Wednesday 6 January 2016

Pass vs Fail A/L

අළුත් අවුරුද්දට කාපු කිරිබතේ රහ දිවෙන් යන්නත් ඉස්සෙල්ලා රටේ ලොකු ලොකු පුටු රත් කරන අැයෝ ඔවුන්ගේ ආදරණීය ජනතාවට අළුත් අළුත් ටොෆි දෙන්න පටන් ගත්තා,මොනවා කරන්නද බැද ගත්තා නම් දැන් බෙරේ ගහන්නත් වෙනවානේ,රස්තියාදුකාරයා මේ අළුත් අවුරුද්දේ හා හා පුරා කියලා ඔය ලොක්කන්ට දෙහි කපන්න යනවා එහෙම නෙමෙයි ඕං,

රස්තියාදුකාරයා මේ කතා කරන්නේ අපේ උසස් පෙළ රිසාල්ට් වලින් රත් වෙලා ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට, මේක මේ උසස් පෙළ උසස් ලෙස අැනගෙන ගෙදරට වෙලා හතර වටේ කෝස් හොයන නැත්තන් අළුතෙන් රිවිශන් ක්ලාස් හොයන එව්න්ටම ආදාල කතාවක් නෙමෙයි,A/L උඩින්ම ගොඩ ගිහින් අඩි දහයක් පහළොවක් උඩින් ගිහින් campus හොයන එවුන්ටත් අදාල වෙයි,කාට අදාලද නැද්ද කියලා කියවලාම බලමුකෝ,හැමොටම වැදගත් නැති වුනත් එකෙක්ට හරි වැඩක් වෙයිනේ,

ජිවිතේ කියන්නේ හරි අමුතු දෙයක් අද උඩ ඉන්න එකා හෙට බිම වැටිලා ඌට ගොනත් අැනලා,එක තමයි ජිවිතේ කියන්නේ සමහරවිට මේ හේතුව උඩ වෙන්න අැති අර උඹලා මේ දවස් වල බුකියේ තියාගෙන පට්ට ගහන විභාග Fail වෙච්ච බිල් ගෙට්ස් මයික්‍රෝසොෆ්ට් එකේ අයිති කාරයා වෙද්දි හැම විභාගෙම උඩින්ම ගොඩ ගිය උගේ යාළුවා මයික්‍රෝසොෆ්ට් එකේ නිකන් ඉන්ජිනේරුවක් වුනේ,මේ වගේ කතා බිල් ගෙට්ස් ජිවත් වෙන රටේ තියෙන තාක්ෂණෙත් එක්ක මහා ලොකු දේවල් නෙමෙයි,එත් මෙවා අපේ වගේ රටකට නම් මහා ඔරොත්තු දෙන කතා නෙමෙයි,හැබයි "ගට්"එක තියෙනවා නම් මේවා මහා ලොකු දෙවලුත් නෙමෙයිලු,

දැන් Campus උඩින්ම ගිහින් අර ගහේ උඩ ඉන්න එව්න්ටත් කියන්න තියෙන්නේ campus යන එක හෙන අමාරු වැඩක්,එක ගොඩ යනවා කියන්නේ උඹලා ලෙසි පොරවල් නෙමෙයි,හැබයි උඹලා දැන ගන්න ඕනා campus එක ජිවිතේට හයියක් කර ගන්න නැත්තන් අද ඉන්න ගොඩක් උපාධි කාරයෝ වගේ සහතික ටිකත් කරේ ගහගෙන රස්සාවල් හොයන දවස වැඩි අැතක නෙමෙයි,බිල් ගෙට්ස් වෙනවාද පොරගේ යාළුවා වගේ වෙනවාද කියන එක උඹලාගේ වැඩක්,

