දැන් මොනවා කිව්වත් වැඩක් නැත,යොෂිත කොලුවා හිරේට දක්කා හමාරය,ඒ නිසා ආයිත් පාරක් එ නොදරුවාට මඩ ගැසිමට රස්තියාදුකාරයාට කිසිදු වුවමනාවක් නැත,රස්තියාදුකාරයා බනින්නේ කාල්ටන් නම් වු පරදේසක්කාර සුද්දටය,මේ සියල්ල උගේ කෙරුම් විය යුතුය,එත් එවාට වන්දි ගෙවන්නේ අහිංසක රාජපක්ෂ පැටව්ය,මෙවා රට කරන ඇයොන්ගේ වැරදිය,දුර දිග නොසිතා අහිංසක කොල්ලෙක් කුඩුවට දැක්කිම කොතරම් අසාධාරණද?අනෙක රට බේරා ගැනුමට යුධ පෙරමුණට ගිය අභිත විරුවෙක් මෙසේ සිර කිරිම කොතරම් යුක්ති සහගතද?
මාතෘකාව යොෂිතවත් උගේ අර අටමගලයවත් නොව අර කාල්ටන් නම් වු නමය,රාජපක්ෂ වරුන්ගේ බොහෝ ආයතන වල Logo එක වුයේ කාල්ටන්ය,එසේනම් කාල්ටන් කියන්නේ හෙන වැදගත් පොරක් විය යුතුය,එත් කාල්ටන් කියා සුද්දෙක් ලංකාවේ ආණ්ඩුකාරයෙක්වත් වු බවක් රස්තියාදුකාරයාට මතක නැත,එහෙනම් කවුද යකො මේ කාල්ටන්?සොයා බැලිය යුතු කාරණයකි,මන්ද කවුරුන් හෝ රාජපක්ෂ මහත්තයා ගැන හටගත් අපරිමිත වු ඊර්ෂ්‍යාවකින් කාල්ටන් කියා සුද්දෙක් එක්ක සෙට් වී මේවා කිරිමට බැරි නැත,නැත්තම් අර නොදරුවො මෙහෙම කරයි කියා කොහොමටවත් සිතිමට බැරිය,
එත් නාමල් බේබිගේ තාරුණ්‍යයට හෙටක්,ශිරන්ති නොනාගේ සිරිලිය,කාල්ටන් පෙර පාසල ආදි සියලු දේ පොතේ හැටියට නම් ලියාපදිංචි වී ඇත්තේ තංගල්ලේ කාල්ටන් නිවස නමටය,ආරංව් හැටියට එ නිවස රාජපක්ෂ මහත්තයාගෙය,නමුත් CSN නාලිකාව රාජපක්ෂ බුදලයක් විමට කේසෙවත් හැකියාවක් නැත,යොෂිත වෘත්තීයෙන් විරෝධාර සෙබලෙකි,ඔහුට කොහෙන්ද ලක්ෂ 2340 සාමාන්‍යයෙන් සෙබල වැටුපකින් පවුලක් ජිවත් වෙන්නෙත් බොහොම අමාරුවෙනි එසෙනම් ලක්ෂ 2340,දන්නා හැටියට ඔය සමහරු වග රාජපක්ෂවරු හොරට පොල් ඇහිදින්නේ නැත,ඔවුන් තමන්ගේ ලොකු තාත්තාගේ වත්තෙන් පොල් ගෙඩියක් දෙකක් ඇහිද ගනි,එසෙනම් සමහර විට යොෂිත පොල් ඇහිදලාවත්.........,නැ එහෙම නැතුව ඇති,කොකටත් කියලා රස්තියාදුකාරයාටත් හිතෙනවා ඔන්න හොරෙන් හරි පොල් ගෙඩියක් දෙකක් ඇහිදින්න,
