Tuesday 22 March 2016

ලංකා පුංචි තිර උරුමය වනසන ඉශි අම්මලාගේ ටෙලි කරුමය,

     එට්කා ශ්‍රී ලංකාවට එනවාලු මළ කෙලියයි ඔන්න ඔහේ තියෙන බොඩ් කැල්ලක් උස්සගෙන වරෙන් යන්න,අප්පච්චිත් කියනවා එට්කා ආවොත් අපේ රටට මහා විනාශයක්ලු වෙන්නේ,ඉන්දියාවේ මිනිස්සු ලංකාවට ආවොත් අපේ කොල්ලන්ට කෙල්ලන්ට රස්සාවල් නැති වෙයි අපේ එවුන් කොහේ කියලා යන්නද,එක නෙමෙයි ඉශිතාට මොනවා වෙයිද බං,රමන්ට කොහොමත් වටින්නේ නැ ඉශිතාට මෙහෙම කරන්න,පව් අප්පා ඒ අහිංසකි මගේ පපුවත් එක්ක මෙව්වා වෙනවා බං ඉශි අම්මා ගැන හිතද්දි,

        මේවා කොහෙත්ම විහිළු නෙමේය අද ලංකාව දුවන්නේ මෙසේය අපි කන මිරිස් කරලේ පටන් අදින ඇදුම පාවිච්චි කරන ෆොන් එක මේ හැම තැනම අරක් ගෙන ඉන්නේ ඉශි අම්මාලාය,නමුත් එට්කා එපාය එට්කා ආවොත් අපට කෙළවෙයිලුනේ,සිපා එට්කා එපා කියන එවුන් ඔය බොඩ් ලැලි උසන්න කලියෙන් ඉශි අම්මිලත් එ එක්ක සෙල්ෆි ගසන්නට පොර කැ එවුන්ය,

           මුල්ම වංගියේ මේ ලෙසින් ලාංකිය පුංචි තිරයට ආවේ ඕශින්ලාය,නයිට් රයිඩර්ලාය මිනිසුන් ජාතික රුපවාහිනිය වටේට එක් වි ඔශින් වෙනුවෙන් කදුළු හෙලුවේය ,මේසේ ආරම්භ වු විදේශිය හඩ කැවිමේ ටෙලි සංස්කෘතිය තිව්‍ර කලේ සිරසෙන්ය එලෙස ශාන්තිලා ප්‍රගතිලා ලංකාවට පය තැබුහ,ශාන්ති ඔශින්ට වඩා පට්ටය කොල්ලන්ට ගහන්නේ දුවන්නය,මේසේ සැම ගෙදරකින්ම ඉඩක් ශාන්තිලාට වෙන් විය,ශාන්ති,ප්‍රගති පවුලේ සාමාජිකයන් විය,මිට පසුව ලං වුයේ තුල්සිගේ කාලයයි,තුල්සි එක දිගට වසර අටක් පුංචි තිරය උලාගෙන කැවේය,


     ඒ කාලයේ පාසල් වල ඩේ කාඩ් උන්මාදයක් ආ යුගයයි,කොල්ලො සුපර් මැන් ස්පයිඩර් මැන් ලාගේ කාඩ් පොත් වල අලවා ගනිද්දි කෙල්ලො හොරෙන් හොරෙන් තුල්සිලාගේ මිහිර්ලාගේ කාඩ් පොත් අස්සේ කොට්ට අස්සේ දමාගෙන පෙම් කලේය,එ කාලයේ පාසල් අතරේ වඩාත්ම ජනප්‍රිය වුයේ ප්‍රවිනා-අනුරාධය,උන්ගේ ඩේ කාඩ් ගන්නට කොල්ලො කෙල්ලො පොර අල්ලන්නට විය,කොල්ලො කාමරයේ තිබු ස්පයිඩ මැන්ගේ රුපය උඩින් ප්‍රවිනාගේ රුපය අලවා ගත්තේය,

     තත්වය මෙසේ වෙද්දි සිරසෙන් තවත් අළුත් වැඩකට මුල පිරිය එ අනුව වසුදා පුංචි තිරයට පය තැබිය,මෙය සම්පුරණයෙන්ම හින්දි ටෙලි ආභාෂය අනුව නිපැයිනි,මේ ආරම්භ වන්නේ සිංහල මෙගා ව වංශයයි,

