Thursday 11 February 2016

මැතිව්ගේ පදක්කම් වගේද බං අන්න අප්පච්චි මුහුදේ නානවා එවානේ news,

අද ලංකාවේ news බිහි කරන්නේ දේශපාලකයන්ය ඔවුන් කැවත් බිව්වත් එය newsය,ඔවුන් පන්සල් යන්නේ මාධ්‍ය සාකච්චා පවත්වන්නටය,කොවිල් ගියොත් එකත් newsය,මොකෙක්හරි හොරෙක් fcid එකට කුදලාගෙන ගියොත් එක හෙන මාවලස් news එකකි,ඒ හොරුන් කූරු ගණන් කරනවා බලන්නට හොරු රැලක් ආවොත් එවාත් පට්ට newsය,අඩුම ගානේ මුහුදේ නාන්න ගියොත් එතන්ටත් cameraවක් උස්සාගෙන ගිහින් වොයිස් කට් ගන්න තරම් ලංකාවේ මාධ්‍යට රට ගැන මාර කැක්කුමක් ඇත,ඒ සියලු කැක්කුම් ජනතාව වෙනුවෙනි,

           
                 ඇතැම් මාධය ආයතන දේශපාලකයන්ට කඩේ යාම පටන් ගත්තේ අද ඊයක සිට නොවේය,සමහර මාධ්‍ය ආයතන බිහි වුවේ කඩේ යන්නටමය,කාලයකදි මාධ්‍ය ආයතන එකකට දෙකකට සිමා වි තිබු මේ කඩේ යාම අද සිග්‍ර ලෙස වැඩි වී ඇත,අද ලංකාවේ මාධ්‍ය ආයතන කඩේ යන්නේ පොලිම් ගැසි නිර්ලජ්ජිත ලෙසය,හොරුන්ව උලුප්පා පුම්බන මාධ්‍ය ආයතන වලට ක්‍රිඩකයෙක්ගේ රන් පදක්කමකින් ගත යුත්තක් නැත,ක්‍රිඩකයන් නම් මොක්කුද නියම පොරවල් හොරුය,

         පසුගිය කාලයේ හැමදේම සිදුවුයේ විචාරයකින් තොරවය,මාධ්‍ය වල පිට කොදු කඩා දැමුනේ ප්‍රසිද්ධියේය,යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් කැ ගැසු මාධ්‍ය කරුවන් අතුරුදහන් කරවිය,කඩේ නොයාමේ වරදට මරණය වැළදගත් මාධ්‍ය විරයොද අඩු නොමැතිව සිටියේය,ඇතැමුන් ජිවිත ආරක්ෂාව තකා විදේශ ගත විය,එසෙත් නොවුනු පිරිස් කඩේ යන්නට සිත හදා ගත්තේය වෙන කරන්නට දෙයක් නොමැතිම තැන කඩේ ගියේය,මෙයින් දේශපාලකයන්ට කඩේ යාමේ මාධ්‍ය සංස්කෘතිය බිහි විය,

              එකල ප්‍රවෘත්ති බිහි වුයේ ඉහළ පුටු වල ඇත්තන් නිගමනය කල පරිදිය,ඔවුන්ට අවශ්‍ය ප්‍රවෘත්ති අවශ්‍ය ආකාරයේන් නිර්මාණය විය,ප්‍රවෘත්ති කියා කිව්වේ දේශපාලකයන්ගේ ගුණ ගැයිම් වලටය,මේවා සත්‍ය ලෙස පිළිගත් ජනතාව තුට්ටු දෙකෙ දේශපාලකයන් අදහන්නට දෙවරක් නොසිතුහ,නමුත් මේ කාලයේදිම සමාජ ජාල වල වර්ධනය සිග්‍රයෙන් වැඩි විය,ටෙලිවිෂනය බදාගෙන සිටි කොල්ලො කෙල්ලො facebook,twitter වෙත ඇදි ගියේය,මාධ්‍ය ආයතන වලින් සිදු නොවු දේ සමාජ ජාලයන්ගෙන් සිදු වුවේය,දේශපාලකයන්ට විරුද්ධව ප්‍රසිද්දියේම මතවාද ඝට්ටන මේවායේ සුලබ විය,කඩේ යන මාධ්‍ය ආයතන සංස්කෘතිය තුලින් සමාජ ජාල තුලට මාධ්‍ය මෙහෙවර සංචරණය විය,කඩේ යන මාධ්‍යට කෙලවි ඇති බව දේශපාලකයන් දැන ගත්තේද පසුගිය ජනාධිපතිවර්නයට පසුවය,එදා ජනාධිපතිවර්නයේ ප්‍රතිඵලයට බොහෝ දුරට බලපැවේ ජාති වාදි මනාප වලට වඩා ලෝක දේශපාලනය ගැන දැනුවත් වු පාවෙන ඡන්දය,