කොහොම නමුත් ඔය තංගල්ලේ කාල්ටන් ගෙදර මිට කලින් අයිති වෙලා තිබිලා තියෙන්නේ වික්‍රමසූරිය කියලා මහත්තයෙකුටලු,ඔය කාල්ට්න් කියන්නේ මහත්තයාගේ පුතාගේ නමයි කියන්නේ,පස්සේ රාජපක්ෂ මහත්තයාට මොකක්හරි හේතුවකට ඔය කියන ගෙදර නවතින්න කාමරයක් දිලා තියෙනවා,පස්සේ කොහොමහරි ගෙදර නිකම්ම රාජපක්ෂ ව්මහත්තයාට අයිති වෙලා තියෙනවා,අයිති වුන විදිහ ගැන ප්‍රශ්නයක් ඇත්නම් ඉතිහාසේ චන්ද්‍රිකා නෝනාව පක්ෂෙන් එළියට දාපු හැටි මතක කර ගනු මැනවි,
රාජපක්ෂ මහත්තයා උපතින්ම සල්ලි කාරයෙකි,එහෙනම් මොකටද අනුන්ගේ ගෙවල්?මුළු රටම දන්නා පරිදි රාජපක්ෂ මහත්තයා වාස්තු විද්‍යාව එහෙම මාර ලැදිය,සමහරවිට කාල්ටන් නිවස රාජපක්ෂ මහත්තයාට වාසනාව ගෙනාවාද දන්නේ නැත,වාස්තු විද්‍යාව නිසා මාළිගාවක පිහිනුම් තටාකයකට වැලි පුරවපු අයෙකුට වාස්තු විද්‍යාව වෙනුවෙන් ගෙයක් අයිති කර ගැනිම මහා ලොකු දෙයක් කියා කෙසෙවත් පිළිගත නොහැකිය,කොහොම වුනත් කාලයක් කාල්ටන් රාජපක්ෂ වරුන්ට වාසනාව ගෙනාවේය,නමුත් දැන් කාල්ටන් නිසාම රාජපක්ෂවරුන් කන්නේ පට්ට කට්ටකි,
කොහොම වුනත් දැන් ප්‍රශ්නයට තුඩු දි ඇති කාල්ටන් ටිවි චැනල් එකේ සියලුම ලිපි ලේඛන වලට අනුව එහි ප්‍රධානියා වශයෙන් දැක්වෙන්නේ යොෂිත රාජපක්ෂගේ නමය,ලක්ෂ 2340 යනු රාජපක්ෂ වරුන්ට සුළු ගාණක් ප්ප්වන්නට ඇත,එත් එය ලංකාවේ වෙලක් ඇර වෙලක් කන අසරණ මිනිස්සුන්ට නම් කිසිසේත්ම සුළු ගාණක් නොවේ,එම නිසා එ සල්ලි වලට උප්පැන්නයක් තිබිය යුතුමය,එසේ නැත්නම් එවා ආපු හැටි පැවසිය යුතුය,එසේත් නැත්තම් හොරා කාපු හැටි පැවසිය යුතුය,නැත්තම් හොර උප්පැන්නයක් හෝ හැදිය යුතුය,
හැබයි රස්තියාදුකාරයාට හිතෙන්නේම ඔය වැඩේ මොකෙක්හරි ඊර්ෂ්‍යාවට කරපු අළුකුත්තේරු වැඩක් කියාමය,යොෂිත බබා කොහොමටවත් එහෙම කරන්නට විදිහක් නැත,කාල්ටන් කියා රග්බි මැච් ගැහුවාට එවායේ කප් ඉස්සුවාට යොෂිත බබාලා මෙහෙව් වැඩක් කරයි කියා කොහොමටවත් හිතන්නට බැරිය,අනික යොෂිත බබා රට බේරා ගත් මහා විරුවෙකි,අප්පච්චි එහි සේනාධිනායකයාය,එම නිසා හොරකම් කලත් කම් නැත,කරපු හොරකම් වලට අපරාධ වලට උප්පැන්න දිමට යාම දේශද්‍රෝහි ක්‍රියාවකි,එම නිසා ඔනැ නැති මගුල් නොකොට සදා අප්පොච්චා සරණ යාම මැනවි,එතකොට ජනතාවට නිවිහැනහිල්ලේ සෙත්තප්පොච්චි විමට හැකි වනු ඇත,මොනවා කලත් මොකද යුද්ධය ඉවර කලා නොවැ,
බy රස්තියාදුකාරයා,
මචන් රස්ති උබ මේ පොස්ට් එක දැම්මේ ෆෝන් එකෙන්ද???
