Saturday 6 February 2016

One Flag,One land,One heart,One nation,Ever more,

නිදහස වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නැති වුනත් අප නිදහස්ය,1948පසු තිස්අවුරුදු යුද්ධයකින් බැට කැ අප දැන් එයින්ද නිදහස්ය,එදා වෙනම රටක් ඉල්ලා යුද්ධ කල මිනිසුන් අද ඔවුන්ගේ භාෂාවෙන් නමෝ නමෝ මාතා කියන්නේ අභිමානයෙනි මේ අපේ රට බව ඔවුන්ටද දැනෙන්නට දිය යුතුය,එහි වරදක් පෙනෙන්නට නැත,

                ශ්‍රි ලංකාව නිදහස ලැබුවේ 1948දිය කවරාකාරයෙන් ලැබුවද අප ලැබුවේ නිදහසය,සෑම අවුරුද්දකම මේ ලැබු නිදහස උත්සවාකාරයෙන් සමරන රටක නිදහස ලැබු දිනය නොදන්නා එවුන් සිටිය හැකිද,දිනය කෙසේ වෙතත් නිදහස ලැබු අවුරුද්දවත් නොදන්න එවුන් මේ රටේ සිටි,"අපි ඉපදුනේ 90 ගණන් වල අපි කොහොමද ඉතිං ඕවා දන්නේ"මේ උන්ගේ තර්කයයි උන්ට ඉතිහාසය වගක් නැත ජාතික වීරයො අදාල නැත,මැච් එකක කොඩිය හෙල්ලිමට හැකි නම් එය ප්‍රමාණවත්ය,එහෙම කරාම ඌන් හෙන ලාංකිකයිලු ඉතිං,

                  දවසට තුන් හතර පාරක් ඇහෙන ජාතික ගියේ පද ටික හරියට ඔළුවට දා ගන්න බැරි සිංහලයන් සිටින රටක නොදන්න භාෂාවකින් ගැයෙන ජාතික ගීයකට සිරුවෙන් සිටිමට ද්‍රවිඩයන් හුරු කිරිමේ උචිත අනුචිත බව තව පාරක් සිතා බැලිය යුතුය,

             උතුර ලොකයට විවර වෙන්නේ අවුරුදු තිහකින් පසුවය,එතෙක් ඔවුන් රටකට අරගල කලා විනා ඔවුන්ට කියා රටක් තිබුනේ නැත,1948දි ලංකාව නිදහස ලැබු බවක් ඔවුන් නොදනි,සිගිරියේ කැටපත් පවුරේ පෙම්වතාගේ නම කැටයම් කිරිම තහනම් බව ඔවුන්ට නොතේරෙයි,ඔවුන්ගේ කණට හුරු වේඩි හඩ මිසක් ජාතික ගී නොවේ,තත්වය මෙසේ වෙද්දි ඔවුන්ට ඔවුන්ගේ භාෂාවෙන්න් ජාතික ගීය ගැයිමට අවස්ථාව ලබා දිමේහි වරදක් නොමැති බව රස්තියාදුකාරයාගේ අදහසයි,මන්ද ඒ ලැබු නිදහස ඒ ලැබු අභිමානය දකුණේ පැතුම්ලාට ප්‍රියංකාලාට මෙන්ම උතුරේ සෙල්වම්ලාට සත්‍යාලාට ද දැනේන්න දිය යුතුය,

          1948දි ලබා ගත් නිදහස අපිට වගේම ඔවුන්ටත් අයිතිය,එදා කැරලි ගසා නොලැබු නිදහස අවසානයේ බුද්ධිමය මත වාදයන්ට පෙරළෙද්දි ලංකාව වෙනුවෙන් හඩ නැගුවේ පොන්නම්බලම් රාමනාදන්,අරුණාචලම්ය,එදා ඔවුන් හඩ නැගුවේ ලාංකික බව වෙනුවෙන් මිසක් ජාතියක් වෙනුවෙන් නොවන බව පැහැදිලිය,එසේ රටම එක් වි ලබා ගත් නිදහස අයිති මුළු රටටම බව මතක තියා ගත යුතුය,

