යහපාලනයට දැන් වසරත් ගෙවි ඇත,කොහොම නමුත් අද රට පාලනය කරන්නේ මහින්ද නොවන බව විටෙක සිරිසේනට අමතක වි ඇත ඔහු තාමත් වැඩ කරන්නේ ජනාධිපති පුටුව මහින්දට තබාය,එහෙයින් ලංකාවේ දැන් ජනාධිපති මහින්ද හෝ රනිල් නොව තමා බව සිරිසේන ජනාධිපතිතුමන් තමාටම පසක් කර ගත යුතු කාලය මේය බව රස්තියාදුකාරයාගේ අදහසයි අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා පලක් නැත,හදිසියේ හැටියට නම් ඌ දැනටමත් ඉස්තාලය පැන යාමට පිඹුරුපත් සකසා හමාරය,
මිට වසරකට උඩදි සිරිසේන මහත්තයා ලබාගත් ජයග්‍රහණය කවුරු කෙසේ කිවත් සුළු පටු නැත එය ඓතිහාසික ජයග්‍රහණයක් වන්නේ පළවෙනි වතාවට ජනාධිපතිවරයෙක් ගෙදර යැවු නිසාම නොවේ,එම ජයග්‍රහණය ලබාගත්තේ මහින්ද රාජපක්ෂට එරෙහිව නිසාය,චන්ද්‍රිකා මහින්දට අගමැතිකම දෙන විට මහින්දට වඩා මිනිසුන් අතර සිරිසේන,මංගල නමක් හදාගෙන සිටියේය,නමුත් අවසානයේ අගමැති පුටුව කැරකුනේ මහින්දටය,අගමැති පුටුවෙන් ඉහලට ගිය මහින්ද ජනාධිපති වි අවසානයේ නතර වුයේ රජ පුටුවේය,
අද සිරිසේන පක්ෂ නායකකම ගත් ආකාරය ගැන ප්‍රශ්න කරන මහින්ද වාදින්ට එදා මහින්ද චන්ද්‍රිකාව දේශපාලනයෙන් එලවු හැටි අමතක හැටි පුදුමය,නමුත් මහින්ද තාම යහතින් දේශපාලනය කරයි,ඔහුගේ වේදිකා කවුරුත් ගිනි තියන්නේ නැත,කතා කරන විට කරන්ට් කපන්නේ ද නැත,යොෂිත වෙනුවෙන් කදුලු හෙලන මහින්දට,ප්‍රදිප් එකනැලිගොඩ දරුවන්ගේ කදුලු විහිළුවක් විය,අද නිතිය සාධාරණත්වය ගැන කතා කරන මහින්ද ෆොන්සේකාව හිරේ දැම්මේ කුමන චොදනාව යටතේද යන්න සොයා බැලිම වටි,මහින්ද එතකින් නැවතුනා නොවේ අවසනයේ අගවිනිසුරුවරියවද ඉවත් කලේය,මහින්දගේ කාලයේ පැවතුනේ වෙනස් නිතිය එකල මුලින්ම හිරේ දමා පසුව චොදනාව සාකච්චා කර තිරණය කරයි මේවා අපුරු ප්රමේයන්ය,
රස්තියාදුකාරයා මේ කතාකරන්නේ මහින්ද යුගය ගැන නොවේ එවා දැන් පරණ කතාය,ඇතැම්විට මහින්දගේ මල් පොහොට්ටුව පළාත්සභාවට වැඩ කලොත් යලිත් ඉතිහාසය අළුත් විමට ඉඩ ඇත,එ ගැන දැන්ම පැවසිමට කල් වැඩිය,නමුත් යහපාලනය ගැන කතා කල යුතුව ඇත ඉස්සෙල්ලා කියුවත් වගේ සිරිසේන මහත්තයාට තාම ජනාධිපති පුටුව අමතක වි ඇත,ජනාධිපති කැල්ල නමෙන් හැලෙන්නට කලින් තමන් ජනාධිපති බව සිරිසේන මහත්තයාට මතක් වුවේ නම් යෙහෙකි,
ඇත්ත කතාව නම් මහින්ද මහත්තයා පැරදුනේ විහින්ය,බිසිල්ලා,විමල්ලා ලං කර ගන්නා විට මහින්දට සිරිසේනලා,රෙජිනොල්ඩ් ලා අමතක විය,ජොන්ස්ටන්ලා,ඩිලාන්ලාගේ වචන පිළිගත් මහින්දට තමාව ජනාධිපති කෙරු jvp කාරයන් හතුරෝ විය,මහින්ද පැරදුනේ නැත මහින්දව පැරද්දුවාය,මේවා නොවන්නට අදටත් ජනාධිපති මහින්දය එකේ තර්කයක් නැත,පක්ෂ පුටුවෙනුත් විසි වෙන්නට ඔන්න මෙන්න හිටි රනිල්ට කවදාවත් සිරිසේන නොහිටින්නට මහින්ද පරාද කරන්න බැරිය,එක රනිලුත් දන්නවාය මන්ද තමාට ජනාධිපති වෙන්න හැකියාවක් ඇත්තම් රනිල් කිසි විටක සිරිසේනට අපේක්ෂකකම දෙන්නෙ නැත,කොහොම නමුත් දැන් ජනාධිපති සිරිසේන මහත්තයාය,රට පාලනය වෙන්නේ යහපාලනයෙන්ය,
