Tuesday 26 January 2016

කවුද විරයා???

රස්තියාදුකාරයා කොහොමත් ටිකක් වැඩියෙන් ලොක දේශපාලනයට හිතයි,එත් එච්චරම රස්තියාදුකාරයා දේශපාලනය ගැන කතා කරලා නැ,

                        කොහොම වුනත් මේ ලගදි දවසක රස්තියාදුකාරයාගේ අතිජාත අපාය සහය මිත්‍රයෙක් අමුතු ප්‍රශ්නයක් ඇහුවා ඉතින් රස්තියාදුකාරයාට හිතුනා මේ ගැන වචනයක් දෙකක් කතා කරන්න ඕනැ කියලා,මුලින්ම මේකා අහපු ප්‍රශ්නේ දාන්නම්,

"සිරිසේන වීරයෙක්ද බන්"ඔන්න ඔය ප්‍රශ්නේට ඌ උත්තර අහලා තිබුනා,රස්තියාදුකාරයාට අනුව නම් උත්තරෙ ඔව්,මුළු රටම බනින සිරිසේන රස්තියාදුකාරයාට විතරක් විරයෙක් වෙන්නේ කොහොමද??

       මෙහෙමයි මහින්ද මහත්තයා කියන්නේ මේ රටේ විශාලම ජන ආකර්ශනය ලබා ගත් ජන නායකයා කිව්වොත් එකේ තර්ක දෙකක් නැ,තිස් අවුරුදු යුද්ධය නිමා කිරිමත් සමග පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මිනිසුන් මහින්ද සමග එක් වුනා,එ වගෙම පාර්ලිමේන්තුව නියොජනය කල බහුතරය උපක්‍රමශිලිව තමාට නතු කර ගන්නත් මහින්ද සමත් වුනා,

යුද්ධයට පස්සේ එන මහමැතිවරණයේදි වගේම ජනාධිපතිවර්නයේදිත් විපක්ෂය දණින් වට්ටන්න මහින්දට පුළුවන් වෙන්නේ මෙන්න මේ ජන ආකර්ශනය නිසා,කාඩ් කුට්ටමේ ඉන්න තුරුම්පු ඔක්කොම තිබුනේ මහින්ද ගාව,ඇත්තේන්ම දෙදහස් පහලොව ජනාධිපතිවර්නය කියන්නේ මහින්දගේ ගේම් එකක් ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන මහින්ද පරදින ජනාධිපතිවර්නයකට යයි කියලා හිතන්න අමාරුයි,

     මහින්දට මේ ජනාධිපතිවර්නය මහා ලොකු කජ්ජක් වුනේ නැ මොකද විපක්ෂෙට ජනතා පදනමක් තිබුනෙත් නැ අඩුම ගානේ විපක්ෂෙ හෙළුඑ වහ ගන්න කතා කරන්න එකෙක් විපක්ෂෙන් හොයාගන්න බැරි වුනා,විරයෝ ඔක්කොම හිටියේ මහින්දගේ අල්ලේ,එත් රස්තියාදුකාරයා දන්න විදිහට වැඩි ආත්මවිශ්වාසයත් එච්චම ශරීරයට ගුණ නැ,මොකද මේ ලොකේ ගොඩක් විශිෂ්ඨ නායකයෝ ඉල්ලන් කැවේ මෙන්න මේ අධිවිශ්වාසේ නිසා,

          මොනවා වුනත් ජනාධිපතිවර්නේ ඔන්න මෙන්න කියලත් විපක්ෂෙට හරි අපේක්ෂකයෙක් හිටියෙත් නැ,
මහින්ද වගේම හැමොම හිතුවේ රනිල් මහින්දත් එක්ක ගේමට එයි කියලා,එත් එහෙම වුනා නම් රනිල්ට ඇපත් නැති වෙනවා,මොකද මහින්ද වගේ ජනතාව සමග හිටපු නායකයෙක් එක්ක බලනකොට රනිල් කියන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයෙක් එ වෙනකොට රනිල්-සජිත් භේදිමත් එක්ක රනිල් ප්‍රාදේශිය සභාවට ඉල්ලුවත් ගෙදර යන මට්ටමක ප්‍රතික්ෂේපිත ජනවරමක් රනිල්ට තිබුනේ,මහින්ද වගේම පිරිසත් හිතුවේ මු නම් මොකෙක්ද කියයි,

       එත් මහින්දට හොරා ඔහුගේම මන්දිරය තුලින් මේ වෙනකොට ගිනි පුපුරු මතු වෙමින් තිබුනේ,කවුරු මොනවා කිව්වත් චන්ද්‍රිකා කියන්නේ යකඩ ගැහැනියක් එ ගැන කතා දෙකක් බලයට ආපු UNPයට හොම්බෙන් යන්න ගහන්න තරම් නිර්භත වුන චන්ද්‍රිකාව මහින්ද බලයට ආපු මුල් කාලේම මේ තරගයෙන් ඉවත් කලා,මේ නිසා චන්ද්‍රිකා ගැන බියකුත් මහින්දට තිබුනේ නැ,

