Sunday 24 January 2016

හින වල් වැදි ඇත

රස්තියාදුකාරයාගේ අතිජාත පාප ම්ත්‍රයේක් මේ ලගදි දවසක මුහුණුපොත හරහා ටිකක් අමුතු ප්‍රශ්නයක් ඇහුවා,එක ඇත්තටම මෙලො රහක් නැති ප්‍රශ්නයක් නිසා රස්තියාදුකාරයාත් මුලදි ප්‍රශ්නේ මග ඇරියා,පස්සේ මේ යකාගේ බලවත් ඉල්ලිම පරිදි ඌට උත්තරයක් දෙන්න හිතුවා,එතකොට තමා රස්තියාදුකාරයාටත් හිතුනේ මුලින් මේ ප්‍රශ්නේ මග ඇරියේ ඇයි කියලා ඇත්තටම රස්තියාදුකාරයාට මේ ප්‍රශ්නේට දෙන්න උත්තරයක් තිබුනේ නැ,ඉතිං මේ රස්තියාදුකාරයාට හිතුනා මේ ප්‍රශ්නේ ජනගත කරන්නට ඔනා කියලා,

මාතෘකාව එච්චර අමාරු නැ"හින",රස්තියාදුකාරයා දන්න විදිහට නම් හැමොටම හින තියෙනවා එක උඹලාට මට කියලා වෙනසක් නැ හින නැති ජිවිතයක් ජිවියෙක් මේ ලොකේ හොයන්න අමාරුයි,එත් ප්‍රශ්නේ තියෙන්නේ මේ හින වලංගු වෙන්නේ හින වලට විතරමද කියන එක මත,

මේ සමාජේ ඇතුලේ මිනිස්සු බිහිවෙන්නේ එච්චරම ප්‍රායොගික ක්‍රමයකට නෙමෙයි,මෙක බොහො දුරට දකුණු අසියානු ආර්ථිකේත් එක්ක ගොඩ නැගුනු හිනමානයක්,මේ ලගදි ඕමාගේ ලිපියකට රස්තියාදුකාරයා ගොඩ වුන එතකොට අහු වුන දෙයක් තමා මේ ලොකේ ගොඩාක් රටවල් සමාජ බෙදිමකින් තොරව සැම වෘත්තීකයෙක්ටම එක සමාන සමාජ පිළිගැනීමක් ලබා දිලා තියෙනවා,එත් අපි හෙන රැඩිකල් නිසා අපි නම් ඔය පොඩි පොඩි රස්සවල් කරන එවුන් එච්චර ගණන් ගන්නේ නැතිලු ඕං,,

මාතෘකාව හීන නිසා අර්ථිකට විශ්ලේෂණයකට රස්තියාදුකාරයා සුදානම් නැ,නමුත් අපේ හින ගොඩ නැගෙන්නේ සමාජ ආර්ථික සාධක මත,අපි දක්ෂ මොකටද අපේ හිනේ මොකද්ද කියන එක මේ සමාජය බිංදුවකට ගණන් ගන්නේ නැ,මේ සමාජේ ගොඩ නැගෙන්නේ ආර්ථිකය මත නැතුව හින මත නෙමේයි,කුලි වැඩ කරන එකාගේ පුතා කුලි වැඩම කල යුතුයි,ජනාධිපතිගේ පුතා ජනාධිපතිම විය යුතුයි,මේ ස්ථරය මොකෙක් හරි බින්දොත් මුලින්ම ඌට විරුද්ධව ඇගිල්ල දික් කරන්නේත් අර ඌ නියෝජනය කරපු නිර්ධන පංතියේ එවුන්,

මිට අවුරුදු ගාණකට කලින් පාරෙ ලැවරියා විකුණපු දුප්පත් කොල්ලෙක් ලංකාවේ ජනාධිපති වුනා,මේ ජනාධිපතිට මුලින්ම ඇගිල්ල දික් කලේ ඌ නියොජනය කරපු නිර්ධන පංතියේ එවුන්,එ වගේම හෙන රැඩිකල් පක්ෂ ගොඩක් මේ ජනාධිපතිට කිසිම සහයොගයක් දුන්නේ නැ කරපු එකම දේ තමා උගේම පංතියේ මිනිස්සු දම්මලා ඌව විනාශ කරපු එක,අවසානයේ මේ ජනාධිපති අවසන් ගමන් යනකොට හද්දාපිටිසර ගම් වල මිනිස්සු සතුට පල කලේ රතිඤ්ඤා ගහලා,එ වගේම ලගදි ජනාධිපති වුන සිරිසේන මහත්තයටත් මුලින්ම ඇගිල්ල දික් කලේ නිර්ධන පංතියේ එවුන්,අට පාස් ග්‍රාමසේවක,ඕකට ඉංග්‍රීසි බැ බං කියලා මුලින්ම කැ ගැහුවේ කොළඹ හතේ එවුන් නෙමේයි හද්දා පිටිසර ගම් වල එවුන්,

මෙන්න මේ සමාජ ප්‍රතිබිම්බය නිසා තමයි අපේ ගොඩක් එවුන්ට තමන්ගේ හින අමතක වෙන්නේ,maths කරපු එවුන් බැංකු වල රස්සා පෝලිමේ වල රකින්නේ මේ මේන්න මේ සමාජ ස්ථරය නිසා,කරුමෙකටවත් Art කලොත් ඌට සොරිම තමා,පුළුවන් නම් කරපල්ලා maths හරි commerce හරි එක තමා ගොඩ යන්න හරි පාර,