         මුලදි මේ සිංහල මේගාවට පට්ට විවේචන ආවේය,බොහො රංගන ශිල්පින් ශිල්පිනියන්,අධ්‍යක්ෂක වරුන් මෙයට විශාල විරොධතාවයක් දැක්විය,නමුත් සිරස මේවා තඹ දොයිතුවකට මායිම් නොකලේය,ඔවුන් ඊට ප්‍රතිචාර ලෙස තවත් මෙගා ටෙලි නාට්‍යය වලට කාලය වෙන් කෙරුවේය,මෙය ඉවසුම් නොවු ලාංකිය අධ්‍යක්ෂක වරුන් තමන්ගේ නාට්‍යවලට shape එකේ කොටස් විසි පහක් තිහක් add කලේය,ගැටළුව පටන් ගන්නේ මෙතනින්ය,

        මෙලෙස නාට්‍ය වලට shape එකේ කොටස් විසි පහ තිහ add වි කොටස් හත්සියය අටසියය දක්වා දික් වන්නට විය,එවිට ජිවිතේට තමන් මෙගා වල act නොකරනවායැයි දෙසාපු එවුන් හුදෙක් තම බඩ වියත රැක ගැනිමට පමණක්ම මේගා වලට සේන්දු විය,

         අද මේගා සිංහල ටෙලි කලාවට කෙලවා හමා එදා මෙගා එපා කිවු එවුන්ම අද මෙගා බදාගෙන ගුණාත්මක සිංහල නාට්‍යය කලාවක් වෙනුවෙන් පෙනි සිටිම හාස්‍යජනකය,නමුත් තත්වය මෙසේය tv චැනල් දුවන්නේ අනුග්‍රාහක වෙළෙද දැන්විම් මගිනි අනුග්‍රාහකයින් සිටින්නේ මිනිසුන් බලන ටෙලි නාට්‍යය වලටය එසේ නම් මිනිසුන් කට උඩ තියාගෙන බලන්නේ මෙගාය,ඉශි අම්මලා වෙනුවෙන් අනුග්‍රාහකයින් වැසි වසිද්දි ඇතැම් සිංහල ටෙලි නාට්‍ය වලට බල්ලෙක්වත් සොයා ගැනිමට නොහැකිය,මේ අද බොහෝ tv චැනල් වල ඉශි අම්මලාට තරගයට දමන්නේද ජොදාලාවය,ඉශානිලාවය සමහර කාල වලදි මිට අඩු වැඩි වශයෙන් ගුජුම් පියොලාද දායක වෙයි,එවිට ප්‍රිතියෙන් මුසපත් වි යන අනුග්‍රාහක් භවතුන්ගේ ජාත්‍යාලය වැඩි වි නරඹන්නන්ට දොත පුරා තැගි දිමට ගනි,සුපිරිය තැගි දෙනවා නම් ඕන ජරාවක් මසුරන්ය,නමුත් මේ ඉශි අම්මලා ජොදාලා tv අරක් ගන්නේ අවුරුදු හත අටකටය මෙයින් වැලකි යන්නේ සිංහල ටෙලි නාට්‍ය කරුවන්ගේ හැකියාවය,විකාශය කර ගැනිමට කාලය නොමැතිව සිංහල ටෙලි නාට්‍ය චැනල් වල පල් වෙයි තමන්ගේ මුළු සේසතම වියදම් කරගෙන කරපු නාට්‍ය නිකන් හෝ පෙන්වා ගැනිමට හෙට්ටු වන අසරණ නිශ්පාදකයන් අදද නාලිකා තුල දකින්නට ඇත,එසේම විකාශය වන ටෙලි නාට්‍යය වලට එක අධ්‍යක්ෂක කෙනෙක් තිරපිටපත් රචකයෙක් නැත,කතාව පටන් ගනිදිදි අධ්‍යක්ෂකවත් නාට්‍යයේ අවසානය නොදනි,ටෙලි නාට්‍ය මගදි ප්‍රධාන නිළිය ගැබ්බර උවහොත් අවුලක් නැත වෙන එකක් දමා act කර ගත හැකිය,මෙවැනි සිම්පල් පැල්න් තුලින් සිංහල ටෙලි නාට්‍ය මොට කර ඇත,මේ හේතු නිසා අද කලාකාරයෝ කුලි වැඩපලවල්වලය,

        එට්කා රටට සමජයට හොද නැත එයින් රටටත් සමාජයත් සිදු වන්නේ විශාල ව්‍යසනයක්ය,කතාව ඇත්තය තර්කයක් නැත නමුත් එට්කා වලින් අද සිදුවිමට යන විපතට වඩා ලොකු විපතක් මේ ඉශි අම්මලා නිසා ලංකාවට වසර ගණනක් තිස්සේ සිදු වේ,තරුණ අම්මලා බොහෝ විට මේ ගොන් හැලි නරඹන්නේ තම කුඩා දරුවාව ඔක්කේ ගසාගෙනය මෙයින් වෙන්නේ අම්මාට වඩා දරුවා මේ මගුල් වලට ලොල් විමය,ඇතැම් නිවස් වල අම්මාට කතාව යන වෙලාව මතක් කරන්නේ නසරි යන දරුවාය,මේ ලගකදි රස්තියාදුකාරයාගේ හොදම යෙහෙළියගෙන් ඉතාම සතුටු ආරංචියක් ලැබිනි,බහ තොරන වයසේ සිටි ඇයගේ නොදරුවා මුලින්ම කියා ඇත්තේ ඉශිතා කියා බවය,ඇයට මේ ගැන පට්ට සතුටුය,රස්තියාදුකාරයාට සතුට වැඩිකමට සිනා වෙන්නද හඩන්නද කියා සිතා ගැනිමටවත් නොහැකිය,