         තත්වය මෙසේ වෙද්දි පාලකයන් වෙනස් විය ආණ්ඩු මාරු විය මාධ්‍ය ආයතන වල ලොක්කන්ද මාරු විය නමුත් මාධ්‍ය සදාචාරය වෙනස් නොවිය,එදා මෙන්ම cameraව ඇදෙන්නේ අප්පච්චිලා පසුපසය බේබිලා පසුපසය,අප්පච්චි මුහුදේ නාන්නට යාම බ්‍රේකින් නිව්ස් එකක් වන්නේ තවමත් එදා පැවති දේශපාලකයන් පොරවල් කිරිමේ සදාචාරය පවතින නිසාය,

    ක්‍රිඩාව කියන්නේ සල්ලි උල්පතක් බව අප්පච්චිලා හොදින් දනි,ලංකාවේ මිනිස්සුන්ට cricket කිව්වොත් කැම බිමද අවශ්‍ය නැත,මළල ක්‍රිඩාවටද ආදරේ එසේමය අප්පච්චිලා වාසියට ගත්තේ මිනිස්සුන්ගේ මේ ආදරේය,අප්පච්චිලාගේ ක්‍රිඩා නාලිකා පසුපස තිබුනේ මුදල් මිස ක්‍රිඩාවට ඇති ආදරය නොවේය,නැතිනම් එවකට ලංකාවේ ක්‍රිඩා නාලිකාවක් තිබුනේය,ආදරණිය අප්පච්චි තම නාලිකාව වෙනුවේන් ජාතික ක්‍රිඩා නාලිකාව බංකොලොත් කලේය,එහි ප්‍රතිඵලය දැනෙන්නේ දැන්ය,අප්පච්චිගේ ක්‍රිඩා නාලිකාවේ බර ඇද්ද ජාතික නාලිකාවට අද දකුණු ආසියානු ක්‍රිඩා උළෙල පෙන්විමට තරම් හැකියාවක් නැත,අඩුම ගානේ T20 මැච් එකක් පෙන්විමට නොහැකි තරමට ජාතික නාලිකාව අඩපණ වෙලාය,වෙනදා රන් පදක්කමක් ලබා ගැනිම බ්‍රේකින් නිව්ස් එකක් වෙන අනිකුත් මාධ්‍ය බේබිලා fcid යන පාර දිගේ මයික් අල්ලගේන වැටිලාය,අප්පච්චි මුහුදේ නාන්න ගියොත් එතනද මයික් එකක් උස්සාගෙන වොයිස් කට් ගනි,නිව්ස් වන්නේ එවාය,බොහො දෙනෙක් දකුණු ආසියානු ක්‍රිඩා උළෙල ගැන දැන ගත්තේ සමාජ ජාල තුලින්ය,ලංකාවේ මාධ්‍ය ඒ තරමටම විචාරවත්ය,ඒ නිසා ඔය රන් පදක්කම් ගැන කතා කර වැඩක් නැත,කතා කරමුද එකාබද්ධ විපක්ෂය ගැන,නිව්ස් කියන්නේ එවාටය,