යහපාලනය ස්ථාපිත වි අවුරුද්දක් ගෙවි හමාරය මේ අවුරුද්ද ඇතුලත මහින්ද කෙරු වැරදි බොහොමයක් සිරිසේන අතින්ද සිදුවි ඇත,විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය පත් කිරිමේදි සිරිසේන විතරක් නොව රනිල්ද නා ගෙන ඇත,යහපාලනය වෙනුවෙන් කැ ගැසු හරෙන්ලාට,රන්ජන්ලාට,බුද්දිකලාට යහපාලනය කෙරු දෙයක් නැත,යහපාලනයෙන් නියමේට වැඩ ගත්තේ එස්.බි ලාය ඩිලාන් ලාය,එදා හරෙන්ලා,රන්ජන්ලා කැ ගහද්දි එස්.බි ලා සැරසුනේ සිරිසේනට අමුඩ ගසන්නය,එ බව එස්.බි ට අමතක විම එච්චරම පුදුමයක් නොවේ නමුත් එය සිරිසේන මහත්තයාට අමතක නම් එය පුදුමයක් නොව අරුමයකි,
අද වන විටද මහින්දගේ කාලයේ තිබු සමහර විහිළු රට රකින ඇත්තන්ගෙන් අහන්නට ලැබේ,එදා තමාම ගස් බැද ගත් අතර අද තට්ටු ගණන් වලින් මිනිස්සු ෆන් එකට පනි,මේවා කියන්නේ ජනතාව රැවටිමට නම් එයද එක්තරා විහිළුවක් බව මතක තියා ගැනිම හොදය,
මහින්දගේ කාලේ ඇමතිවරු පිස්සු නැටුවේය,අවසානයේ ඔවුන්ගේ පවට වන්දි ගෙව්වේ මහින්දය සිරිසේනද අද ලං කරගෙන සිටින්නේ මේ ඇමතිවරුය ඔවුන්ට මහින්ද ද සිරිසේන ද කියා ගාණක් නැත,ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ පව් කර ගැසිමට මොකෙක් හරිය,
මහින්ද අදටත් කරන්නේ වැරදිය විශ්වාස කරන්නේ වැරදි මිනිස්සුය විමල්ලා,ගම්මන්පිලලා මහින්ද ගාව ඉන්නේ මහින්ද සතුව ඉතුරුව ඇති ජන පදනම නිසාය,මොවුන් ලග තියාගෙන ඉල්ලන්න යන මල් පොහොට්ටුවත් රස්තියාදුකාරයාට විශ්වාස නැත්තේ ඔය case නිසාය,
ජනාධිපති වු දා සිට සිරිසේන මහත්තයා කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ බලය අල්ලපු එකය අදටත් සිරිසේන මහත්තයා හෙට්ටු වෙන්නේ මේ පක්ෂ නායක කමත් එක්කය,මේ නිසා සිරිසේන මහත්තයාගේ ජන පදනම බිංදුවට බැස ගොස් ඇත,සමහරක් විට ඉදිරි පළාත්සභා මැතිවරණයේදි මේ බව ඔහුටම දැනගත හැකි වනු ඇත යහපාලනයට කැ ගැසු පිරිස් අද එයින් හෙම්බත් වි ගොසින්ය,
ජනාධිපතිවර්නය කාලේ සිරිසේන මහත්තයාගේ විරයා වු මොදි මැතිතුමාගේ තත්වයද අද වන විට මිට සමානය,මොදිද මැතිවරණයදි තරුණ දේශපාලකයන් සමග කුළුපග වුවත් පසුව වෙනස් විය,එහෙයින් අද මොදි අත් විදින්නේද ලංකාවේ සිරිසේන අතවිදින තත්වමය,
කොහොම වුවත් රස්තියාදුකාරයාට කියන්නට ඇත්තේ සිරිසේන මහත්තයා මහින්ද රාජපක්ෂ වෙන්නට ගියහොත් තත්වය මිට දරුණු වනු ඇත,එහෙයින් කලයුතු වන්නේ රාජපක්ෂ ඔටුන්න හිසෙන් ගලවා දමා රටේ සාමාන්‍ය මිනිසුන් අතරට යාමය,එවිට ඔය රැක ගන්නට දගලන පක්ෂෙන්ද රාජපක්ෂ උණ ඉවත් වනු ඇත,එසේ නොවුනහොත් යහපාලනයෙන් හෙම්බත් වි ඇති යහපාලන පාක්ෂිකයන්ම දැමු ඔටුනු ගලවා ගෙදර යාමට පාර කියා දෙන දවස වැඩි ඇතක නොවන බව මතක තියා ගත යුතුය,
බy රස්තියාදුකාරයා
ඔව් රස්ති උබේ කතාව හරි හිටං මහත්තයා තාම පරක්කු නෑ විදායකයත් ඔක්කොම අහෝසි නැති එකේ මොනවද හිටංට කරන්න බැරි..