     ඉශි අම්මා පොර වෙන කතාවේ බොහෝ විට ආදරය පටලවා ඇත්තේ ලිංගිකත්වයත් සමගය ලංකාව වගේ සංස්කෘතිකත්වය පදනම් කර ගත් රටක දරුවෙකුට දෙමාපියන් සමග එක්ව මේවා නැරඹිය හැකිදැයි ඇත්තේ ලොකු ප්‍රශ්නයකි,

      එදා සිපා වලට අද එට්කා වලට එරෙහිව එසවුනු අත් කවදාවත් ඉශි අම්මලාට එරෙහිව නොඑසවේවි නමුත් ඔය සිපා වලට වඩා ලොකු විනාශයක් අද වන විට රටට ඉශි අම්මලා කර හමාරය,දේශිය කලා කරුවන් වෙනුවෙන් නොහැකිනම් ඉශි අම්මලාගේ අත් අල්ලන් විනාශයට පය තබන අපේ අනාගතය වෙනුවෙන්වත් එක අතක් ඔසවන මෙන් එක හඩක් නගන මෙන් ඉල්ලන්නේ,ඇතැම් විට මෙය මෙසේ හඩ නැගිමට හම්බවෙන අවසන් කාලය විය හැකි බැවිනි,
         


                   බy රස්තියාදුකාරයා,


29 comments:

  1. බලෙන් පටවපු මනස්ගාත බිම දමන්ට අපේ මිනිස්සුන්ගේ ඔලුව නැමෙන්නෑ

    ReplyDelete
    Replies
    1. ඉතාම ආදරයෙන් සුරංග තුමාව මේ පැත්තට පිළිගන්නවා,
      මටත් හිතෙන්නේ සමහර මිනිස්සු එවාගෙන් මිදෙන්න උත්සහකරත් එ මිනිස්සුන්ට තොර ගන්න විකල්පයක් නැ,මේ වගේ හේතු නිසා මිනිස්සු අකමැත්තෙන් හරි මෙවාට යොමු වෙනවා,
      ජයෙන් ජය

      Delete
    2. මට පේන්නෙ මේව ඉන්දියාවෙ සමහර ලෙඩ වලට දීපු බේත්. ඉන්දියාවෙ කාන්තා ප්‍රශ්න ගැන කතා කෙරෙනව. ලංකාවෙ ඒ ලෙඩ නැතත් අනුන්ගෙ බේත් බල්ලෙන් බොනව. අතුරු ආබාධ ඇතිවිය හැකියි.

      Delete
    3. සිව්වෙනි මානය ඉතාමත් ආදරයෙන් මේ පැත්තට පිළිගන්නවා,
      එක නම් ඇත්ත කතාව ඉන්දියානු පුරුෂ මුලික සමාජෙ අනුව කාන්තාවන්ට හරි තැනක් ලැබිලා නැ තාම,එ අසහනය එහේ කාන්තාවෝ නැති කර ගන්නේ මේවා බලලා අපේ එව්වෝ අසහනයට පත් වෙන්නේත් මේවා බලලා,

      Delete
  2. ලංකාවට ඉන්දීය මෙගා ටෙලි නාට්‍ය කලාව පැමිනියේ මෙරට අධ්‍යෂ වරුන්ගේ,තිර රචකයන්ගේ හා නිපාදකයින්ගේ වරදකිනි...ගුනාත්මක හා තත්වයෙන් ඉහල නිර්මාන රූපවාහිනියෙන් නොලබන කල ප්‍රශ්ශකයා රූපවාහිනියෙන්(නාට්‍ය වලින්) දුරස් වන්නට විය...කෙසේ වෙතත් ප්‍රශ්ශකයා ඇදබැඳ තබා ගැනීමට රූපවාහිනී නාලිකා වලට අවශ්‍ය විය එයට විකල්පයක් ලෙස ඉන්දීය මෙගා නාට්‍ය මෙරටට් පැමිනිනි....කෙසේ වෙතත් ඒවායේ ගුනාත්මක හරයක් නැතත කුනු වල්පල් නිවසේ ඇඹිනිය රූපවාහිනියට ඇද බද තබා ගැනීමට සමත් විය..