එතකොට හින හීන තියාගෙන මැරෙන්නද යකො,ඔන්න shape එකේ සිංදුවක් කියා ගන්න පුළුවන් නම් ඔය මොකක් හරි මගුලකට ගිහින් තරුවක් වෙන්න පුළුවන්,මොකක් චිත්‍ර ඇදලා වැඩක් නැ බං කියපන් සිංදු ඒක තමයි පාර,

වෙන රටවල් වලදි අපේ හැකියාවන්ට නිසි ඇගයිමක් ලැබේනවා,එත් මේ ලංකාව මේ අගයන්නේ දක්ෂතා නෙමේයි සල්ලි එව්වා තියේ නම් අරවත් තියේ,

         මේ සමාජේ ජිවත් වෙන මිනිස්සු ගොඩක් විදවනවා මේ ආර්ථික ස්ථරය නිසා සමාජය මුළුමනින්ම ආර්ථිකයේන් බැදිලා තියේන අපේ හින වලට මේහේ ඉඩ නැ,එක නිසා කියන්නේ එක්කො උඹලාගේ හින වෙනස් කර ගනින් නැත්තන් උඹලා වෙනස් වෙයන්,මොකද මේ රටේ හීන හරි ලාභයි සහොදරයා,මොකද අපේ හින වටේ තවත් හින ගොඩක් එතිලා තියේනවා එක නිසා සමාජ ස්ථරය බිදින්න හිතනවා නම් ටිකක් අමාරුයි එත් බැරි නැ,මතක තියාගනින් මේ ලොකේ ගොඩක් මිනිස්සු අතරේ විශේෂ මිනිස්සු බිහි වෙන්නේ සමාජ ඝට්ටන තුලින්,

"හිනයක් සොයමි"
හින වල් වැදි ඇත,
"එහෙනම් නැවති හොයපිය හින"

8 comments:

  1. හීන දැකිල්ල ගැන තමා හෝ ගාන පොකුණ චිත්‍රපටියේ කතා වෙන්නේ.... බ්ලොග් අවකාශේ ඉන්නවා හොඳ හීන දකින්නියක් බස්සි කියලා..
    මාත් හීන දකින්න මනාපයි

    ReplyDelete
    Replies
    1. Blog අවකාශයේ බස්සි සහොදරිලා උඩුවා සහොලා වගේ යථාර්තවත් හින මතින් තමා සහෝ අපි වගේ අන්කුර හින මවන්නො බිහි වෙන්නේ බොහොම ස්තුති මගේ සහොදරයා මේ පැත්තෙ අවාට

      Delete
  2. ෂ් හීන ගැන ලිවීම තහනම් හරී.......


    හීන කියන්නේ කෙලවරක් නැතුව ලියන්න පුලුවන් ජීවිතය එක්ක එකට බැදිලා තියෙන දෙයක්. මාත් ලිපි ගොඩක් ලියලා ඇති.
    ඔයා ලියන විදිය ලස්සනයි "හීන" කියන වචනේ "හින" කියලා මට පේන්නේ පෝස්ට් එකේ. වෙලාවක් තිබ්බොත් අකුරුටික හදලා දාන්න. ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ඔමා සහොදරි,හින ගැන සහොදරි තරම් කතා කරපු කවුරුත් මේ blog සිමාවේ නැතුව ඇති,මං අකුරු ටික හදන්නම් සහොදරි,
      බොහොම තුති මේ පැත්තට ආවාට,
      සහොදරිටත් ජයෙන් ජය!!

      Delete
  3. හීන හැමෝටම පොදු රසවත් සිතුවමක්..ඇස් පියාගෙන වගේම ඇස් අැරගෙනත් හීන දකින්නන් අතර ජීවිතය ගැන මොනම හීනයක් වත් නැති එකෙක් උනත් තමන්ගේ මරණය ගැන හීන දකිනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත හිතුවක්කාරි හින මවන්නන්ට මවන හින වලට පරිචයක් සීමාවක් නැ,

      Delete
  4. මට හිතෙන්නෙ බං, මේ වගේ තත්ත්වයක් තියෙන්නෙ අපේ ඔලු වල තවම වඩවසම් සමාජක්‍රමය රජ වෙලා තියෙන නිසයි. මොකද, අපි වැඩවසම් ක්‍රමයෙන් ක්‍රමික පරිණාමයක් ඇතුව ජාතික රාජ්‍ය මට්ටමට ආව නෙවෙයිනෙ. සුදු රාජාණ්ඩුවට එංගලන්තයේ සිදුවුන ප්‍රතිසංස්කරණ සහ පරිණාමයන් ලංකාවට උඩිං ගෙනත් දැමීමයි සිදු වුනේ. ඉතිං කුළ ක්‍රමය, රාජකාරි ක්‍රමයෙන් බිහිවුණු සමාජ බෙදීම්, නව ස්වරූපයකින් තවම අපි අතරෙ ක්‍රියාත්මක වෙනව.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ඩ්රැකි සහොදරයා මාත් එ කතාවට එකගයි,අපේ මිනිස්සුන්ගේ ඔළු වල තාම දුවන්නේ වැඩවසම් සමාජ ලක්ෂණ එකේ තර්කයක් නැ,

      බොහොම ස්තුති සහොදරයා මේ පැත්තට ආවාට

      Delete