ කෙල්ලොන්ට වාසියට,මේ වාසිය නිසා තමා උන් හැමදාම උඩ ඉන්නේ,ගැණුන්ව රවට්ටන්න ලේසි කියලා පිරිමි හිතුවාට එක මහා සිරියස් කේස් එකක් මොකද මේ එකෙන් කවදාවත් ගැණු රැවටෙන්නේ නැ උන් රැවටුනා කියලා හිතාගෙන අපි රැවටෙන එක විතරයි වෙන්නේ,

    එක නිසා රස්තියාදුකාරයාට මුළු මහත් පිරිමි ප්‍රජාවට දෙන්න තිබේන එකම උපදේශය නම්,කපන්න බැරි අත ඉබින එක හොදා!
මොකද ගැණුත් එක්ක ගේමෙන් බේර ගන්න බැරි ගොඩාක් ප්‍රශ්න සාමෙන් විසදා ගන්න පුළුවන්,මතක තියාගනින්,,

අඩව්ව by රස්තියාදුකාරයා

7 comments:

  1. රස්ති ඇත්ත කතාව මොනා වුනත්...අහන්නත් සතුටුයි.... :D :D

    ReplyDelete
  2. බොහොම ඉස්තුතියි සහොදරිය

    ReplyDelete
  3. වෙනස් ප්‍රවේශයක්. නියමයි!
    මේ එක නෙවෙයි, පහළට යනකොට අකුරු ටික ටික පසුබිමත් එක්ක එකතු වෙලා කියවන්න අපහසු වෙනවා. මොකක්හරි කරපං මට මේක හරියට කියවන්න ඕනෙ!

    ReplyDelete
  4. බොහොම ස්තුති සකියා එ ගැන මතක් කලාට,පසුබිම සුලු වෙනසක් කරා,
    වරදක් ඇතොත් පෙන්වා දෙනු මැනවි,
    ජයෙන් ජය

    ReplyDelete
  5. පලයන් යන්න බොරු නොකියා මටනම් එහෙම දෙයක් පේ්න්නෙ නෑ මට හිතෙන්නෙ උඹ සමාජය ගැන එච්චර දන්නෙ නැති නිකම්ම නිකං කීබෝඩ් වීරයෙක් වෙන්න අැති
    උඹලා දන්නෙ නැති උනාට කොල්ලො තමයි forward කවුද කියන්නෙ කෙල්ලො forward කියල සමහර අය අැති එ් උනාට බහුතරයක් කෙල්ලො forward නෑ උඹ රස්තියාදුකාරයෙක් කියලා මේකට නම දැම්මට පොන්නයෙක්ද කොහෙද

    ReplyDelete
  6. ගෑනුන්ට දෙකට නැවෙන පොන්නයා උඹල වාගෙ උන් පිරිමි ජාතියටත් ලැජ්ජයි

    ReplyDelete
  7. පුක දීල මැරියන් පොන්නයෝ උඹ හිටියත් වැඩක් වෙන්නෙ නෑ පොන්න පකා

    ReplyDelete