    ReplyDelete
    Replies
    1. රසික තුමාව ඉතාම ආදරයෙන් මේ පැත්තට පිළිගන්නවා,
      එක ඇත්ත රසික තුමා මිනිස්සුන්ට හරි රසවින්දනයක් ලබා දෙන්න තරම් ප්‍රභල ටෙලි නිර්මාණ එ කාලයේ බිහි නොවිමත් මිනිස්සුන්ට මේ කතා වෙතට ඇදිමට හේතුවක් වුනා,ඒ කාලයෙත් පොඩි කල්ලි වදයක් තිබුනා මයේ හිතේ,මේ චැනල් එකේ මේ වෙලාවට මේ ඩිරෙක්ටර්ගේ කතා විතරයි මේ නාට්‍යයේ රගපාන්නේ මේ කට්ටිය විතරයි වගේ දෙයක් තිබුනා සහ තාමත් තියෙනවා මේ හේතු නිසා මිනිස්සුන්ට අළුත් දේවල් බලන්න හම්බවුනෙත් නැ,හැබැයි දැන් ඔය ඉශි අම්මලාගෙන් වෙන සමාජ පරිහානිය ලෙසි නැ,

      ජයෙන් ජය රසික තුමා දිගටම එන්න ඔනා,

      Delete
  3. උගත්, නුගත් ගැහැණු හැමෝම මේවට ඇබ්බැහි වෙලා.

    ReplyDelete
    Replies
    1. ආයුබොවන් ලලිත් තුමා කාලෙකින්නේ මේ පැත්තට ආවේ ආදරයෙන් පිළිගන්නවා,
      උගත් නුගත් හැමොම මෙවාට ඇබ්බැහි වෙලා ඉන්නේ ලලිත් තුමා,විශේෂයෙන්ම පාසල් ගුරුවරියො මේවට ලොකු ඇබ්බැහි විමක් තියෙනවා,සමහර ගුරුවරියන්ට පාසල් විවේක කාලයේදි මාතෘකාව වෙන්නේ රමන්ලාගේ ඉශිතලාගේ පවුල් ජිවිත,ගුරුවරුම එහෙම නම් අනිත් මිනිස්සු ගැන කවර කතාද ලලිත් තුමා හැබැයි මේ ඇබ්බැහි විමට ලංකාවේ අධ්‍යක්ෂකවරු එහෙමත් වගකියන්න ඕනා,
      ජයෙන් ජය ලලිත් තුමා,

      Delete
    2. නෑ ලලිත් . සිරස බලන්නෙ සමාජයෙ ලුම්පන් ජනකොටස්. පැල්පත්වාසීන්ට ඔය ගොන් ජරාව නැතිවම බෑ.උගත් මධ්‍යම පන්තියෙ අය සිරසෙ ගූ කතා බලනව අඩුයි. ඉස්සර වෙන විකල්ප නැති නිසා කවුරුත් බැලුව.

      Delete
    3. අපේ ටෙලි නාට්‍ය වලට තාමත් නිර්ධන බහුතරය අතරට යන්න බැරි වෙලා තියෙනවා,බොහෝ විට වතුකර ජනතාව හින්දි කොරියන් කතා අගය කරමින් බලනවා,ලංකාවේ කොච්චර නාට්‍ය ගැහුවත් මේ ඇබ්බැහි විමේන් ඔවුන්ව මුදව ගන්න එක ලේසි නැ,

      Delete
  4. මචං..
    මෙහෙම දෙයක් තියෙයි... මේව ප්‍රතික්ෂේප කරන්න ඕන ටෙලානාට්‍ය වල රගපාන අය විතරක් නෙවෙයි. ඒ අය මෙගා වලට විරෝධය දක්වන ගමන් හොද සමාජ මතයක් ඇති කරන්න ඕන ලංකාවට මෙගා වලින් වෙන යහපතක් නොවෙන වග සහ කොටස් සුළු ප්‍රමාණයකින් යුක්ත හොද මට්ටමේ නිර්මාණ වලට දායක වෙන ගමන් ඒවට ප්‍රචාරයක් දෙන්න ඕන. බලපං ලංකාවෙ උං රගපානව සල්ලි ගන්නව පැත්තකට වෙනව. ඩිරෙක්ටයි ප්‍රඩියුසයි දෙන්න අරක උස්සං යන්න ඕන. අරුං ටික අර ටෙලිය ගැන පොඩි හරි ප්‍රචාරයක් දෙනවච නෑනෙ. අඩු වැඩිව ඔය හැම එකාටම බුකි ක්‍රවුඩ් එකක් ඉන්නව. ඒ මගින් තමන්නෙ නිර්මාණ ප්‍රචාරය කරන්න පුලුවන් නෙ.. නේහ්..