        එදා සුද්දා රට අල්ලද්දි අපේ දේශපාකයන්ට මනා පාඩමක් ඉගැන්විය එනම් ඔනැම ජන කොට්ඨාසයක් බෙදා පාලනය කිරිම පහසු බවය,එය ලංකාව නිවැරදිවම අනුගමනය කරයි,මෙය එක රටකි නමුත් පළාත් වශයෙන් දිස්ත්‍රික්ක වශයෙන් නගර වශයෙන් සාමාන්‍ය පරිදි බෙදි ඇත,නමුත් අපේ එවුන් ඊටත් එහාට ගොස් ගම් වශයෙන් ඊටත් පසුව පාසල් වශයෙන් එක පාසලෙත් නිවාස වශයෙන් ආදි විවිධ ක්‍රම මගින් බෙදාගෙන ඇත,එවිට පාලකයන්ගේ අවශ්‍යතා අනුව මෙවා අවුස්සා ආතල් ගත හැක,ඉතිං කරුමෙකටවත් මෙ බෙදිම් අහවර වුනොත් කෙළවෙන්නේ ඔවුන්ටය,එක නිසා මොකක් හරි කර මේවා රැකගැනිමට උත්සහ කළ මැනවි,

             ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගැයිම ව්‍යවස්ථානුකූලය,නිදහසින් කාරි නැත මෙයට ඉඩ නොදිය යුතුය,එසේ වුනොත් කෙලවෙන්නේ මනාප ටිකටය එක නිසා මුංව කෙසේ හො ඇවිලිම යෙහෙකි,මේ ජාතික ආලයෙන් හොයන පිළිතුරු විය යුතුය,කරුමෙක අහිංසක කොල්ලා හිරේ දමලාය,හිටපු ජනාධිපති කෙනෙක්ගෙ පුතෙක් වෙලත් අඩුම තරමේ TV චැනල් එකක් පටන් ගැනිමට නොහැකි නම් මේක මොන ආකරයේ නිදහසක්ද?කොහොමවුනත් ජනාධිපති සමාව දි කොල්ලාව නිදහස් කරා නම් අයේත් පන්සල් යන්නට හැකිය,අනුකම්පාවෙන් බලා අර Fcid කියන මගුලත් අහොසි කරා නම් නිදහස තවත් සුපිරිය හෙන අර්ථවත්ය එවිට නිදහසේ හොරකමක්වත් කර ගත හැකිය,මෙවාට කියන්නේ ජාතික කැක්කුමයලුය,

           ද්‍රවිඩ ජාතික ගීය ගැන දෙහි කපන පිරිස් පොන්නම්බලම් රාමනාදන්ලාට,අරුණාචලම්ලාට එතකින් ගියාම මුත්තයියා මුරලිදරන්ලාට,පර්වේස් මහරුෆ්ලාට,ඩන්කන් වයිට්ලාට ලාංකිකකම ගැන වහාම ඉගැන්විය යුතුය,මන්ද ඔවුන් ඔවුන්ගේ ජාතියට මහා ද්‍රොහි කමක් කර ඇත,මේ අපේ රට උඹලා සුළු ජාතින් එහෙනම් උඩ පනින්නේ මොකටද අපිට ඔය පදක්කම් සම්මාන වැඩක් නැ අපිට වටින්නේ අපේ ජාතිය,එය ගොඩනගන්නට නම් රුපියල් සීයක ආධාරයක් කිරීම අනිවාර්යය,

             ඉදිරියටත් මුං සිංහල මුං දෙමළ මුං මුස්ලිම් කියා මරාගෙන පලක් නැත,එක රටක් වශයෙන් අප හැමොම නිදහස්ය,එය එක් ජාතියකට අහිමි කිරිම ලැබු නිදහසද වෙන්දෙසි කිරිමකි,සැවොම ලාංකිකය අප වෙහෙසිය යුත්තේ බෙදි වෙන් විමට නොවේ,
"විවිධත්වය මතින් එකීයත්වය ලබා ගැනිමටය"එවිට අනාගතය මිට වඩා සුන්දර වනු නොවනුමානය,

