Thursday 21 January 2016

අපි පොශ් යකෝ

අපි ඉතිං හෙන පොශ්ලු ඕං,
සක්කුවේ සතේ නැතත් කන්නේ pizzaලු ඉතිං,
කෙල්ලෙක්ව එක්කන් සයිවර් කඩේකට කොහොම යන්නද බං,
මං ඊයේ dinner ගත්තේ හිල්ටන් එකෙන් මෙයා,
මට නම් පොඩි කඩවල් වලින් කන්නම බැ ඩාලින්,
මේ අපි අද food city යනවා අනේ,
පුතා daddyට call කරලා කියන්න අද අපි MC යනවා කියලා,
වෙලාවට hot water තියෙන නිසා රැ නා ගත්තා අනේ,

රස්තියාදුකාරයාට මේ සමාජෙ අත පත ගානකොට අහු වෙච්ච දෙයක් තමයි අපි අනිත් රටවල් වලට සාපේක්ෂව හෙන පොශ් බ්‍රො,එත් කරුමේ කියන්නේ සුද්දන්ගේ සාමාන්‍ය ජිවිතේ අපිට හෙන මැජික් එකක් විම,

   ඔය ලොකුවට රැඩිකල් ටොක් දෙන බුවාලා ගොඩක් රැඩිකල් වෙලා තියෙන්නේ මෙන්න මේ මැජික් එක නිසා,නැත්තන් ඌනුත් ආසයි පොශ් වෙන්න එත් එ මාර සංකිරණ කේස් එකක්,ඊට වඩා පොඩි මාල කැල්ලක් එල්ලගෙන චුට්ටක් කොන්ඩේ වවා ගන්න එක ලේසිලුනේ එහෙම වුනාම අරුන් පොශ් මුන් පුස්,

            බඩගින්නට තේ කහට උගුරක් බොන්න පෙරුම් පුරන මිනිස්සු ඉන්න රටක,රුපියල් දාහක් දිලා අප්පයක් කන මිනිස්සු ඉන්න රටක් බං මේක,අපේ ගොඩක් එවුන්ට ඔනා නමට හරි පොශ් වෙන්න,හතර වටෙට ණය වෙලා හරි pizza කන්න,එහෙම වුනාම පොශ් වෙනවලු ඉතිං,අපිට apple ගන්න සල්ලි නැ බ්‍රො,එත් shape එකේ apple කොරියන් කට්ටක් ගන්න පුළුවන් ඕං,කොරියා වුනාට මොකෝ බං apple නේ,

   සුද්දන්ට එදා ලංකාව අල්ලන එක ලොකු case එකක් නොවෙන්න ඇත්තේ මෙන්න මේ හේතුව නිසා වෙන්න ඇති,මොකද අපේ රටට එන ඔනම කුණු කන්දක් ඉතාමත් ආදරයෙන් ගෞරවයේන් පිළිගන්න අපි මාර interest මොකද අපි මාර පොශ්නේ,

මුලින්ම විජය ආවා පොර මාර පොශ් වෙන්න ඇති මොකක්ද ඉන්දියාවේ ගැණු පරිස්සම් කර ගන්න බැ කියලලුනේ ඉන්දියාවේනුත් පිටුවහල් කලේ,කොහොමහරි විජය ලංකාවට ආවා,කුවේණි විජයව පිළිඅරන් රටේ රජ කමත් අරන් දුන්නා,ඊටත් පස්සේ සුද්දො ලංකාවට ආවා,ඌන්ගේ අතේ තිබුන අරක්කු බොතලයට කැදර වෙලා,ලංකාවේ එවුන්ම ඌන්ට රට ලියලා දුන්නා,

සුද්දන්ගේ සංස්කෘතිය අපිට කොච්චර බලපෑම් කරාද කියනවා නම් අපිට තාමත් ඕනා සුද්දො වෙන්න,අන්න එ හේතුව උඩ තමයි අපිට සයිවර් කඩෙන් කන වඩේ එකට වඩා pizza හෙන පොශ් කැමක් වෙන්නේ,හැමොම pizza කද්දි selfi ගැහුවය මසල වඩේ එකක් කද්දි selfi ගහන්නේ නැ,එහෙම ගැහුවොත් අපිත් චාටර්ලු,

පොළෙ යන්න බැ බං පොළේ එලවලු රහ නැ බං,අපි යමු food city එකේ හැමදේම අළුත් පොළේ වගේද?මං නම් ඇදුම් ගන්නේ Mc එකෙන් විතරයි,ඔය පෙමන්ට් එකේ තියෙන ඇදුම් හරි නැ,එ තාම ඔයාට credit card එකක් නැද්ද?සල්ලි අතේ තියාගෙන ඉන්න බැ ඔයත් card එකක් ගන්න,,මොකටද ජිවිතේ අමාරු කර ගන්නේ නේද?

       ඔන්න ඔකයි අද රටේ තත්වේ අපිට අපි අකමැත්තෙන් හරි මේ තත්වෙට හැඩ ගැහෙන්නම වෙනවා,එහෙම හැඩ ගැහුනේ නැත්තන් සමාජෙ එවුන් හිතන්නේ අපි හෙන ගොඩයො කියලා,හැන්දෙන් ගැරප්පුවෙන් කන්නම වෙනවා මොකො අතින් කැවොත් පල් වෙන්න වෙනවානේ,

           අපි මුල ඉදන්ම සුද්දාව අල්ල ගත්තේ වැරදි තැනින් අපිට උන්ගේ උත්සහය කැපවිම අහු වුනේම නැ,අපිට අහු වුනේ උන්ගේ කැමබිම ඇදුම් අරවා මේවා කුණු ගොඩවල් ටික,උන්ගේ කුණු ගොඩවල් ටික අපිට හෙම මැජික් එකක්,එ case එක නිසා රටට ලොකේට පෙන්න අපි පොශ් වෙන්න දගලනවා එක කර ගන්න බැරි එවුන් රැඩිකල් වෙනවා,

    කියන්න ගොඩක් දේවල් නැ අපි ඔක්කොම පොශ් වෙන්න ගිහින් ඇන්දිලා ඉන්නේ එකට උඹත් මාත් හැමොම අයිති,හැබයි හොදට මතක තියාගනින් උඹ pizza කන කඩේ එහා පැත්තේ මුඩුක්කුවේ කොල්ලො කෙල්ලෝන්ට මසල වඩයක් කන එකත් ලොකු හිනයක්,

බy රස්තියාදුකාරයා

6 comments:

  1. පට්ට පොෂ්ලු නේ ඉතින්....

    ReplyDelete
  2. අඩේ මං නම් හෙන රැඩිකල්ලු ඕං

    ReplyDelete
  3. ආ සුපිරි වදන් ටික ආා!!

    ReplyDelete
  4. බොහොම ඉස්තොතුයි මගේ සහොදරයා

    ReplyDelete
  5. අපි බටහිරින් ගත්තෙ නොවැදගත් සෝබන දේවල් බව ඇත්ත.වෙන එකක් තියා තාම වික්ටෝරියානු සදාචාරය ඔලුවෙන් බිම තියන්න බැරි උනා නෙ.
    Pizza ගැන කියවන් යද්දි Chetan Bhagatගේ "One Night at a Call Center" මතක් උනා.
    අනේමන්දා නම් හදන්නෙ homemade pizza ලු ඉතින්.ලේසි අප්පා හදන්න.මාත් කවලමට කෑම වට්ටෝරු ගැනත් ලියන්න ගන්න ඕන හැබෑට.. හෙක්

    ReplyDelete