    අන්න එතකොට මචං ජනතාව අතර සුළුනේ හරි මතයක් හදාගන්න පුලුවන් නං ඉන්දියන් මෙගා වලට වඩා ලංකාවෙ හදන ඒවට තැනක් දෙන්න එතකොට ජනතාව ලව්වම පුලුවං මේව ප්‍රතික්ෂේප කරන්න. එහෙම වුණාම ක්‍රවුඩ් බැස්සාම ටීවී කාරයො දුර්වල වෙනව මොකද උංට ඕන රේටිංස්. රේටිංස් බැස්සම කතා ඉබේම නවතිනව. ඒ තත්වෙට ගන්න පුලුවං අපේ තක තීරු නළු නිළියන්ටයි අපේ ජනතාවටමයි.
    චැනල් කාරයන්ට ඕන සල්ලි. උං ඒ වෙනුවෙන් බල්ලො **න ඒව හරි පෙන්නයි. අපි දැනගන්න ඕන අපිට ගැලපෙන දේ

    ReplyDelete
    Replies
    1. සිරසෙ ඔය වැඩේට විරෝධතා එනකොට උන් තව හිතුවක්කාර උනා. ඊට පස්සෙ මේ ශෛලියට දිනපතා කතා වෙනත් චැනල්වලිනුත් පෙන්නන්න ගත්තම ඉන්දියන් ජරාවට හුරුවූ යම් පිරිසක් මුදවාගන්න ලැබුන. ඉන්දියන් කතවල වෛරය පලිගැනීම ,අභව්‍ය සිදුවීම් පිරිල.ඊට සාපේක්ෂව දේශීය කතා හොදයි.
      දැන් සමාජ ජාල ප්‍රබල නිසා මොකක් හරි කරන්න බැරිවෙන එකක් නෑ.

      Delete
    2. ගහන එකනේ වෙන්නේ එක ඇත්ත මහේෂ් සහෝ ලංකාවේ නළු නිළියෝ වැඩ කරන්නේ පැකේජ්ජ් ක්‍රමයකටනේ මේ ටෙලිය උදේ රගපැවා දවල්ට වෙන එකක් හවසට වෙබ එකක් රැට වෙන එකක් උන් බලන්නේත් නැ උන් රගපාපුවා මෙතනදි ගොඩාක් වෙලාවට ඩිරෙක්ටර් කරන්නේත් අත පිහිදගන්න එක නිෂ්පාදකට තමයි කට්ට,අනිවාර්යෙන් සමාජ ජාල හරහා ලොකු දෙයක් කරන්න පුළුවන් එත් කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැ,
      හැබැයි මටත් හිතෙන්නේ අපිට හරි විකල්පයක් නැ ලංකාවේ සිංහල ටෙලි නාට්‍යකට කියල,ා සිංහල නාට්‍ය කිව්වොත් සුජිවගේ නව කතා ටික පතුරු හන එකනේ වෙන්නේ සහෝ

      Delete
    3. සිරස කියන්නේ කොහොමත් විරෝධතා වලට ඇහුම්කන් දෙන චැනල් එකක් නෙවෙයිනේ මුලින්ම සුපර්ස්ටර් වලට කොච්චර කේස් ආවාද එත් දැන් සිරසට වඩා එවා කරන්නේ එදා එවට කැ ගහපු මාධ්‍ය,ඇත්තටම දැන් සිරසට වඩා ඔය හින්දි මගුල් පෙන්නන්නේ අනිත් චැනල් වල,සිරස දැන් සුජිවගේ නව කතා පට්ට ගහනවා,

      Delete
  5. මම ඔය ඉෂිතා කියන නම දැනගත්තෙ ඒ ගෑනි ලංකාවට ආපු දා. මම සිරසෙ කිසිම ජරාවක් බලන්නෙ නෑ.හැබැයි ඉස්සර අපේ ගෙදර අය මේව බලපු නිසා මම යාන්තමට කතා දන්නව. ඕක පටන් ගත්තෙ ශාන්තිකතාවෙන්. ඈ බන් ප්‍රගති කියල කතවක් මට මතක නෑනෙ.එහෙමත් එකක් ගියාද