7 comments:


  1. එදා අපි ජාතියක් වශයෙන්(මං අදහස් අක්ළේ ජාතිකත්වය, ඒ කිවුවෙ ලාංකිකත්වයා නැගී නොසිට සිංහලුන්, දෙමලුන් ආදී වශයෙන් වෙන වෙනම නිදහස ඉල්ලුවා නම් අපිටත් මහාරාජෝත්පත්ති දිනය සමරපු පොඩි එවුන් වෙන්නට තිබුණා. ලංකාව එක රටක් වශයෙන් එක්සත් වී හිටියත් තාමත් මිනිස්සුන්ගේ හිත්වල එක්සත්භාවයක් නැති නිසා තමයි අපිට හැමදාම එක තැන පල් වෙන්න වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සාකියාතුමි 100% ඇත්ත කතාව,හැබයි මෙවා ගොඩක් නිර්මාණය වෙලා තියේන්නෙ බොහොවිට අවස්ථාවදි දේශපාලකයො නිසා,ඌන්ට ජාති වාදේ කියන්නේ හොදට හම්බ කරන්න පුළුවන් බිස්නස් එකක්,

      Delete
  2. මං මේකට මොනවත් කියන්නෙ නෑ මොකද මට හිතෙන ඒවැං ටිකක් විතර මෙන්් මේ පෝස්ට් එකේ තියෙයි
    http://pinchpoints.blogspot.com/2016/02/blog-post.html

    කියවල බලන්ට.. මේ ලිපි දෙකේම අඩු වැඩි වශයෙන් සමානකං තේරෙනව.
    ඒත් ඊට එහා ගිය දෙයක් කියන්නපමගෙ බලාපොරොත්තුවක් නැති තරං.

    හොඳ ලිපියක් සහෝ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති සහො pinch point එක පැත්තේ ගියා පළවෙනි වතාවට වටිනා ලිපි ගොඩක් තියෙන බ්ලොගයක්,
      ලිපි දෙකෙම සමානාත්මකතා බොහොමයක් තියෙනවා එත් ඇත්තටම pinch point ලිපියෙන් මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා,
      එ වගේම බොහොම ස්තුති සහො හැමදාම වගේ දෙන සහයොගේට එක ඇත්තටම ලොකු ශක්තියක්,
      ජයෙන් ජය සහො,

      Delete
  3. රස්ති උබ හිතට වදින්නම ලියලා තියෙනවා. බොරු කියන්නේ මොකෝ මට තාමත් බෑ ජාතික ගීය සිංහලෙන්වත් මතකයෙන් කියවන් එහෙව් අපි නොදන්න භාෂාවකින් දමිළ සහෝදරයන්ට කියන්න කීම කොච්චර අසාදාරනද???
    ජාතික ගීයේ කිසිවක් වෙනස් කරලා නෑ කියන භාෂාව විතරයි වෙනස් වෙලා තියෙන්නේ.. ඒකට මෙච්චර කෑ ගහන එවුන්ට රටේ තියෙන වෙනස් ප්‍රශ්න පේන්නේ නැත්තේ ඇයිද කියලා හිතෙනවා.
    ගොඩක් ස්තුතියි මචන්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති සහො,
      මටත් තියෙන ප්‍රශ්නයක් තමයි මෙච්චර ප්‍රශ්න තියෙන රටකට තවත් නැති ප්‍රශ්න ඇති කරන්නේ මොකටද කියලා,දැන් අර ඔපේරවක් අල්ලගෙන දගලනවා,
      බොහොම ස්තුති සහො දෙන ශක්තියට,
      ජයෙන් ජය

      Delete
  4. මේ බ්ලොගයේ අනිත් ලිපි බලන්න මරුයි. පොඩ්ඩක් වෙනස් කරන්න බැරිද.

    ReplyDelete