      දේශපාලන තොරතුරු දැන ගැනිම රටක මිනිස්සුන්ගේ අයිතියකි නමුත් අප්පච්චි නාන්න යන තැනට camera උස්සාගෙන ගොස් පෙන්නන්න යන්නේ මොන ආකාරයේ ප්‍රවෘත්තියක්ද යන්න ගැටලුවක් ඇත,අද කිමිකොලා ගැන කතා කිරිමට අදි මදි කරනා මාධ්‍යට ගම්මන්පිලලාගේ විහිළු කතා නිව්ස්ය,

            ලංකාවේ මෙය එතරම් දෙයක් නොවුනාට යම් හෙයකින් ඉන්දියාව වැනි රටක මේසේ වි නම් නාලිකා බොහොමයක් ගිනි බත් වනු නිසැකය මන්ද ඔවුන්ට ක්‍රිඩාව එතරම් වටි,අද දකුණු ආසියානු ක්‍රිඩා තරගයේ ජය කෙහෙලි නංවන කොල්ලන්ට කෙල්ලන්ට රජයෙන් කියා සත පහක දිමනාවක් ලැබි නැත,බොහොමයක් උන් පෙන්නන්නේ අල බතල වල හයියය,එදා සුගත් තිලකරත්නලා,සුසන්තිකා ලා ජනතාවට විරයන් වුනේ මාධ්‍ය නිසාය,සුගත්ලා ඉන්දියාවේ දුවනකොට මේ එවුන් හුරේ දැම්මේ tv දෙස බලාගෙනය,අද ශෙහන් ලාට කිමිකොලාට ඒ වාසනාව නැතිය,ඔවුන්ට විරයන් විමේ භාග්‍යය ලංකාවේ මාධ්‍ය හිමි කර දි නැත,

             මාධ්‍ය හැසිරිමේදි අපට වැරදුනු තැන් බොහොමයක් ඇත,එවා දැන් හෝ නිවරද කර ගත යුතුය,දේශපාලකයන්ට කඩේ යාම දැන්වත් නැවත්විය යුතුය,අප්පච්චිලාගේ රෙදිවල මඩ පැල්ලම් සුද්ධ කරනවාට වඩා පුළුල් දැක්මක් ඇති බව මාධ්‍ය කරුවන් වටහා ගත යුතුය,මන්ද මාධ්‍ය සිටිය යුත්තේ පොදු ජනතාව සමග මිසක් ඔවුන්ට එරෙහිව නොවේය,මාධ්‍ය ආයතනකරුවන් මෙන්ම මාධ්‍යවේදීන්ද තම වගකිම හරියට තෙරුම් නොගන්න තාක් කල් ජනතාවට හිතැති මාධ්‍ය සදාචාරයක් ගොඩ නොනැගෙනු ඇත,එයට හැකි ඉක්මණින් වගකිව යුත්තන්ගේ අවධානය යොමු කල යුත්තේය නැතිනම් මාධ්‍ය තවදුරටත් පොදු ජනතාවට විහිළුවක් පමණක්ම විය හැකිය,


                                 බy රස්තියාදුකාරයා

20 comments:

  1. කාලයත් එක්ක හැමදේම වෙනස් වේවි බං
    අඩු ගානෙ අපේ උං ටික පදක්කං ටිකඇරං එද්දි වත් කැමරා කටාල ටික එතෙන්ට ගියොත් පොඩියට හරි පිළිගැනීමක් කලොත් වටිනව
    ඒත් ඉතිං අප්පොච්චිගෙ කදුලු පිහින එක ඊට ලොකුයි නේද මචං

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති සගෝ,
      යහපත් අතකට වෙනසක් වෙයි කියලා හිතමු නේද සහෝ,එත් දැනටත් සමහර ක්‍රිඩක ක්‍රිඩිකාවො ලංකාවට ඇවිල්ලා,දැන් ගිහින් මැතිවලාව කිමිකොලාව උත්සවාකාරයෙන් පිළිගත්තොත් එතනදි අනිත් සහෝ ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට කලකිරිමක් ඇති වෙන්නත් පුළුවන්,එත් ඉතිං උන් වගේද අපේ අප්පොච්චා උන්නැහේව කවර් කොරනත් එපැනේ,
      ජයෙන් ජය