    ReplyDelete
    Replies
    1. සිරසෙන් කොහොමත් ඔය හින්දි කතාවල රගපාන එවුන්ව ලංකාවට ගෙන්නනවනේ සහෝ කාලයක් තුල්සි ඇවිත් ගෙවලුත් බෙදුවානේ,
      සිරසට මුලින්ම ආවේ ශාන්ති ඊට පස්සේ මට මටක හැටියට ප්‍රගති එකෙත් හිටියේ මන්දිරා බේඩි,ඊටත් පස්සේ එක අහසක් යට්ම්ට කියලා එකක් ගියා එත් මිනිස්සු ඒ කතාඅ ප්‍රතික්ෂේප කලා මොකද ඒ කාලේ තිබුනේ මන්දිරා උන්මාදයක්,පස්සේ තුල්සි ආවා එත් එක්කම ප්‍රවීනා ආවා දැන් ස්වප්නා,ඉෂිතා,අතර මැදින් චිත්තිලාත් ආවා ඉතිං,සිරස රන් දෙපැයෙන් තමා මුලින්ම සිංහල මේගා හදුන්වලා දුන්නේ වසුදා,කාව්‍යා,කිදුරංගනා වගේ හින්දි ආභාෂය අරන් සිංහල ටලි ගහලා,ගොඩක් වෙලාවට ශාන්ති ප්‍රගති කතා දෙකේම හිටියේ එක නළු නිළියෝ එක නිසා එච්චරම වෙනසක් හොයා ගන්න බැරිවෙනවා සහෝ,
      දිගටම මේ පැත්තේ එන්න සහෝ,
      ජයෙන් ජය,

      Delete
  6. ඕක මන් නං හිතන්නේ මිනිස්සුම වරද්දගත්ත තැනක්.තමන්ගේ රටේ දේ අගය කරන්න බැරි තත්වයක තියනවනං,එකත් බාල විදියට ඒකාකාරිව දෙනවනං වෙන විදියකට තියන ඕන කුණු හට්ටියක් ඔලුවේ දාගන්නවා.හැබැයි ආයෙත් අපේ හොද දේවල් දැක්කත් මිනිස්සු ඒක පිළිගන්න ලැස්ති නෑ.ඒ වෙනකොට අරවට ඇබ්බැහි වෙලා ඉවරයි.ආයෙත් මිනිස්සු හැරෙන්නේ නෑ කියල දැනගත්තම හැමෝම ඒගොල්න්ගේ වාසියට අර පැත්තටම හැරෙනවා මිසක්,ඒක ඕනේ නෑ අපේ දේ ට හුරු කරවන්න උත්සහකරන්නේ නෑ.
    හැබැයි බලන එකා ඕව කොච්චර එපා කිව්වත් බලනවා වගේම,බලන්නේ නැති එකා මොකක් කිව්වත් බලන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ගිම්මි ලංකාවේ හරි ටෙලි නාට්‍ය නැ මිට කාලෙකට ඉහතදි එලෙවල් ඉවරයි කියලා නාට්‍යක් ගියා ඒ කාලේ ඒ නාට්‍ය නොබලපු මනුස්සයෙක් නැති තරම්,එතකොට ජැක්සන් මහත්තයාගේ අප්පච්චි නාට්‍යත් මිනිස්සු ආදරෙන් වැලද ගත්තා නමුත් ලංකාවේ සිංහල ටෙලි නාට්‍යක් හරියට වෙනවාද කියලා සැකයි,ලංකාවේ හරි ටෙලි නාට්‍ය හැදුනොත් මිනිස්සු අනිවාර්යයෙන්ම එවාට හුරු වෙයි එත් ලංකාවේ එ වගේ නාට්‍ය හැදෙයිද කියන්න දන්නේ නැ,ජයෙන් ජය ගිම්මියෝ

      Delete
  7. උදේ පාන්දරම ගෙදරින් ගිහිල්ලා කළුවර වැටෙනකොට ගෙදරට එන හෙම්බත්විච්ච මිනිස්සුන්ට සමාජීය ප්‍රශ්ණ බර වැඩියි බං.පලිඟු මැණිකේ, ඇල්ල ලග වලවුව යන කාලේ තිබුන සමාජය නෙමෙයි දැන් තියෙන්නේ.දැන් මිනිස්සුන්ට තියන ප්‍රශ්ණ ඕනෑවටත් වඩා වැඩියි.ඒ නිසාම මිනිස්සු සරල රසාස්වාදනයට ඇබ්බැහිවෙලා.ටෙලි වලට විතරක් නෙමෙයි.සංගීතය, නැටුම් කියන සමස්ත කලාවටම සිද්දවෙලා තියෙන්නේ මේකයි.චිත්‍ර කලාවට විතරක් තාම මේක බෝවෙලා නෑ.ඒ මෙලෝ දෙයක් නොතේරෙන බලි කුරුටුවක් එල්ලගත්තහම හෙන පොෂ් කියලා මිනිස්සු හිතන නිසා.නැතුව රසාස්වාදනය නිසා නෙමෙයි.අනික තමයි අවර ගනයේ ලා සැලකෙන නිර්මානයකට දායක නොවී වෘතීමය කලාකරුවන්ට අද ජීවත්වෙන්න විදිහක් නොමැතිවීම.ඉතින් ඔය ප්‍රශ්න ඔක්කොම විසදෙනකම් ඉශී අම්මලා සාලෙට වෙලා අපේ මිනිස්සුන්ට ආතල් දෙයි.