ReplyDeleteඔව් සහො බස් එකේ යන ගමන් කෙටුවේ ගැටළු තියෙනවා නම් පොඩ්ඩක් කියන්න සහෝ
Deleteපෝස්ට් එකේ කිසි අවුලක් වෙලා තිබ්බේ නෑ.. මන් බලන වෙලේ අකුරු පොල් ගෙඩි සයිස් වගේ වෙලා තිබුනා. දැන්නම් කොහොමද දන්නෑ.. මාත් මේ කොමෙන්ට් එක දාන්නේ ෆෝන් එකෙන්..
Deleteපව් අප්පා නාමල් බේබි ඔන්න දැන් නේවී එකෙනුත් අයින් කරලලූ...
රස්ති මූනත් වෙනත් කරලා නෙව.
දිගටම ලියමු ජය වේවා පරක්කු වෙලා හරි අපි බලන්න එනවා..
ඔව් සිංහ තුමො පොඩි අවුලක් වෙලා තිබුනා,අපේ ගිම්මි නගාට කියලා එක හදා ගත්තේ ඊයේ,
Deleteඅනේ මන්දා අප්පා යහපාලනේට ඒ නොදරුවන්ගෙන් තොර ලොවක් නැ,පව් අපේ බේබිලා,
පමා වෙලා හරි සිංහ ගොරනාඩුව ඇහෙන බව දන්නවා සහෝ,බොහෝම ස්තුතී දෙන සහයෝගයට සහෝ,
ජයෙන් ජය
මෙන්න ආයෙමත් ඇවිත් තියෙන්නේ .....
ReplyDeleteපොඩි විවේකයක් ගත්තා සහෝදරි,බොහොම ස්තුති දෙන සහයෝගයට,දැන් දිගටම ඉන්නවා,
Deleteජයෙන් ජය සහොදරි,
//මොනවා කලත් මොකද යුද්ධය ඉවර කලා නොවැ,//
ReplyDeleteape gameth sama harak mehema kiyanava.
අපේ ගෙදර සමහරකුත් ඔහොම කියනවා සහෝ,මොනවා කරන්නද උන්ට තියෙන්නේ අමුතු තර්කනේ,
Deleteබොහොම ස්තුති කුකුල් තුමෝ,
ජයෙන් ජය
යුද්දේ ඉවර කලානේ...ඒ ඇතිලුනේ හොරකන් කලාට අව්ලක් නෑලු හැක හැක..
ReplyDeleteහික්ස් එක හරි සිම්පල් පැලැන් එකක්ලුනේ ගිම්මියෝ,
Deleteබොහොම ස්තුතී ගිම්මි තුමි මේ පැත්තට අවාට,
ජයෙන් ජය
නෑ බං. මහින්ද කියන්නෙ කෙලිං නායකයෙක්ලු. උන්දැට විතරලු පිට රටවල් වලට යට නොවී කෙලිං ඉන්ඩ පුළුවං. මාතලං (වෙන්න ඕනෙ මට මතක හැටියට) කිව්ව වගේ අමරණීය ගුලිය හොයල උන්දැට පොවන්ඩ වෙයි අපේ රට ගොඩගන්ඩ නං.
ReplyDeleteඑක නම් ඇත්ත ඩ්‍රැකි තුමෝ අප්පච්චි කියාන්නේ ලේසි පොරක්ද,අපේ රටට එතුම නැතුව බැ,එක නිසා මාතලං කියන විදිහටම අමරණිය ගුලියක් පොවන්න වෙනවාමයි,නැත්තම් රටට මොනවා වෙයිද,
Deleteබොහෝම ස්තුති ඩ්‍රැකි තුමෝ මේ පැත්තට ආවාට,
ජයෙන් ජය
'''//මොනවා කලත් මොකද යුද්ධය ඉවර කලා නොවැ//''',
ReplyDeleteඔන්න ඕන තමයි මහින්දගේ පොයින්ට් එක. තරුණියක්ව ඒ තරුණියට අතවර කරන්න ගිය පිරිසකගෙන් බේරගෙන අන්තිමට පෝලිම් දාලා දූෂණය කරනවා වගේ වැඩනේ පස්සේ පස්සේ සිද්ද වුනේ. දේශපාලන හෙංචයියන්ගේ බත්බැලයන්ගේ ඉදලා හැමෝම මේ රට කන්න පටන් ගත්තා. උන් මේ රට උන්ගේ තනි දේපලක් කියලා හිතාගෙන වැඩ කරන්න පටන් ගත්තා.