      Delete
  2. ඔය සංස්කෘතික වෙනස් කරන්න පුලුවන් කමක් නෑ අපේ රටේ සංස්කෘතියක් තියෙන මාධ්‍ය ආයතන මිනිසුන් අතරට යන්නේ නෑ... ඔය දේශපාලනය විකුණන මාධ්‍ය කාරයොන්ට විතරයි අද තැනක් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති සහෝ,
      එකත් ඇත්ත සහෝ දැන් පත්තරයක් ගත්තත් මිනිස්සු ගන්නේ වැඩිපුරම කුණු ගොඩවල් තියෙන පත්තරය එවයේලුනේ කියවන්න දේවල් තියෙන්නේ,මාර්කට් එක අඩු වුනාම කොච්චර හරවත් පත්තරයක් වුනත් කුණු හොයන්න පටන් ගන්නවා,ඒකම තමා මට හිතෙන විදිහට අනිත් මාධ්‍යන්ටත් වෙලා තියෙන්නේ,කොච්චර හරවත් ප්‍රවෘත්ති තිබුනත් දැන් මිනිස්සු හොයන්නේත් කුණු,එකට බහුතරයක් දැන් හුරු වෙලා ඉවරයි,එත් අපි හිතමු ඉක්මනින් යහපත් වෙනසක් සිදු වෙයි කියලා,
      ජයෙන් ජය සහෝ,

      Delete
  3. දේශපාලුවන්ගේ සල්ලි හා බලයට සියලු මාද්‍ය ආයතන බයයි.ඒවා ඇතුලේ ඉන්න ලොකු පුටු ඇත්තෝ කොන්දක් නැති ගානට ඉද්දි පොඩි පුටුත් ඒ පාරේම යනවා.මාද්‍ය නිදහස කියල කිව්වට ලංකාවේ මාද්‍ය නිදහසක් නෑ...ඉතින් අණ දෙන එවුන් කියන ඒවා පෙන්නනවා මිසක් හරි දේ පෙන්නන්න මාද්යට බෑ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ගිම්මියෝ,
      අනිවාර්යයෙන්ම එකත් ඇත්ත මාධ්‍ය නිදහස පිළිබද ගැටළුවක් නම් ආදි කාලේ ඉදන් පැවතුනානේ,ගොඩක් මාධ්‍ය භාවිතා වෙන්නේ ඔය ලොකු පුටු වලට අනුව එක ටිකක් සංකිරණ ප්‍රශ්නයක්,එත් හිතමු එවත් ඉක්මනින් වෙනස් වෙයි කියලා,
      ජයෙන් ජය,

      Delete
  4. පදක්කම් ගත්ත හැමෝටම උත්සවයක් ගත්තොත් හොදයි.

    ReplyDelete
    Replies
    1. ඉතාම ආදරයෙන් කුකුල් තුමාව මේ පැත්තට පිළිගන්නවා,
      ඒ වගේ දෙයක් නම් අනිවාර්යයෙන්ම රාජ්‍ය අනුග්‍රහය ඇතුව කල යුතුයි,එත් මේ ලංකාවනේ ඔවා විශ්වාස නැ,
      ජයෙන් ජය සහෝ,

      Delete
  5. නියමයි සහෝ. කියන්න ඕන දේ නියමෙටම කියලා තියෙනවා. මේ පැත්තේ එන්ට පරමාද වුණාට සමාවෙන්ට ඕන ඕං ...