    ReplyDelete
    Replies
    1. ඉතාම ආදරයේන් කටුසු තුමාව මේ පැත්තට පිළිගන්නවා,
      එ කතාව ඇත්ත කටුසු සහෝ,මේවා විසදන්න නිර්මාණශිල්පින්ගෙන් වත් ඇමති කෙනෙක් ගෙන්වත් කිසිම සහයොගයක් නැ,ටිවි චැනල් වල සහයොගය කලා කරුවන්ට තිබුනොත් ගොඩක් දුරට මේ ඉශි අම්මලට වඩා හොද නිර්මාණ කරන්න පුළුවන් එත් කවදා එ වගේ සද්කරුණාවක් ටිවි චැනල් වලට එයිද මන්දා,
      දිගටම එන්න කටුස් සහෝ,
      ජයෙන් ජය,

      Delete
    2. පළිඟු මැණිකෙ එකේ වත් ඇල්ල ළඟ වළව්ව එකේවත් රසිකයන් වෙහෙස කරවන සමාජීය ප්‍රශ්න තිබුණෙ නෑ කටුස්... එව්ව තිබුණෙ දුන්හිඳ අද්දර, තව අර සෙලින්කෝ ඇඩ් ටිකක් තිබුණෙ දූදරුවෝ, අහිංසගෙ කතාව (මට නම මතක නෑ) වගේ එව්වයෙ. ඇල්ල ළඟ වළව්ව වගේ එකක් ආයෙත් කළොත් මිනිස්සු ආයෙත් බලනව ශුවර්...

      Delete
    3. ඒක ඇත්ත ඩ්රැකි තුමෝ ඔය කියන්නේ නාලන් මෙන්ඩිස් මහත්තයා චන්නලාව,යාශෝදලාව දාලා කරපු ඩ්‍රාමා ටික නොවැ,එවාගේත් පොඩි හින්දි ආරක් තිබුනා වෙනසක් නිසා අපේ මිනිස්සුත් පොර කකා ඔවා බැලුවේ,පස්සේ එතුමන්ලාම මෙගා වලට විරුද්ධව කැරලි ගැහුවා නොවැ,මටත් හිතෙනවා ඇල්ලේ ලග වලව්ව වගේ නිර්මාණයක් තුළින් මිනිස්සුන්ව අපේ නාට්‍ය වලට හුරු කරව ගන්න පුළුවන් වෙයි කියලා,

      Delete
  8. හොඳ කලා කෘති තිබුණ. ධවල රාත්‍රිය, ඇල්ල ළඟ වළව්ව, කඩුල්ල, නාඳුනන පුත්තු, වෙද හාමිනේ, පළිඟු මැණිකෙ... ආදී වශයෙන්. වැඩේ තියෙන්නෙ මෙව්ව හොඳයි. ස්පොන්සර්ල නෑ. ස්පොන්සර් කරන්ඩ එක්කො සෙලින්කෝ එකේ දීර්ඝ කාලීන ඇඩ් එකක් වෙන්ඩ ඕනෙ (අර දූදරුවෝ වගේ). නැත්තං කොමඩි සහිත සරළ ප්‍රේම කතාවක් වෙන්ඩ ඕනෙ (හිරුට මුවාවෙන් වගේ)... ඔය ක්‍රමය විකාශය වෙලා තමයි මේ තත්ත්වය ඇති උනේ.

    මේක ස්පොන්සර්ලගෙ වැරැද්ද නෙමෙයි. බහුතරය ඉල්ලන්නෙ ඔව්ව. රසිකයන් ගෙ මොළය දියුණු කරන කතා නැගල යන්නෙ නෑ. අමාරුවෙන් තේරුම් ගනිමින් නාට්‍ය බලනවට වඩා සරළ රසවින්දනාත්මක කතා බලන එක ලේසියි. මේක වෙළෙඳපොළ නැඹුරු ආර්ථිකයෙ එක ලක්ෂණයක්.