             රස්තියාදුකාරයා දන්න විදිහට ගොඩක් විශේෂ දේවල් සිද්ද වෙන්නේ ඇතුලතින්මයි,ලංකාවේ අවසන් රජතුමා වෙච්ච ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමාටත් මුල් කාලයේ ඉතාමත් ඉහල ජනප්‍රසදයක් තිබුනා,නමුත් ලිඛිත ඉතිහාසයටත් කොලේ වහලා රාසිං රජතුමාව ද්‍රොහියෙක් කරන්න ඇහැලේපොල,මෙන්න මේ වගේ හැම විප්ලවයක් පිටුපසම මේ  වගේ විප්ලවකාරයො හොයාගන්න පුළුවන්,

               කොහොම නමුත් අන්තිමට පොදු අපේක්ෂකයා වශයෙන් කරලියට එන්නේ,මහින්දගේ දකුණු අත වෙච්චි සිරිසේන,එ විතරක් නම් කමක් නැ මෙත් එක්ක සන්ධානේ බහුතරයක් මේ පොදු අපේක්ෂක පිළේ අසුන් ගන්නවා,තමාත් සමග එක ආප්පේ බෙදාගෙන කාපු මනුස්සයා මෙහෙම කරයි කියලා මහින්ද හිනෙකින්වත් හිතුවේ නැතුවේ ඇති,තමන්ගේ හොදම යාළුවාගේ ද්‍රොහි විම ගැන තිබුන කනස්සල්ල තමා ගොඩාක් දුරට මහින්දගේ වේදිකාවෙන් ඇහුනේ,

           මේ අස්සේම බන්කොලොත් UNP එකෙන් අළුත් තරු බිහි වෙන්න ගත්තා,රන්ජන්,හරින්,බුද්දික වගේ කට කාරයොත් එක්ක UNP එක අළු ගසලා දාල නැගිට්ටා,තමන්ගේ පරාජය ස්ථිර බව දැන ගත්ත මහින්ද ප්‍රතිඵල වලටත් කලින මන්දිරයෙන් ගියා,

         කොහොම වුනත් සිරිසේන UNPයේ කර පිටින් ගිහින් රජ වුනා විතරක් නෙමේයි මන්ත්‍රිවරු දෙතුන්දෙනෙක් අල්ලගෙන තමන්ගේ පක්ෂ බලයත් අල්ල ගත්තා,එ විතරක් නෙමේයි මුළු රටම මහින්ද කියද්දි නැ මං මහින්ද දිනුවත් අගමැති කම දෙන්නේ නැ කියන්න තරම් නිර්භිත වුනා,එ විතරක් නෙමෙයි හැමොම අට පාස් ග්‍රාමසේවක කියද්දි ඔබාමත් එක්ක සම අසුන් ගන්න සමත් වුනා,තව මහින්ද සමග නැගිටපු පක්ෂෙ පරදිද්දි රනිල්ට කොකා පෙන්නලා UNP එකට නියොජ්‍ය ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් ටික පෙන්නලා තමන්ගේ පක්ෂෙට ඇමතිකම් ටික ගන්න තරම් සිරිසේන කපටි වෙනවා,මේ ලොකේ පළමු වරට පැරදුනු පක්ෂයක් රට පාලනය කරන්නේ ලංකාවේ වෙන්න ඇති,

       මේ හැම දෙයක්ම එක්ක බලනකොට රස්තියාදුකාරයාට සිරිසේන මහත්තයා විරයේක් වෙනවා,ඒ වගේම බලයට පත් වෙච්ච මුල් අවුරුදු දෙක ලොකේ හැම ජනාධිපතිටම තමන්ගේ පාලන බලය ස්ථාවර කර ගන්න එක ලොකු අභියොගයක් වුනා,එක ඔබාමට වගේම සිරිසේනටත් එකයි,       මොනවා වුනත් තවදුරටත් පඹයෙක්ට අදිනවාද නැත්තන් විරයෙක් වෙනවාද කියලා සිරිසේන මහත්තයාගේ තිරණයක්,හැබයි තාම ජනතාව අවදියෙන්!!

        අඩව්ව බy රස්තියාදුකාරයා

12 comments:

  1. බ්ලොගය අපේ සින්ඩියට දා ගත්තා.......