    ReplyDelete
    Replies
    1. ඉතාම ආදරයෙන් මෙතු තුමීව අඩව්වට පිළිගන්නවා,
      බොහොම ස්තුති සහොදරි අගය කිරිමට,රස්තියාදුකාරයා කාලෙක ඉදන් මෙතු සහොදරිගේ ලොකු ෆැන් කෙනෙක්නේ ඉතිං,
      දිගටම අඩව්ව පැත්තට එන්න ඔනා,
      ජයෙන් ජය සහොදරි

      Delete
  6. "ඩොම් පටොන්"..කියල මට වෙඩි තියනව එහෙම නෙවෙයි මේ පැත්තෙ රස්තියාදු වෙන්ට පරක්කු උනාට​....මෙතැන් පටන් ඕං අඩව්ව අල්ලන්න මමත් දිගටම ඉන්නවා..(ඔය කොහෙ හරි ලියා ගන්න බොසා කීව කියල​..හැක්) ජය වේවා සහෝ !

    ReplyDelete
  7. බොස් තුමීවත් ඉතාමත් ආදරේන් මේ පැත්තට පිළිගන්නවා,
    පරක්කු වෙලා හරි මේ පැත්තට ආපු එක ලොකු සතුටක් බොස්,
    ඔන්න එහෙනම් ලියා ගත්තා කිව්වා වගේම දිගටම මේ පැත්තට එන්න ඕනා හොදේ,
    ජයෙන් ජය ද බොස්ට

    ReplyDelete
  8. සැමදෙයක්ම බල්ලාට ගිය කාලෙක... මාධ්‍ය ගැන කවර කතාද බන්..
    කියන්න වදන් නැත.. ඔක්කොම උබ ලියලනෙ :P

    ReplyDelete
    Replies
    1. ඉතාම ආදරයෙන් මේ පැත්තට පිළිගන්නවා ලයියා තුමා,
      එ කතාවත් ඇත්ත නේද සහෝ මේව දැන් සාමාන්‍ය දේවල් වෙලා,බොහොම ස්තුති සහෝ මේ පැත්තට ආවාට,
      ජයෙන් ජය

      Delete
  9. කතාව ඇත්ත. බ්ලොගාල සහ වෙබ් මාධ්‍ය මේක වෙනස් කරගෙන යනවා කියල මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම එක ඇත්ත කතාව සහෝ,
      දැන් මිනිස්සු බ්ලොග්,වෙබ් වගේ මාධ්‍ය වලට හුරු වෙලා තියෙන්නේ ගොඩක් මිනිස්සු ටෙලිවිෂන් එකෙන් ප්‍රවෘත්ති බලන්නෙම නැති තරම්,බ්ලොග්,වෙබ් වලින් පක්ෂ වලට කඩේ යාම ගොඩාක් දුරට අඩු නිසා හා ප්‍රති විරුද්ධ අදහස් ඇත්නම් ප්‍රකාශ කිරිමේ ඇති හැකියාව නිසා,තව බැලිමේ පහසුව,ප්‍රවෘත්ති තුල ඇති නිවැරදි බාවය නිසා ඔනැම කෙනෙක් මෙවාට හුරු විම නිරායාසයෙන්ම සිදුවන්නක්,මිනිස්සු කොහොමත් හරි දේ තියෙන තැනට එකතු වෙනවානේ සහෝ,
      ජයෙන් ජය

      Delete
  10. Replies
    1. නෙළුම්යායෙන් සිදුවන මාධ්‍ය මෙහෙවර සුළුපටු නැ සහෝ,එකට ඇත්තටම බොහොම ස්තුතිවන්ත වෙනවා,වෙනවා,මට හිතෙන හැටියට නම් නෙළුම්යාය කියන්නෙ අද සමාජයේ කාලීන අවශ්‍යතාවයක්,

      Delete
  11. කට ඇරපං සීනී බෝලයක් දාන්ට (තිතක්)

    ReplyDelete
    Replies
    1. ඉතාමත් ආදරයෙන් රංගන සහෝව පිළිගන්නවා මේ පැත්තට(තිතක්)
      ශුවර්නේ දාන්නේ සිනි බොල කියලා,

      Delete