    ReplyDelete
    Replies
    1. ඉතාමත් ආදරයෙන් ඩ්රැකි තුමාව මේ පැත්තට පිළිගන්නවා,
      ඒක ඇත්ත ඩ්රැකි තුමෝ මිනිස්සු ප්‍රශ්න වලින් මිදෙන්න මේ වගේ සරල රස වින්දනයක් හොයා ගන්නවා එත් අන්තිමට ඉශි අම්මලාගේ ප්‍රශ්නත් තමන්ගේ කර ගන්නවා,අනුග්‍රාහකයෝ විසින් තමා කතාව තිරණය කරන්නේ කොටස් ගාණ තිරණය කරන්නේ,මේ නිසා ගොඩාක් හොද කතා නිකම්ම කුණු ගොඩට විසික් වෙනවා,මේ හින්දි කතා වලින් සිදු වෙන සංස්කෘතික හානියත් සුළුපටු නැ ඩ්රැකි තුමෝ,දැන් නම් රජයෙන් මේවා නවත්තන්න වැඩ පිළිවලක් පටන් ගන්නවායි කියලා පොඩි ආරංචියකුත් තියේනවා ඒක එහේම වුනොත් ආයිත් පාරක් නිර්මාණශිලි නාට්‍ය කලාවක් බිහි වෙයි,
      ජයෙන් ජය ඩ්රැකි තුමා,

      Delete
  9. මේ මේ ...මේ අර නෙලුම් යායෙදී මට හම්බුන රස්තියාදුකාරයද ? මෙච්චර දවස් බ්ලොගේ හෙව්වා අද හම්බුනේ මේ එයාමද දන්නෑ :/

    ReplyDelete
    Replies
    1. ඉතාමත් ආදරයෙන් හංසි තුමිව මේ පැත්තට පිළිගන්නවා,
      නෙළුම් යායේදි හම්බවුනේ මේ රස්තියාදුකාරයාවම නොවැ හංසි තුමි,බොහොම අමාරුවේන් මග සොයා ගෙන ආවාට ගොඩාක් ස්තුති හංසි තුමි,මටත් ඒ පැත්තේ එන්න බැරි වුනා නෙව,දැන් දිගටම එන්නම්කෝ හංස නිර්මාණ කියවන්න,
      ජයෙන් ජය හංසි තුමි,

      Delete
    2. //තුමී ... හපොයි නිකන් අවුල් වගේ එහෙම කියද්දි :P

      Delete
  10. පරමාදයට සමාව භජනය කරමි . බොහොම අපූරු මාතෘකාවක් සහෝදරයා ! මට මෙහෙම හිතෙනවා . එක දැන් සමාජය බොහොම සංකීර්ණයි.මිනිස්සු ඉන්නෙ පීඩනයෙන් . ඉතිං හොයන්නෙ ඔළුවට යමක් නෙමෙයි . කටගැස්මට යමක්!දෙක කාලයක් තිස්සේ හරවත් ොවන නිර්මාණ බලලා බලලා මිනිස්සු ඒකට ඇබ්බැහි වෙලා. තුන සාරවත් යමකට වඩා ඉල්ලුමට සැපයුම කරන්න නිර්මාණකරුවන් පෙළඹිලා.

    ReplyDelete
  11. මේකනේ මචන්, ලංකාවේ මිනිස්සුන්ට ඕනා ගෙදර ඉන්න ටිකේ ගෙදර ප්‍රශ්න ටික අමතක කරලා ඔලුව සිවප්නට මොකද උනේ කියන එකෙන් කුරවල් කර ගන්න, මෙගා නාට්‍ය මිනිස්සුන්ව යතාර්ථයෙන් ඈත කරලා ප්‍රශ්න වලින් පැනල යන්න පොඩියට හරි පාර කියනෝ, ඒ වගේම බොළඳ රස වින්දනයත් එක්ක ගොඩක් මිනිස්සු විකුර්ති අසාවනට පෙළඹෙනවා. මිනිස්සුම හරි වැරැද්ද තොර ගන්න ඕනා, හැබැයි මෙහෙමයි ඔකේ මාකටින් පාර්ට් එක බැලුවම අතිසාර්ථකයි, සමහර මාධ්‍ය ආයතනවලට පුළුවන් එයාලට ඕන දේ මිනිස්සුන්ට දෙන්න, ඒ දේවල් මිනිස්සු වැළඳ ගන්න තත්වෙට පත් කරන්න, මිනිස්සු කැමති දේට වඩා තමන් විකුනන්න අදහස් කරන දේ විකුනන්න පුලුවන්නම් වෙළඳ පල ප්‍රචන්න්රණයට යන වියදම මිනිස්සුන්ගෙන් ෆීඩ් බච්ක් එකක් ගන්න යන වියදම අඩුයි, ඒවත් අසීමාන්තික ලැබ වලට හේතු වෙනව, මුදල් මත පදනම් වෙච්ච කලියුගයේ ඕව ඔහොම වෙනවා බ්‍රෝ, මොකද අහසේ දෙයියෝ නෑ, තද තද ජාති ජාති, :D

    ReplyDelete