ReplyDeleteමට ඔය පුටුව දුන්නනම් රට ගිනියන හැටි දනී.. එක්කෝ ඕන්නෑ..
එහෙම උනොත් නං මන් සෝමාලියාවට හරි යනවා හිටන්... :D
Deleteහැබැයි මට හිතෙනවා මහේෂ් සහො ඔය පුටුවට ගියොත් අනිවා හිටංට වඩා යමක් කරයි,අනික රස්තියාදුකාරයා වගේ උපදේශකයෙක් ඉන්න එකත් ලේසි නැ ගිම්මියෝ,
Deleteහිකිස් ඔය වගේ උපදේශකයෙක් ඉන්න එකම තමයි අප්පා බය..
Deleteතියෙන ඊරිසියාව,
Deleteගෙම්බි.
Deleteමගේ පලවෙනි සංචාරයට තෝරගන්න රට තමයි සෝමාලියාව...
නැත්තනම් මෙහෙම කරමු. ඔයාට දෙන්නම් විපක්ෂ නායකකම අපේ රටේ කට ඇත්තියෝ එහේ යවලා බෑනේ..
ගනණ් ගන්න එපා රස්ති ගෑනූ උදවිය ඔහොම තමයි.
අපි මෙහෙම කරමුද සහො අපි අපේ මුල්ම සංචාරය විපක්ෂ නායකට පරිත්‍යාග කරමු,මොකක්හරි සොමලියාවෙන් හරි ඉගෙන ගන්නේ නැතැ,
Deleteහාහ්...විපක්ෂ නායක ත් නරකම නෑ..හිටුකෝ මන් කරන්න එහෙනං හොද වැඩක්..
Deleteඒයි...රස්ති මගේ නිල සංචාරයේ සියලු වියදන් රජයෙන් දරන්න වෙන්ව හරිනේ...:D
මාර කතානේ ගෙම්බිත් කියන්නේ,තමන්ගේ නැයො බලන්න යන්න අපෙන් වියදම් ඉල්ලනවා,
Deleteවිපක්ෂ නායිකාවට ගිය ආන්ඩුවෙන් කල වැඩේ තමයි කරන්නේ..
Deleteප්‍රතිපත්තිය 1.
සහෝදරවරුනි මහජනයාගේ මුදලින් සංචාර සදහා වෙන්කරන්නේ ආන්ඩු පක්ෂ අයට පමනයි. හැක්.
එකනේ සහෝ පොරට තියෙන්නේ පොඩි අමතක විමක්,හිටංට මතක නැ මේ රටේ ජනාධිපති තමන් බව එක මතක් වුනොත් අනිවා මිට වඩා යමක් වෙයි,
ReplyDeleteමටත් විශ්වාසයි සහො ඔය පුටුවේ උඹ ඉදගත්තොත් මිට වඩා යමක් අනිවා කරයි,එහෙම වුනොත් ඔය උපදේශක පුටුවක් මේ පැත්තට හැරෙවුවාට කමක් නැ ඉතිං
උපදේශක....හැක හැක
Deleteඋඹලා හිනා වුනාට අපිත් හොද උපදේශකවරු තමා ඉතිං,
Deleteමොකට කියනවද ඉතින්..
Deleteහික්ස් දන්නවානේ නේද කියලා වැඩක් නැ කියලා
Deleteකතාවක් තියෙනවනේ.. බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ කියලා. ඒක වෙන්නේ නැත්නම් ගෙම්බි බක බක් ගෑවට මක්කා වෙනවද??? පොඩ්ඩක් කන්කරච්චලේ තියේවි..
Deleteආයෙත් අහලා සිංහයො කවදද ගෙම්බියන්ට බය වුනේ,
Deleteඒ උනාට මන් නං කියන්නේ ගෙම්බෝ කවද්ද සිංහයන්ට බය උනේ...හැක හැක හැක
Deleteඔන්න ඉතිං කියන්නත් කලින් බක බක ගාන්න ගත්තා,
Deleteගනන් ගන්න පුලුවන් තරම් සද්දයක් ඇහුනේ නෑනේ........
Deleteඅපි නං බලාපොරොත්තුවෙන් හිටපු තත්වයක්
ReplyDeleteහිටං ජනාධිපති වෙන්න කලින් ඉදලාම සහොලා මේ ගැන සටහන් කරා මතකයි සහො,ත් මොනවා කරන්නද සහො හිටපු හැටියට මලා මදැයි කියනවා මිසක්,
Deleteසිරිසේන මහතාගේ ඉදිරිපත්වීම අගය කලයුතුයි. ඔහු කලේ විසාල කැපකිරීමක්. කලයුත්තේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යාමයි.
ReplyDeleteසිංහල බ්ලොග්ගල.
ඉතාම ආදරයෙන් අඩව්වට පිළිගන්නවා සහොදරයා අන්ිවාර්යයෙන්ම සහො සිරිසේන මහත්තයා විරයෙක් වෙන්නේ මේන්න මේ නිසා එත් දැනට සිදුවන අඩුපාඩු නිවැරැදි කර නොගත්තොත් අනාගතය මිට වඩා දරුණු වෙන්න පුළුවන්,
Deleteමහින්ද රාජපක්ෂ නෙවෙයි කවුරු ජනාධිපති වුණත් පුළුටු වලට වහපු පෙරේතයො වගේ අවුරුදු ගණන් රටක් පාලනය කිරීම සිදු නොවිය යුත්තක්.සිරිසේන ඔය පුටුවට නො එන්න මේක ලංකාව නොවෙයි "රාජපක්ෂියාව" වෙනවා නිසැකයි. හැබැයි ඉතින් සිරිසේනත් දැනට යන විදියට කොන්ද පණ නැති ගානට හිටියොතින් එයාටත් අබසරණයි හිටං.
ReplyDeleteස්තුති සාකියා තුමි රස්තියාදුකාරයාට මගඇරිච්ච දෙයක් මතක් කලාට,
Deleteරාජපක්ෂියාව ගැලපෙන නමක් මොනවා වුනත්
සිරිසේන මහත්තයට ජනාධිපති පුටුව අමතක වෙලානේ ඉන්නේ හිටං,
අවුරුද්දක් ඇදගෙන ගිය එකත් ලොකු දෙයක්. අනාගත්තේ සහ ඇන ගත්තේ විහින් බව මහින්ද මහතාටම දැන් තේරිලා ඇති.
ReplyDeleteසාදරයෙන් අඩව්වට පිළිගන්නවා අජිත් තුමාව,
Deleteමට නම් හිතෙන්නේ සහො ඉස්සර හිටපු මහින්ද මහත්තයා නෙමෙයි දැන් ඉන්නේ යුධ ජයග්රහණයෙන් පස්සේ මහින්ද මහත්තයාගේ උපක්රමශිලිත්වය මොට වෙලා තියේන්නේ,නැත්තන් ඉස්සර හිටපු මහින්ද හිටියානම් කවදාවත් එතුමා ගම්මන්පිලලා විමල්ලා වගේ අය එක්ක මල් පොහොට්ටු හදන්න යන්නේ නැ කියලා නම් මට විශ්වාසයි,උර්
සමහර දේවල් කවදාවත් වෙනස් වෙන්නෙෑ... සමහර දේවල් වෙනස් කරන්නත් බැ
ReplyDeleteඒක මහින්ද මෛත්‍රිට විතරක් නෙවිඅපිටත් පොදු සත්‍යක්
අනිවාර්යයෙන්ම මහේෂ් තුමා සමහර දේවල් අපි කොච්චර වෙනස් කරන්න හැදුවත් වෙනස් වෙන්නේ නැ,වෙනස් කරන්නත් බැ,100% නිවැරදි කතාවක්,
Deleteකතාව ඇත්ත!!!
ReplyDelete