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
  2. බොහොම ස්තුති ගී පවුර

    ReplyDelete
  3. ලස්සනට ලියලා තියෙනවා මචන්.
    ලියන් ආපු වගේ දිගටම ලියන් යමු.
    අලුත් සින්ඩියටත් දාගත්තා.
    http://karakoppuwa.blogspot.com

    ReplyDelete
  4. බොහොම ස්තුති සහොදරයා වචනේත් ලොකු හයියක්

    ReplyDelete
  5. ඔන්න සේරම පෝස්ටු ටික කියෙව්වා. Google Friend Connect ගැජට් එක එල්ලගත්තනං පෝස්ටු දාන පමාවෙන් අපිට බලාගතෑකි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති සාකියා එ ගැජට් එක එල්ලුවෝ,
      ජයෙන් ජය!!

      Delete
  6. පඹයින්ට වීරයෝ වෙන්න නං සෑහෙන කල් යයි. ඔක්කටමකලිං මනුස්සයන්නෙ ඔලුවෙන් මහින්දකියල අයිඩල් එකපඅයිං කරන්න වෙයි

    ගූගල් ෆලෝවරේ දාගං.
    දාල පුලුවන්නං මැසෙජ් එකක් දාහං. නැත්තං ආයෙ එන්න වෙන්නෑ.. මේ බ්ලොග් තියන විදියට

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත සහො මටත් හිතෙන්නේ මහින්ද කියන අයිඩල් එක මත සිරිසේන තවදුරටත් පඹයෙක් වෙනවා,වීරයෙක් වෙන්න නම් මේ හින මාන එන් සිරිසේන සිරිසේනට ගැලවෙන්නම වගේ එනවා,


      ෆලෝවරේ හයි කරා සහොදරයා අඩව්වට ආදරයෙන් පිළිගන්නවා,ජය වේවේවා

      Delete
  7. මේක දාපු උඹට පිස්සු,

    ReplyDelete
    Replies
    1. ඔව් නේ ටිකක් පිස්සු

      Delete
  8. වීරයෙක් කියන්නේ අවදානම පෙනුනත් ඉදිරියට යන්න පුළුවන් කෙනෙකුට. ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා 2010 ඉදිරිපත් වෙනකොට එයා දැනගෙන හිටියේ නැහැ එයාව හිරේ දායි කියලා. එතෙන්දි එයා වීරයෙක් වෙන්නේ යුධ ජයග්‍රහණය එක්ක අති බලවත්ව හිටපු පැත්තට වෙලා පහසුවෙන් ඉන්න පුළුවන් කොට ඉදිරිපත් වීම. කොහොමත් හමුදාවෙ ඉන්දෙදි කරපුවම ඇති එයා වීරයෙක් වෙන්න. සිරිසේන ඉද්‍රිපත් වෙනකොට පැරදුනොත් වෙන්න පුළුවන් දේවල් ගැම හැමෝම දැනගෙන හිටිය. ඒවගේම සාධාරණ මැතිවරණයක් සාධාරණ ගණන් කිරීමක් වෙයි කියල විශ්වාසෙකුත් තිබ්බේ නැහැ. ඉදිරිපත් නොවී හිටියනම් ඇමති කෙනෙක්ගෙ වරප්‍රසාද නැතිවෙන්න අවධානමක් තිබුණෙත් නැහැ. එයා කලේ ඉස්සරහට එන කෝච්චියට බෙල්ල තිබ්බ වගේ වැඩක්. මොන අරමුණු වෙනුවෙන් හරි එහෙම ඉස්සරහට එන්න පුළුවන් කෙනෙක් වීරයෙක් තමයි. එයා ඉස්සරහට ආවේ නැත්නම් 2015 මාර්තු මාසේ මානව හිමිකම් එක හරහා අපිට සම්භාධක වැටිල. ඒවයෙන් විඳවන්න වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට මිසක් ලොකු අයට නෙමෙයි කියන එක සිම්බාබ්වේ වල දේවලින් පේනවා. ඒවගේම දෙකට කැඩුණු සුඩානය කැඩුණේ ඒවගේ සම්භාධක වලින් පස්සේ. ඒක නිසා සිරිසේන මහත්මයාගේ වීරකමින් රටටත් රටේ මිනිසුන්ට විශාල සේවයක් වුනා.

    ReplyDelete
    Replies
    1. රස්තියාදුකාරයා අඩව්වට ඉතාම ආදරයෙන් පිළිගන්නවා ඉයන් තුමාව,

      ඉයන් තුමාට වගේම රස්තියාදුකාරයාටත් හිතෙන්නේ සිරිසේන මහත්තයා එදා ජනාධිපති නොවුනා නම් සමහරක් ඉතිහාසය මිට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා,
      එත් සිරිසේන මහත්තයා තාමත් ජන හිත් වලට වීරයෙක් වුනේ නැ විශේෂයෙන්ම ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන්ට ඔහු තවම දුෂ්ඨයෙක්,සිරිසේනට පුළුවන් වුනොත් මෙන්න මේ ශ්‍රි ලංකා නිදහස් පාක්ෂික හිත් වල වීරයෙක් වෙන්න,එක ඓතිහාසික ජයග්‍රහණයක් වනු නියතයි,

      Delete