ඉතාමත් ආදරෙන් මනෝ තුමාව මේ පැත්තට පිළිගන්නවා මනෝ තුමෝ,
Deleteමටත් හිතෙන්නේ මහින්ද මහත්තයට වැරදුනේ එතන යුද්ධය දිනවායින් පස්සේ විපක්ෂෙ නැත්තටම නැති කරපු නිසා මිනිස්සුන්ට මහින්ද ඇරුනුකොට වෙන විකල්පයක් තිබුන්නෙත් නැ,ඒ පවර් එක තමා රජ පුටුවේ ඉදන් හැම තැනටම බලපැවේ,දැන් නම් රාජ උෂ්ණේ ටිකක් බැහැලා,දැනටත් මහින්ද මහත්තයලාට වේදිකා වල පතුරු ගහන්න යුද්ධය ඇරුනුකොට වෙන මාතෘකාවක් නැ,හැබැයි මහින්ද මහත්තයාගේ පරාජයට වගකියන්න ඔනා එතුමාගේ වටේ හිටපු එවුන්,කරුමේ කියන්නේ සිරිසේන මහත්තයාත් ලොකු කරගෙන ඉන්නේ උන්ව,
බොහොම ස්තුති සහෝ මේ පැත්තට ආවාට,
ජයෙන් ජයක
උබ දේශපාලන බුවෙක්ද :3
ReplyDeleteඅන්න ඒකනෙ බන්...
යුද්ධේ දිනන්නෙ......
හික්ස් අනේ නැ ලයියා සහෝ මං කිසිම විදිහක දේශපලානයකට අයිති නැ,ලියන්නේ දේශපාලනය ගැනම නෙමෙයි වට පිට සමාජේ සිද්ද වෙන දේවල් ගැන,
Deleteඇත්තටම අපේ ගොඩක් මිනිස්සු තමන් දෙන මනාපේ සාධාරණිකරනය කර ගන්න කියන දෙයක් තනා සහෝ ඔය යුද්ධ කතාව අපි තාමත් ඉන්නේ කැපුවත් අර පාට කියන සමාජයක,
බොහොම ස්තුති ලයියා තුමා මේ පැත්තට ආවාට,
ජයෙන් ජය
This comment has been removed by the author.
ReplyDeleteකිව්ව ඔක්කොම ඇත්ත තමා . දැන් යෝෂිත ඇතුලේ. සම්පුර්ණයෙන්ම නෙමේ. අපි තවම හිටපු රජයට බනින්නවා. අලුත් රජයත් දැන් ඉක ටික වක් වේවි යනවා වගේ නැත්ද සමහර තැන් වලදී?
ReplyDeleteබොහොම ස්තුති අජිත් තුමා මේ පැත්තට ආවාට,
Deleteඑ කතාව ඇත්ත අජිත් තුමා කලින් රජයේ හිටියේ හොරු දැන් ඉන්නේ කම්බ හොරු,වෙනසක් කියලා වුනේ ඔළු මාරු විමක් විතරයි,ජනතාව ප්‍රතික්ෂේප කරපු මිනිස්සුන්ට ඇමතිකම් දුන්නා,මට හිතෙන විදිහට මිනිස්සුන්ට නිවැරදි විකල්පයක් නැ,මේ ප්‍රශ්නේ උඩ තමා ගොඩ අවස්ථාවාදි දේශපාලකයන් බලයට එන්නේ,රටට ආදරේ කරන මිනිස්සු දේශපාලනේට එනකන් මේ තත්වය මේසේම පවති අජිත් තුමා,
ජයෙන් ජය
එල කිරි.........පට්ට
ReplyDelete