දැන් A/L Fail වෙච්ච කොල්ලන්ට කෙල්ලන්ට යමක් කියන්නම්,රස්තියාදුකාරයා දන්න හැටියට නම් දැන් A/L අනාගත්ත කොල්ලො ගොඩක් කරන්නේ computer ක්ලාස් හොයන එක,මතක තියා ගනින් computer කෝස් කරන හැමොම බිල් ගෙට්ස් වෙන්නෙවත් dancing කරන හැමොම මයිකල් ජැක්සන් වෙන්නෙවත් නැ,මේ ලොකේ ඉන්න හැම මනුස්සයෙක් අැතුලෙම මොකක් හරි දෙයක් තියෙනවා,පොඩ්ඩක් සමාජෙට බැහැලා බලපන් රස්තියාදුකාරයා කියන්නෙ බොරුද කියලා පොල් කඩන මිනිස්සු කි දෙනෙක්ට හොදට සිංදු කියන්න පුළුවන්ද කියලා,අව්ල තියෙන්නේ උන් උන්ව හොයාගන්න බැරි වුනා,එක නිසා මුලින්ම තමන්ව හොයාගන්න try කරපන්,

දැන් තමන්ව හොයා ගෙන ඉවරනම් ඊලඟට තමා අමාරුම කෙස් එක තියෙන්නේ,උඹලා හදිසියේවත් computer ක්ලාස් නොයා dancing ක්ලාස් එකකට ගියොත් එක වටේ ඉන්න මිනිස්සුන්ට මාර ප්‍රශ්නයක් වෙයි,එහෙම කියලා උඹ උඹව මේ වෙලාවේ අත් අැරියොත් අන්තිමට දුක් විදින්නේ අහල පහල රොයිටර් අැන්ටිලා නෙමෙයි උඹලාම තමා,

රස්තියාදුකාරයා සමාජේ එහෙන් මෙහෙන් පහුරු ගානකොට අහු වෙච්ච දෙයක් තමයි,මේ ලොකේ ගොඩ ගිය ගොඩක් මිනිස්සු විශ්වාස කලේ කොහෙවත් තියෙන A/L සහතිකේ නෙමේයි,තමන්ගේ ආත්ම විශ්වාසය උඹලාගේ වචනෙන් කිවුවොත් "ගට්"එක එක ගන්න Airtel සිම් දැම්මට බැ,මහන්සි වෙන්නත් වෙනවා,මොකද A/L සහතිකේ නෙමෙයි උප්පැන්න සහතිකේ පවා නැති මිනිස්සු ගොඩ ගිය ලොකයක් මේක,

ඉතින් ඔය campus  යන කොල්ලො කෙල්ලො උපාධිය ජිවිතේට speed break එකක් කර ගන්නේ නැතුව හයියක් කර ගන්න කියලා කියන ගමන් අනිත් එව්න්ට කියන්න තියෙන්නේ ගොඩ යනවාද බිම වැටෙනවාද කියලා තිරණේ කරන්නේ උඹලා campus ගිය කොල්ලොන්ට කෙල්ලොන්ට වගේ නෙමෙයි උන්ට අහු වෙන්නේ ලොකෙන් එකයි දෙකයි එත් උඹලාට දිනන්න මුළු ලොකයක්ම තියෙනවා,මතක තියාගනින්,

අවසාන වශයෙන් රස්තියාදුකාරයාගේ කටෙ නිතරම තියෙන කතාවක් කියන්නම් "ඕනම race එකක දිනන්නේ මුලින් යන එකා නෙමෙයි මුලිකන්ම එන එකා"   

ජයෙන් ජය,

අඩව්ව බy රස්තියාදුකාරයා

5 comments:

  1. අනිවා‍ රස්ති..දිනන්නෙ කලින් ගිය එකා නෙමෙයි මුලින් ආපු කෙනා...

    ReplyDelete
  2. එකනේ සහොදරි මේ මිනිස්සුන්ට ඕක තෙරෙන්නේ නැනේ,

    ReplyDelete
  3. ඕනම race එකක දිනන්නේ මුලින් යන එකා නෙමෙයි මුලිකන්ම එන එකා" me 2kama ekaine bn

    ReplyDelete
  4. ඕනම race එකක දිනන්නේ මුලින් යන එකා නෙමෙයි මුලිකන්ම එන එකා" me 2kama ekaine bn

    ReplyDelete
  5. ආයිත් පාරක් කියවලා තෙරුම්ගන්නෝ

    ReplyDelete