Thursday 21 January 2016

අල්තනායි අයිලය තාම දුරයි

අල්තනායිගේ හිතේ මුලින්ම ආදරේ සිත්තම් වෙන්නේ තමන්ට අකුරක හැඩය කියා දුන් තමන්ගේ ගුරුවරයා නමින්,
    නොරිකොගේ හිත හොයන්නේ දෙලොවක ජිවත් වෙන දෙවෙන්දරාව,
               රස්තියාදුකාරයාට මේ වගේ කතා එක්ක අද හිතුනා ටිකක් වෙනස් කතාවක් කියන්න,ඇත්තටම රස්තියාදුකාරයාට හිතුනා තව මොහොතක් ජිවත් වෙන්න,

      If I Stay......
අපි ජිවිතේ කොච්චර නම් ජිවත් වෙලා තියෙනවද ජිවිතේ කොච්චර විදලා තියෙනව අපි ජිවත් වෙනවා කියලා අපිට දැනෙනවාද,රස්තියාදුකාරයාට හිතේනවා තව මොහොතක් ජිවත් වෙන්න,ආදරේ කරන තුරුලකට වෙලා එක මොහොතක් හුස්ම ගන්න If I Stay,

         If I Stay කියන්නේ රස්තියාදුකාරයාගේ අතට අහම්බෙන් අහු වුන චිත්‍රපටයක්,මුලු චිත්‍රපටය පුරාම විහිදි යන්නේ අනතුරකින් කොමා තත්වයට පත් වෙච්ච තරුණියකගේ සැරිසරන ආත්මය ගැන කතාවක්,ඇයගේ සැරිසරන ආත්මය තමන් ආදරය කරන පිරිස් වෙනුවෙන් ජිවිතයක් අයදින ආකාරය ඉතාම සංවේදි,

          රස්තියාදුකාරයාට අන්තිමට හිතුනා If I Stay..ඇත්තටම රස්තියාදුකාරයාට නවතින්න ඔනා වුනා කෙනෙක්ගේ හදවතේ,අම්මගේ තුරුලේ,තාත්තාගේ දෙපා මුල,රස්තියාදුකාරයාට කියන්න හිතෙනවා ආදරය,If I Stay,,

         අපි හැමොටම ජිවිතෙ විවිධ අවස්ථා අහු වෙලා තියෙනවා අපිව ජිවත් කරවන්නේ මේවා,එත් ඇත්තටම සමහර වෙලාවල් වලට අපිට තව මොහොතක් ඉන්න තිබුනා නම් කියලා හිතෙන්නේ නැද්ද?

               එදා අල්තනායිට එ මොහොත දැනුනානම් කියන්න තිබුනා දුශෙයින්ට ජිවිතය සිත්තම් කරන්න තිබුනා ජිවිතය අතින් අල්ලන් සිනාසෙන පොප්ලර් ගස් දෙක මත,

            නොරිකොට එක මොහොතකට දැනුනාම් දෙවෙන්දරාගේ ආදරය,අයිත් අතින් අල්ලන් ජපානයේ මං මාවත් පුරවන්න තිබුනා ආදරෙන්,

         හිතෙන්නේ නැද්ද තව එක මොහොතක් ජිවත් වෙන්න,අයදින්න තවත් එක මොහොතක් ජිවිතෙන් If I Stay,

        යන්න දුන්න අය ගිය අය වෙනුවෙන් අයදින්න තව එක මොහොතක් ජිවිතේන්,අත් හැරපු ජිවිත වෙනුවෙන් අයදින්න ජිවිතයක් අයදින්න තව මොහොතක්,If I Stay.....

        රස්තියාදුකාරයාට තව මොහොතක ජිවිතයක් අයදිනවා අල්තනායි හද රිදවපු පොප්ලර් ගස් දෙක වෙනුවේන්,
      රස්තියාදුකාරයා අයදිනව ජිවිතයක් නොරිකොගේ සුසුම් වෙනුවෙන්,

If I Stay,,,, අයදිනවා තව ජිවිතයක් උඹේ හුස්ම වෙනුවේන,අපේ ජිවිතේ වෙනුවේන,If I Stay

           බy රස්තියාදුකාරයා

2 comments: